සිරියාවේ පවතින ගැටුම් හේතුවෙන් මේ දක්වා 93000ක් ඝාතනය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.
සිරියා යුද්ධයකට මැදිහත් වන බව ඇමෙරිකාව අනතුරු අඟවයි.
කැරලිකරුවන්ට එරෙහිව සිරියා රජය රසායණික අවි යොදා ගනිතියි ඇමෙරිකාව කියයි.
පසුගිය ජනවාරි මාසයේ කළ ගණනයට වඩා මෙය 30, 000කින් ඉහළ අගයක් ගන්නා බවත් සිරියාවේ මසකට අවම වශයෙන් 5000ක් ඝාතනය වන බවත් එජා සංවිධානය කියයි.
මියගිය අයගෙන් සියයට 80ක්ම පිරිමින් වන නමුත් අවුරුදු 10ට අඩු දරුවන් 1700ක් ඝාතනය වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විමතිය පළ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන් ඔයා හරි. ඇමරිකාව තමා ඉන්නේ ඔය කියන කල්ලි වලට පිළිතුරු දෙන්න (නි)
ඇමෙරිකාවට ඉස්සෙලම රැවටුනේ රතු ඉන්දියන් මිනිස්සු. අන්තිමට රැවටෙන්න යන්නේ ඉන්දියාව. රුසියාවත් එක්ක එකතු වෙලා විතරයි ත්‍රස්තවාදය නැති කරන්න පුළුවන්. ඇමෙරිකාව කියන්නේ බාගයක් ත්‍රස්ත වාදී.(නදී)
නාලක ඔයාගේ තාත්තා දෙමළද නැත්නම් එන්.ජී.ඕ කාරයෙක්ද?(නදී)
මම හිතන්නේ ඇමෙරිකාව දැනටමත් පරක්කු වැඩි.(අ)
අයුක්තියට,අසාධාරණයට,අධර්මයට යටත්වෙලා ජීවත්වෙනවට වඩා යුක්තියෙන් ධර්මයෙන් ජීවත්වෙලා මැරුණත් සැපයි. (නි)
නිමල්ගේ කතාව විතරයි මෙතන තේරුමක් තියෙන කතාවකට තියෙන්නේ.(නදී)
වැලේ වැල් නැතත් සිංහ කතා කියන්න දක්ෂ අපි සිංගප්පුරුව, කොරියාව ආදර්ශෙට ගෙන රට ගැන හිතා ඇමරිකාවට කඩේ ගොස් හෝ රට දියුණු කරමු.රුසියාව පස්සේ ගිය එක රටක්වත් ගොඩ ගිහින් නැහැ. (නි)
මට බනින අයගෙන් මම අහන්නේ 83 දෙමල සංහාරේට විරුද්ධව එක සිංහලයෙක් ගත්තු ක්‍රියාමාර්ගයක් කියන්න.කාපු බත්පිගාන හෝදන්න බැහැ කියලා උද්ගොශනේ කරන සේවකයෝ ඉන්න රටක්නේ මේක. ඔවුන්ට වන්දි දුන්නද? අපරාදකාරයන්ට දඩුවම් දුන්නද? (නි)
මාලක ඔයා කන්නේ බත්ද ? (අ)
සදරුව හමුදා කඳවුරක් හදා ගන්න දුන්න නම් අපටත් ඇමරිකාව ආදරේ කරයි නම් දෙමුකෝ. මොකෝ සිංගප්පුරුවට කොරියාවට ජපානෙට වැරදිලා තියනවද. එහෙම හෝ දියුණු උනොත් ගැණු රටපටවන්න වෙන්නෙත් නෑ. මොකෝ දැන් කියල ඇමතිලා ඉදන් හොරෙන් ලියාගන්නේ නැද්ද? ඉන්දියන් හමුදාව මෙහෙ ආවේ නැද්ද(අ)
මාලක මල්ලි , ඔයාගේ අදහස් ලස්සනයි.මට සිලුටුයි.ලාමකයි.ඔයා ඉපදුනු අවුරුද්ද කියන්න පුලුවන්ද? (නි)
ඇමරිකාවට වහින වෙලාවට අපේ කට්ටිය ඔවුන්ට කුඩ ඉහලනවා. ඇමරිකන් මිනිස්සු නරක මිනිස්සු නෙමෙයි. ඇමෙරිකානු පාලන ක්‍රමය විදෙස් ප්‍රතිපත්ති තමා නරක. ඇමරිකාව තමන්ගේ ආර්ථිකය සහ බලය දිගටම පවත් ගන්න ඕනෑම දෙයක් කරනවා (නි)
මේඩ් ඉන් ඇමෙරිකා කීවොත් අසුචිත් කන පරගැතියනි, නිවටයිනි, සිරියාවේ ඒකාධිපති පාලනය හොඳ නැත්තම් ආණ්ඩුව පෙරලන්න ඕනෑ නම් ඇයි එතකොට කුවේට්,සෞදි අරාබිය,කටාර්,ජෝර්දාන්,ඕමාන් කමක් නැද්ද?ඇයි ඒ?ඇමෙරිකාව බලාපොරොත්තු වෙන ගාන ලැබෙනවා. ලංකාවෙත් මොකක්හරි විකුණලා ඇමෙරිකානු හමුදා කදවුරකුත් හදාගන්න දෙන්නකෝ බලන්න අපට කොච්චර ආදරේද කියලා බලන්න. (නි)
ඇමරිකාවට පක්ෂ පාත රජයක් නෙමේ සිරියාවේ තියෙන්නේ. ඒක නිසා රට අස්ථාවර කර විරුද්ධ පාක්ෂිකයන්ට රට අරන් දීමට ඇමරිකාව කටයුතු කරනවා . (නි)
එක 10,000 සිට 25,000 දක්වා වැඩිවේව අර කියන පොතේ ඕවට විසදුම් නැද්ද (අ)
දිසානායක, ඔයා ඉතිහාසය ඉගෙනගෙනද තියන්නේ? (නි)
තෙල් කොතනද? බැදුම එතන ඇත. ආදරේට නොව වාසියට. (අ)
ඇමරිකාව නොහිටියා නම් මුළු ලෝකෙම ෂරියා වෙලා ඉවරයි. (නි)
ඇමෙරිකාවට හොදක් නම් වෙන්න එපා. වෙන කියන්න දෙයක් නැහැ මට (නි)
චේගුවේරා කැරලි ගහද්දි ඒවා අපේ අයට හොද කැරලි. ඇමරිකාවේ උදවු ඇතිව කැරලි ගහද්දි මෙහෙ අය දුක්වෙනවා. (නි)
ඉරාකේ යුද්දෙට ඇමරිකාවට පන්දම් ඇල්ලුවේ සදාම්ගේ රසායනික බෝම්බ කාපු කුර්දි ජාතිකයෝ.ඊජිප්තුවේ මුබාරක්ගේ පාලනේ වසර 40. ඇල්ජීරියාවේ,ටියුනිසියවෙත් ඒවගේ.ගඩාෆි කියන මානසිකරෝගිය වසර 36 හිටිය.දෙමල අයට යුරෝපෙට පැන යාමට වක්‍රාකාරයෙන් උදවු කලේ අපේ රටේ ජාතිවාදියෝ සහ එම තිරිසන් වැඩ වලට උද්ඝෝෂණයක්වත් කර උදාසීනව තමන්ගේ ජාතියෙන් සහෝදර දෙමල අයට වුණ අසාධාරනයට විරුද්දකමක් නොපෙන්වපු සිංහලයෝ.මෙවන් සිදුවීමකදී යුරෝපෙන් උදවු නොගෙන වෙන මොකක් කරන්නද. (අ)
ඊයේ ගල්ෆ් නිව්ස් පත්තරේ කියෙවුවොත් දකින්න පුළුවන් ඉරාන නිෂ්පාදන තහනම් කරලා කුවේටයෙන්.හේතුව සිරියානු ආණ්ඩුවට උදවු කිරීම.කොහොමද වැඩේ.... (නි)
තෙල් කොතනද ඇමරිකාව එතන. (ත)
අපේ රට සුද්දෝ අල්ලාගන්න හේතුව එවකට තිබුන කුලවාදෙට මිනිස්සු අකමැති වීම සහ අපේ රටේ රජවරුන්ට ඉන්දියාවෙන් ගැණු ගෙන්වීම හරහා රජකම අල්ලපු රටේ උදවිය අතට යාම. (නි)
ඔය දඟලන්නේ කා එක්කවත් ආදරේට නෙමේ. සුද්ද කරන හින්දනේ සුද්දා කියන්නේ. දැක්කේ නැද්ද ඉරාකයට කරපු දේවල්. හොයාගත්තු කෙමිකල් එකකුත් නැහැ. ඒ වුනාට කතාකරන්නේ මානව හිමිකම් ගැන.අනේ මගේ කට. (නි)
මම නම් කියන්නේ ඇමරිකාව දැනටමත් පරක්කු වැඩි. (අ)
තමන්ගේ රටේ ජනයා පිඩාවට පත්කරමින් කල් ගෙවන කොයි නායකයාටත් දිට්ටදම්මවෙදනිය කරුමේ හැටයට මේ පලදෙනව කියල අපේ රටේ බෞද්ධයෝ විස්වාස කරන්නේ.එම නිසා අපි නම් මේගැන විස්සෝප නොවෙමු. (අ)
ආ සදරුවන්.වඩමාරච්චි ඉදල. ප්රභාකරන් හෙලිකොප්ටරේක දමගෙන දිල්ලියට අරන්ගියා. ඉන්දු ලංකා ගිවිසුම බලෙන් අත්සන් කරලා පරිප්පු බෙදුවා. එත් අපි තවත් ඉන්දියාවට ගති කන් කරනවා විවිධ හේතු කියා කියා.හැබැයි ඇමරිකාවට බනිනවා. මේ තර්කය මට නොතේරේ. (අ)
දුෂිත එකාධිපතියා වහාම පලවාහරින්න. ඒ කැරලි ගහන එම රටේ ජනයන්ට සහ ඊට උදවු කිරීම ලෝක ප්රජාතන්ත්රවාදේ ගරු කරන අප සැමගේ යුතුකමයි.අපේ රටේ යුද්දයක් තිබුණට එකාදිපතියෝ හිටියේ නැහැනේ.මේ රටේ තත්වේ වෙනස එයයි.ජයවේවා ඇමරිකාව. (අ)
මේක තමා සත්‍ය ,කවද හරි මේ මදදිහත් වීම වෙන බව සහ අහිංසක රටවල් මරාගෙන කන බව ඇමරිකාව විසින් මුළු ලොකයම දන්නවා.මේ බව අපේ රටේ දේශපාලකයන්ට වැටහෙන් නැහැ.මොකද අපේ දේශපලකයන් අද දවස මිසක් රටේ හෙට අනාගතය ගැන නොහිතන නිසා.මතක තබා ගන්න ඉතිහාසයේ කර මහා ඝතන වලට වගකීමට ඇමරිකාවට වගකියන්න වෙන්නේ මහා දරුණු විදිහට යම් දවස.අ වගේම අපේ දේශපාලකයන් අපේ දුක්මහන්සියෙන් හම්බ කරන සල්ලි වලට බදු ගහල අම මුදල් වලින් සැප විදලා අපිව දුකට පත් කර දමන මේ මහා කෙදවචකයට 1948 ඉදන්ම....මෙලවදීම පව් පළදන හැටි මෙතරම් කාලයකට මියගිය..මියයන පව්කාර විදිහ ජනතාවට පෙනෙනවා.තනතුරට ගිජු කමේ කාටවත් නොදී දරුණු අසනීපය යටපත් කර ගෙනම මෙහෙම සේවය කරන්නේ ජනතාව වෙනුවෙන්මද (අ)
අපේ රටේ අවුරුදු 30ක් යුද්දේ තියන කාලේ අසරණ මිනිසුන්ට බස් වලයි සෙනග ගැවසෙන තැන්වලය් බෝම්බ තියල කොච්චර මිනිස්සු මැරුවද? ඒවා ඒ කාලේ ඔය සංගම් ගණන් හැදුවේ නැද්ද දන්නේ.පොඩි රටවල් හැම එකකම වැඩි මිනිසුන් ගණනක් මැරෙන්නේ ඇමෙරිකාව නිසා.ඔය සංගම් වලට ඕක තේරෙන්නැති එකයි කරුමේ. (අ)