ඉදිරි වසර 50 ඇතුළතුලදී මිනිසා අගහරු ග්‍රහයා මත ජනාවාස තනා ගනු ඇතැයි කිීර්තිමත් භෞතික විද්‍යාඥයෙකු හා අභ්‍යාවකාශ තරණය සම්බන්ධයෙන් පෙරළිකාර මත ඉදිරිපත්කරන්නෙකු වන මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් මත පලකරයි.
පසුගියදා අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට සජීවීව විකාශය කෙරුණු රූපවාහිනී වැඩසටහනකට පෘථීවියේ සිට එක්වෙමින් හෙතෙම මෙසේ තම අදහස් දැක්වීය.
පෘථීවියේ සම්පත් ප්‍රමාණය ක්ෂය වෙමින් පවතින බවත් මෙනිසා දිනෙන් දින වැඩිවන ජනගහණය නඩත්තු කිරීමට නුදුරේදීම පෘථීවිය අපොහොසත්වනු ඇති බවත් හෙතෙම පැවසීය.
ඒ සදහා එකම විසදුම ලෙස ඔහු පෙන්වාදුන්නේ ග්‍රහලෝක වල ජනාවාස ඇති කර ගැනීමයි.ඒ සදහා දැන්ම කටයුතු කළ යුතුව ඇතැයි මහාචාර්ය හෝකින්ස් කීය.
අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රුදී සිටින අභ්යාවකාශගාමීහූද මෙම වැඩසටහනේදී තම අදහස් ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදහස හොදයි කව්ද යන්නේ ? පළමුවෙන්.(නදී)
පෘතුවිය කාලා ඒ ගමන අගහරු කන්න ද ලැස්ති? (අ)
පළමුව දේශපාලුවන් යවා එහි වැඩ පටන්ගනිමු.(නදී)
මට මේ දවස්වල සෙනසුරු ලබලා තියෙන්නේ. මම එන්නම් යන්ඩ. සෙනසුරා අඟහරුට බයයි.(නදී)
කුමාරි බයවෙන්න එපා ලංකාවෙන් කව්රුවත් එහෙ එක්ක යන්නේ නැහැ.(නදී)
ඊට කලින් අර නැතිවුණු ප්ලේන් එක හොයාගන්න විදියක් බැලුවොත් හොදයි නේද ? (නදී)
අඟහරු වලට ගියොත් ග්‍රහ බලපෑම් එහෙම කොහොම වෙයිද දන්නෑ. සාත්තර කියන අයට තියරි එහෙම වෙනස් කරන්න වෙයි වගේ.(නදී)
බොරු වැඩ. ලෝක ජනගහනයෙන් කීදෙනෙක් යවන්න පුළුවන් වෙයිද? අඩුම ගන්නේ 0.0001% ? ඊට වැඩ ලේසි නැද්ද ග්‍රීන්ලන්තේ වගේ රටවල් වල මිනිස්සු පදිංචි කරන්න පුළුවන් විදියක් හෙව්ව නම්. සල්ලිත් ඉතුරුයි. යන්නත් ලේසියි. (අ)
ඉන්දික, වෙනත් ග්‍රහ ලොවක මිනිසුන් පදිංචි කිරීමේ මූලික අරමුණ ඔබ සිතන දෙය නෙවෙයි. යම් හෙයකින්, ලොව මිනිස් සංහතිය එක්වරම සම්පූර්ණයෙන් විනාශ වුවහොත්, එයට පිලියමක් ලෙස මිනිස් මූල පවත්වා ගැනීම මෙහි මූලික අරමුණයි.(නදී)
මෙතුමා මුළු ඇමරිකාවේම ගෞරවය දිනාගත්තු අගනා විද්‍යාඥයෙක්. විශ්වයේ සම්බවය ගැන ප්‍රයෝගික මත පළකරපු විද්වතෙක්. මොහු අංශබාග රෝගයෙන් පෙලෙන මුත් විශ්ව ගවේෂණය නවතා දමා නැහැ.(නදී)