සිරියානු රජයේ හමුදා එරට කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් ඊයේ (6) දිගට හරහට පහර දෙන්නට පටන් ගත් අතර එම ප්‍රහාර හමුවේ පසුබැසීමට කැරැලිකරුවන්ට සිදුවිය.
|
සිරියානු රජයේ හමුදා සෙබළුන් |
සිරියා රජයේ හමුදා එම ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ සිරියා ලෙබනන දේශසීමාවේ පිහිටි ක්වසාර් නගරය කැරැුලිකරුවන්ගෙන් මුදා ගැනීමෙන් ලැබූ පන්නරයෙන් පසුවය.
සිරියානු හමුදාව ඊයේ එල්ල කළ ප්‍රහාරවලින් කැරැලිකරුවෝ 200 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.
බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් කියා සිටියේ, ක්වසාර් නගරය අත්පත් කර ගැනීමෙන් පසු සිරියා රජයේ හමුදා කැරැුලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින සෙසු නගර ද යළි අත්පත් කර ගැනීමට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවය.
එම මෙහෙයුමේදී සිරියානු හමුදාවට සහාය දෙන්නෝ අසල්වැසි ලෙබනනයෙන් පැමිණ සිටින හිස්බුල්ලා සංවිධානයේ සටන්කාමීහුය.
ක්වසාර් නගරය මුදා ගැනීමේ මෙහෙයුමේදී හිස්බුල්ලා සටන්කාමීන්ගේ සහාය තමන්ට නොඅඩුව ලැබුණු බව ද සිරියානු රජය පවසා ඇත.
සිරියානු හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් ක්වසාර් නගරය මුළුමනින්ම පාහේ විනාශ වී ඇතැයි ද පැවැසෙයි.
මේ අතර සිරියාව සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භවීමට නියමිතව තිබූ ජාත්‍යන්තර සාම සමුළුව ලබන ජූලි මාසය තෙක් කල් ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිරියාව වෙනුවෙන් පත් කරනු ලැබ සිටින විශේෂ සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමි ප්‍රකාශ කළේය.
එම සාම සමුළුවට සිරියානු කැරැලිකරුවන්ට හිතවත් ඇමෙරිකාව, ප්‍රංශය සහ බි්රතාන්යයත් සිරියානු රජයට හිතවත් රුසියාවත් සහභාගී වීමට නියමිතව සිටි නමුත්, පවතින මත ගැටුම් හේතුවෙන් සමුළුව ජූලි මාසය තෙක් කල් ගිය බව බ‍්‍රහීමී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසු බහින එකත් යුධ උපක්‍රමයක් (දී)
සුද්ද බංගවේවා සිරියාවට ජය වේවා. රුසියානු මිසයිල ටිකත් අරගෙන වනලා දන්නා තියෙන්නේ කොනක ඉදල ඇමරිකාවට යනකම්ම සුද්දගේ දෙබිඩි ප්‍රතිපත්ති ත්රස්තවාදීන්ට ආයුද බෙද බෙදා රටවල් ගිනිතියලා හොද මිනිස්සු වෙන්න යනවා .(නදී)
එන්.ජී.ඕ නඩ වලට සහ ඩොලර් වලට රට ගිනිතියලා දැන් ඉතින් කාපන් පරිප්පු. කොටාගෙන කොටාගෙන ගිහින් කෙහෙල් ගහට කෙටුව නිසා හොට පැටලිලා. ඔතන ඉන්න කැරලි නායකයෝ ටික පැනගනීවී පිට රටට. අනෙක් එවුන් ඉතින් ජීවිතේටම හිරබත් තමා. මේවා අපේ රට කන්න බලාගෙන ඉන්න අයටත් හොද පාඩම්.(නදී)
සුද්දා කොහොමත් කපටියා. ඒක නෙමෙයි, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. සියල්ල මවපු දෙයියෝ කෝ? (නි)
සුද්දා කොහොමත් අනුන්ගේ දේවල් සුද්ද කිරීමට කැමැතියිනේ (නි)
වරුණ, ඔයා හරි කියලා මමත් හිතනවා (නි)
ඇමෙරිකාවට හමුදාව එහාට දාගන්න බැරුව ඉන්නේ. ඊශ්‍රායලය විතරය් බේතට හරි ඉන්නේ දැන්. (නි)
පරමාණුවක් ගහල දාන්න ඔය අන්තවාදියෝ අතුගෑවිලාම යන්න. (ස)
ඔවුන්ට සැපෙන් ඉන්නට අපි හැමදාම දුකෙන් සිටිය යුතු නැත. සිරියාව හරි හෝ වැරදි හෝ හැදිය යුත්තේ ඡන්දයකින් මිස බටහිරට අවැසි යුද්ධයකින් නොවේ. (නි)