බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ ගස් කපමින් සිටි ජාවාරම් කරුවන් පිරිසකට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට බ්‍රසීලයේ ආදි වාසී ගෝත්‍රයක් වන කාපෝර් ගෝත්‍රික තරුණයන් පිරිසක් පසුගිය දා කටයුතු කළහ.
වනාන්තරයේ ගස් කපා ඉරමින් වාහනවලට විශාල වශයෙන් පටවමින් සිටි කණ්ඩායමක් වැටලූ ආයුධ සන්නද්ධ ගෝත්‍රික තරුණයෝ දැව ජාවාරම්කරුවන්ට පහර දී ඔවුන්ගේ වාහන ඇතුළු උපකරණ ගිනිතබා විනාශ කර ඒ පිරිස පලවා හැරීයහ.
පසුගිය දා බ්‍රසීල රජය ප්‍රකාශ කැර සිටියේ ඇමසන් වැසි වනාන්තරයෙන් සියයට 28ක් පමණ පසුගිය වසර හතරක කාලයේ දී අවදානමට පත්ව ඇති බවයි. 2013 වර්ෂයේ දී පමණක් වර්ග කිලෝ මීටර 5843ක් වනාන්තරය කපා දමා ඇති බව ද රජය කියයි. ලොව ස්වභාවික පරිසරය රැක ගැනීම සඳහා වැසි වනාන්තරවලින් ඉටුවන්නේ වැදගත් මෙහෙවරකි. ලොව පුරා රටවලින් වසරකට කාබන්ඩයොක්සයිඩ් ටොන් කෝටි 40ක් පමණ පරිසරයට නිකුත් කරයි. ඉන් සියයට 75ක පමණ ප්‍රමාණයක් පිරිසිදු කරන්නේ වැසි වනාන්තර වලිනි. ඇමසන් වනාන්තරය ලෝකයේ ගෝලීය උණුසුම නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා වැදගත් මෙහෙවරක් ඉටුකරයි.
දැව හොරුන්ට ප්‍රහාරය දියත් කළ ගෝත්‍රික තරුණයන් පවසන්නේ ලෝකයේ පැවැත්මට ඉතා වැදගත් මෙහෙවරක් ඉටුකරන ඇමසන් වනාන්තරය රැක ගැනීමට තමන් දිවි පරදුවට තබා කටයුතු කරන බවයි. ඇමෙරිකා මහද්වීපයේ නූතන ජනාවාස ඇතිවීමට පෙර සිටි ජනතාව පොදුවේ හඳුන්වන්නේ රතු ඉන්දියන් යනුවෙනි. රතු ඉන්දියන් නායක සියැටල් වනාන්තරය ඇතුළු පරිසරය රැක ගැනීම වෙනුවෙන් කරන ලද ප්‍රකාශය ලෝක පරිසරය රැකගැනීම සම්බන්ධයෙන් ඉතා වැදගත් ප්‍රකාශයකි.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න කොල්ලනේ කරනවා නම් වැඩ (නි)
ලංකාව කොචර සුන්දරද? ඇල දොළ ගංගා සහ දිය ඇලි රැක ගත යුතුයි. අපි හැමෝම අත්වැල් බැඳගෙන එකතුවුනොත් අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් අපේ වනාන්තරය බේරගන්න පුළුවන්. (ස)
අනුන්ට කියා කියා ඉන්නේ මොකටද. අදහස් දදා ඉන්නේ මොකටද. පිරිමි වගේ ගිහිල්ල මේ දේම කරන්නේ නැතුව. (ස)
සත්පුරුෂ පරිසරයට ආදරය කරන මිනිස් වීරයින් පිරිසකගෙන් ගුටි කන අමනුෂ්‍යයින් පිරිසක්. (ස)
ගාමිණී සිරිවර්දන මහතාගේ කියමන ඉතා අගෙයි. ඔබට තෙරුවන් සරණයි. (නි)
හරියට චිත්‍රපටියක් වගෙයි (නි)
මේ වගේම හමුදාවක් ලංකාවෙත් බිහිවේවා! (නි)
අපේ රටේ වන පාලුවන්ට දඩුවම් දෙන්න කෙනෙක් නැති හැටි? (නි)
ලංකාවටත් පාඩමක් (අ)
බ්‍රසීලයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.අපේ මන්ත්‍රීලා ගස් කපන්නේ නෑ (අ)
අපේ උරුමය රැකගන්න ඕන දේශපාලකයන්ගෙන් ගස් බේරගන්න ඕනේ. (ස)
අපේ ලංකාවෙත් මේ වගේ කට්ටියක් හිටියා නම්.... (නි)
ඇයි අපිට බැරි (නදී)
ලංකාවෙ ගස් කපන්නෙ දේශප්‍රේමියෝනේ! විරුද්ධවෙන්නෙ දේශද්‍රෝහියෝ. ආශ්චර්යයනෙ. (නි)
බ්‍රසීලයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
කතා කරන අපිම තමා පෙරමුණ ගන්න ඕනේ. අගහරු ලෝකෙන් එන්නේ නැත මේවා නවත්වන්න (නදී)
ලංකාවේ හොරුන්ට ඔහොම කලා නම් කරපු එවුන්ට තමා බලු කූඩුවේ ඉන්න වෙන්නේ (නදී)
අපේ සමහර දේශපාලුවන් සහ හෙන්චයියනුත් මෙහෙම මෙහෙම තමයි. (නදී)
අපේ අය යවමු එහෙ (අ)
අවංකවම අගය කරනවා (නි)
අපේ රටේ මෙහෙම වෙන්නේ කවදාද? (නි)
උතුරු හා දකුණු ඇමෙරිකාවේ ආදීවාසීන් රතු ඉන්දියානුවන් බවයි මම අසා තිබෙන්නේ. ඔවුන්ට රටේ සම්පත්,පරිසරය ගැන ඇති කැක්කුම නිසාම දී ඇති දඬුවම නම් සාධාරණයි. කට ඇත්නම් ඇමේසන් නදිය කියයි මොන තරම් දැව තොගයක් පාකර ඇද්ද කියලා. මට දුක අපේ මුණුපුරන් ගැන...ඔවුන් දැව ජාවාරම්කරුවන්ගේ අතකොලුවෙලා ඉවරයි දැනටමත් (නි)
ලංකාවෙත් දේශපාලුවන් සමඟ එකතුවෙලා වනය විනාශ කරන තිරිසනුන්ට මේ වගේ තමා කරන්න ඕනෑ. (නි)
මෙන්න නියම මිනිස්සු! දුවන්න දෙනවා... මෙන්න මේ වගේ රජ පැටවූ ටිකක් බිහි නොවුණොත් දේශපාලනයේ සහ ජාවාරම්කාරයින්ගෙන් ලංකාවේ වනාන්තර ටික රැකගෙන හමාරයි (නි)
ගොඩක් හොඳ දෙයක් මේ ගෝත්‍රික තරුණයන් කරලා තියෙන්නේ. අවාසනාවකට අපේ රටේ ඔය වගේ නිර්භීත ගෝත්‍රික කණ්ඩායමක් නැති වුණානේ? එහෙම හිටියා නම් අපේ රටේ කැලෑ ටික වගේම වනසතුන් ටිකත් රැකෙනවා...... (නි)
අපේ ශ්‍රී ලංකාවෙත් මෙහෙම රටේ පරිසරය ගැන කැක්කුමක් තියෙන පිරිසක් ඉන්නවා නම් අපේ රටෙත් වනාන්තර ආරක්ෂා වේවි. (නි)
අනේ! ලංකාවෙත් අපිට ඔය වගේ දෙයක් කරන්න පුළුවන්කමක් තියෙනවා නම්... එහෙනම් ඉතින්, අන්තිම කැමති පත්තරෙත් ලියලම, වැඩේට බහින්න ඕනෑ. (නි)
ලංකාවෙත් තියෙන කැලෑ ටික රැකගන්න මෙහෙම මෙහෙයුම් කීපයක් කළා නම් හරි. (නි)
අන්න මිනිස්සු! ඒකටත් එක්ක අපේ අය නම් උන්ට ගහලා පන්නලා ලී ටික විකුණලා දායි (නි)
ලංකාවේ කැලේ පාලුවන්ටත් මේක කරන්න ඕනෑ. නමුත් කොන්දක් තියන අය දැන් ලංකාවේ අඩුයි. (නි)
මේ වගේම හමුදාවක් ලංකාවේන් බිහිවේවා! (නි)
අපේ සියැටල්, ඔබ කොහේද...? අපේ වනාන්තර වලටත් මේ දේම වෙනවා. (නදී)
අපේ වනාන්තර වන සත්තු විනාස කරන අයට විරුද්දව මේ විදියට නැගී සිටින්න හැකිනම් මේ සිදුවන විනාශය නැතිකරගන්න පුළුවන්. අපේ සිටින්නේ වනය රකින්න සිටින උන්ගෙන්ම උදව් ලබාගෙන ඒව විකුණන් කන හෙන්චයියලා පිරිසක් නිසා මෙලෙස කරන්නට අපට හැකිවේවිද කියල සැකයි. මේ විනාශයන් කරන ප්‍රාදේශීය දේශපාලකයින් හඳුනාගෙන ඔවුන් ඊළඟ ඡන්දෙදි ඉවත් කිරීමට කටයුතු කල යුතුය. (නදී)
ලංකාවේ මේකේ අනිත් පැත්තයි වෙන්නේ. ඒ කියන්නේ වනන්තරේ අය ගස් කපනවා. අල්ලන්න යන අය ගස් බදිනවා (නදී)
අපේ රටේ වුණා නම් කොල්ලන්ව අත්අඩංගුවට ගනීවි. (නි)
කැලේ පාලුවන් පිටුපස දේශපාලුවන් අනිවාර්යයෙන්ම ඉන්නවා (නි)
නියම වැඩේ හොඳයි
කොල්ලනේ මේන්න වැඩ (අ)
ලංකාවෙි බොරු දේශාභිමානයක් ආදේශ කර ගත්තු කාබාසිනියා නායකයින්ට සියැටල් ආදර්ශයක්. (අ)
ඇයි අපෙත් බලකායන් ඉන්නේ? (නි)