සටන් විරාමය පසෙක තබා සිරියා හමුදාව කැරලිකරුවන් ඉලක්ක කර ෂෙල් ප්රහාර එල්ල කරන බව එරට සිටින මානව හිමිකම් ක්රියාකාරීහු පවසති. ප්රහාර එල්ල කෙරෙන්නේ සිරියාවේ අගනුවර වන ඩැමස්කස් නුවරට හා කැරලිකරුවන් ග්රහණයේ පවතින ඇලෙප්පෝ ප්රාන්තයේ ඇතැම් ස්ථාන වලට බව වාර්තා වේ. මුස්ලිම්වරුන්ගේ හජ් උත්සව සමය නිමිත්තෙන් සිරියා ජනපති බෂාර් අල් අසාද් ගේ හමුදා හා බෂාර් අල් අසාද්ට එරෙහිව අවි අතට ගෙන ඇති සිරියා කැරලිකරුවන් අතර පසුගිය සිකුරාදා (26) සිට කි්රයාත්මක වන පරිදි දින හතරක සටන් විරාමයක් දෙපාර්ශවයේම එකගතාවයකින් අනතුරුව ප්රකාශයට පත් කැරිණි. එක්සත් ජාතීන්ගේ විශේෂ සාම දුූත ලක්ඩාර් බ්රහීම් ඊට මුල්වීය. නමුත් දෙපාර්ශවයේම ක්රියාකලාපය හේතුවෙන් සටන් විරාමය පුස්සක් බවට පත්ව්ය. සටන් විරාමය ප්රකාශයට පත් කළ දිනයේම සිදුවූ ගැටුම් වලින් 150 ක් පමණ දෙනා මියගිය බව සිරියා ආරංචි මාර්ග සදහන් කරයි.පසුගිය සිකුරාදා ඩමස්කස් නුවර අධිබල කාර් බොම්බයක්ද පුපුරා ගියේ හතර දෙනෙකුට මරු කැදවමිනි. (කෝ වි ගු)
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිකරන්නන්ට සමාවක් නැත. (නි)
නියමයි. ඔහොම යමු. (නි)
හජ්ජි වලට කපපු සතුන් ගණනටම වැඩේ වුණා නම් තමයි හොද. (නි)