දුම්රිය මාර්ගයෙන් යුරෝපා රටවලට අනවසර සංක්‍රමණිකයන් ඇතුළුවීම වැළැක්වීමට හංගේරියාව ගත් තීරණයට විරෝධය දක්වමින් බුඩාපෙස්ට් දුම්රිය ස්ථානයේ උද්ඝෝෂණ අද දින ද පැවැත්විණි.
බුඩාපෙස්ට් හි කෙලෙටි දුම්රිය ස්ථානයේ සිටින මේ විරෝධතා කරුවන් පවසන්නේ හංගේරියාව ඔස්සේ යුරෝපයට ඇතුළුවීමට දුම්රිය අවසර පත්‍ර රැගෙන තිබිය දීත් තම ගමන වැළැක්වීම වරදක් බවයි. ජර්මනිය වෙත යාමට අවසර දෙන්නැයි මේ උද්ඝෝෂකයෝ ඉල්ලා සිටිති. සිරියාවේ දී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී දිවි පරදුවට තබා පැමිණ ඇති බවත් දැන් කෑම හෝ නින්දක් නොමැතිව අසරණව සිටින බවත් ඔවුහු කියති.
මෙසේ පැමිණි පිරිස් අතර ඇෆ්ගනිස්තානය, ඉරාකය ආදී වශයෙන් වර්තමානයේ අර්බුදයන්ට ලක්ව ඇති රාජ්‍යයන්ගේ සංක්‍රමණිකයන්ද සිටින බව විදෙස් වාර්තා පවසයි. වාර්තා පෙන්වාදෙන්නේ සංක්රමනිකයන් 4000ට වැඩි පිරිසක් දැනටමත් ග්‍රීසිය වෙත පැමිණ ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අසරණ මිනිසුන්ගේ අසරණබාවයත් විඩාවට සහ කුසගින්නෙන් හඬන කුඩා දරුවනුත් රූපවාහිනියෙන් දැකීම මහත් වේදනා උපදවන දසුනකි.යුරෝපයටම එන්න හදන මේ මිනිසුන්ව යුද්ධයක් නැති අනෙකුත් අරාබි රටවල් බාර නොගන්නේ ඇයිදැයි මට නම් ප්රහේළිකාවකි. ඒ රටවල් තමන්ගේම ජනතාව මෙසේ ප්‍රතික්ෂේප කරන්නේ මන්ද.....? (නි)
ඉතාලිය මෙම සරණාගතයන් පැමිණීම වැළැක්වීමට කිසිදු පියවරක් නොගැනීම නිසා ඔවුන්ගේ පැමිණීම දිනෙන් දින වර්ධනය වේ. පසුගියදා යුරෝපා සාමාජිකත්වය නැතිවීමට ඔන්න මෙන්න තිබුන ග්‍රීසියත් දැන් දැන් මෙම ප්රශ්නය ඉදිරියට දමා ආරක්ෂා වී සිටිනවා. නමුත් මෙය පාලනය නොකර කපටි පිළිවෙත් අනුගමනය කිරීමෙන් අහිංසක ජීවිත සහ රජයන් අතර ප්‍රශ්න ඇතිවීමට මෙය හේතුවක් වෙලා. ඉතාලිය හදන්නේ ලෝකයට හොඳ මුහුණ පෙන්නගෙන අසරණ අහිංසකයන් බිල්ලට දීම. (නි)
බාරගත්තා වගේ නෙමෙයි, ඊටපස්සේ මුහුණදෙන්න වෙන ප්‍රශ්න (නි)
මේ රටට නම් කිසිම රටක අය බාරනොගත යුතුයි (නි)
එන එක වැළැක්වුවොත් අපේ අයත් අනාථයි කියන එකත් මතක තියාගන්න හැමෝම.යුරෝපයේ දවසකට ලංකාවේ අය කීදෙනෙක් එනවද? කීදෙනක් අහුවෙනවද? (නි)
සංක්‍රමණික නාමයෙන් කරන යුද්ධ නැති ආක්‍රමණ. (නි)
ඉනෝකා අහන ප්‍රශ්නයම තමා මටත් අහන්න තියෙන්නේ. ලෝකේ සුද්දන්ගේ රටවලට වඩා සල්ලිත් තියාගෙන ඉඩකඩත් තියාගෙන හිටියට තමන්ගේ ජාතියටවත් වැඩක් නැහැ. ඇයි සෞදියට,ඩුබායි වලට මේ අය බාරගන්න බැරි.අඩුම ගානේ වැඩටවත්. (නි)
හංගේරියාවේ සිට ඊයේ දුම්රියකින් විශාල පිරිසක් ජර්මනියේ මුනිච් නගරයට පැමිණ තිබුනා.දරාගැනීමට අපහසු ලෙස විශාල පිරිසක් දැනටමත් ජර්මනියට පැමිණ තිබේ. (නි)