සාම සාකච්ඡාවලට එන්නැයි තමන් කළ ඇරැයුම ඇෆ්ගන් තලේබාන් සටන්කාමීන් විසින් පිළිගෙන ඇතැයි ඇමෙරිකාව ඊයේ (19) නිවේදනය කළේය.
වසර 12 ක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින ඇෆ්ගන් යුද්ධය 2014 වසරේ දී නිමා කිරීමට ඇමෙරිකාව ප්රමුඛ නේටෝව සූදානම් වෙයි. 2014 දී විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යන්නේ රටේ ආරක්ෂක කටයුතු ඇෆ්ගන් ආරක්ෂක අංශවලට පවරා දෙමිනි.
සාම සාකච්ඡා පවත්වමින් පවතින අර්බුදයට දේශපාලනික විසඳුමක් සෙවීමට ඇමෙරිකා රජය කළ ආරාධනාව තමන් ද පිළිගත් බව කටාර් රාජ්‍යයේ දෝහාහි පිහිටුවා ඇති තලේබාන් සාම කාර්යාලයේ සිටින එම සංවිධානයේ ප්‍රකාශක මුහමද් නහීම් පවසා ඇත. නහීම් මේ බව කියා සිටියේ ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
නහීම් පැහැදිලි කළ අන්දමට, තලේබාන් සංවිධානය ඇමෙරිකාව කළ එම ආරාධනාව පිළි ගෙන ඇත්තේ, ඇමෙරිකාව විසින් ඉදිරිපත් කරනු ලැබූ කොන්දේසි කිහිපයක් ඉවත් කර ගැනීමෙන් පසුවය.
තලේබාන් සංවිධානය, අල් කයිඩාව සමඟ සම්බන්ධකම් පවත්වන බවත් එම සම්බන්ධකම් වහා නැවැත්විය යුතු බවත් ඒ අතර තිබූ ප්‍රධානතම කොන්දේසිය විය. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ තමන් එම කොන්දේසිය ඉවත් කර ගත් බවය.
වසර 12 ක් තිස්සේ පවතින අවි ගැටුම් නිමා කිරීමේ අරමුණින් සාම සාකච්ඡා පැවැත්වීමට මුලින්ම උනන්දු වූයේ ඇෆ්ගන් රජයයි. ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි ඒ වෙනුවෙන් සාම මණ්ඩලයක් ද පිහිටුවීය.
අවස්ථා ගණනාවකදී තලේබාන් නියෝජිතයන් සහ ඇෆ්ගන් බලධාරීන් අතර සාකච්ඡා පැවැත් වුවත්, ඒවා අසාර්ථක විය. ඇෆ්ගන් සාම මණ්ඩලයේ
|
තලෙයිබාන් ප්‍රකාශක නහීම් (දකුණේ) |
සාමාජිකයෝ ද තලේබාන් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූහ.
ඉකුත් වසරේ පාකිස්තාන අත්අඩංගුවේ සිටි ඇෆ්ගන් තලේබාන් සිරකරුවන් නිදහස් කිරීමට ඇෆ්ගන් රජය පාකිස්තාන රජය සමඟ එක් වී කටයුතු කළේය. ඒ අනුව ඇෆ්ගන් තලේබාන්වරු සාම සාකච්ඡුා සදහා උනන්දු වූහ.
ඒ අනුව ඔවුන් මේ වසර මුලදී බටහිර සහාය මත කටාර් රාජ්‍යයේ සාම කාර්යාලයක් පිහිටුවීය. සාම සාකච්ඡා පැවැත්වෙනු ඇත්තේ එම කාර්යාලය හරහාය.
මේ වනවිට ඇෆ්ගනිස්තානයේ රතු කුරුස කටයුතු නවතා දැමීමට ජාත්‍යන්තර රතු කුරුස සංවිධාන තීරණය කර ඇත. එම හේතුව නිසා ඇෆ්ගන් වැසියන් බොහෝ දෙනකු ඉමහත් අසීරුතාවකට පත් ව සිටින බව වාර්තා වේ.
රතු කුරුස සංවිධානය එම තීරණය ගෙන ඇත්තේ මීට සති කිහිපයකට පෙර, නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ජලල්ලාබාද් නුවර පිහිටි ඔවුන්ගේ කාර්යාලයට තලේබාන් සටන්කාමීන් පහර දීම නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශෙහාන්, මගේ සිංහලකම මගේ මනුස්සකම මම රකිනවා. මොකද මම හිතන්නේ කොයි ආගමේ හිටියත් එයාලත් මනුස්සයෝ කියලයි. බමුණු එතකොට නීතිය අතට අරන් වැඩ කරන දෙකම එකයි නේද? නිරන්ජන් මම සේනාවෙන් විතරක් නෙමෙයි මොකෙන් වුනත් කරන හරි වැඩක් දැක්කොත් හරි කියනවා, වැරදි වැඩක් නම් කට කැපුවත් වැරදී. දිසානායක අයියා ඔයා හරි. මම කොහොමත් ත්රස්තවාදයට විරුද්ධයි, ඒකීය රටක් දෙකට කරන එකට ඊට වඩා විරුද්ධයි. අන්තවාදීන් ඉන්නේ මුස්ලිම් විතරක් නෙමෙයි, දෙමලත් ඉන්නවා, සිංහලත් ඉන්නවා, කතෝලික අයත් ඉන්නවා, මෙතන තියන ප්‍රශ්නේ මේ මුස්ලිම් අය සාකච්චා වලට එන්නේ කොයි චේතනාවෙන් ද කියන එකයි. මුස්ලිම් අන්තවාදීන් කරන විනසේත් මට පේනවා. අනික් ආගමික සංවිදාන කරන යහපතත් මට පේනවා අයහපතත් පේනවා. අපේ ගොඩක් අයට පෙන්නේ මේකේ මේ අනික් සංවිධාන වලින් කරන එක යහපත් දෙයක් විතරයි. නීතිය අතට අරන් කරන විනාසේ පේන්නෙත් හරි දෙයක් විදියටයි. එක තමා මම දකින විදියට ජාතියේ කරුමය. (නි)
ධර්මේ, අනුන්ගේ ජාතකේ හොයා හොයා ඉන්නේ නැතුව කොන්ද පන තියාගෙන හරි දේ හරි කියන්නත් වැරදි දේ වැරදී කියන්නත් පුරුදු වෙන්න. අන්න එහෙම කියන්න බැරි අයගේ තමයි ජාතකේ හරිද වැරදි ද කියලා බලන්න වෙන්නේ. සේනාව විතරක් නෙමෙයි කවුරු වුනත් හොඳ දෙයක් කරනකොට හොදයි කියනවා වගේම වැරදි වැඩක් කරනකොටත් වැරදියි කියන්න කොන්දක් තියෙන්න ඕනෑ. (නි)
චතුර, අපොන්සු, මතක තියාගන්න ජාතකේ වැරදි මිනිසුන්ට බණ කියලා වැඩක් නොවුන තැන තමා සේනාව ඔහොම වැඩ කරන්නේ. තමනුත් තොප්පිය හරිනම් දාගත්තට කමක් නැහැ. (නි)
බටහිරය පරාජය බාරගත් බවයි පෙනෙන්නේ.(නදී)
දිසානායක , අරගොල්ලෝ වෙළදාමේ එද්දී පැදුරු එලලා දීපු මුත්තම්මලාගේ මුණුබුරෝ ටිකක් නම් ඉන්නවා. හැබැයි එයාලගේ සිංහල ලේ මදි (නි)
දිසානායක අර ගොල්ල වෙළදාමේ ඇවිල්ල අපේ සිංහල ගැණු !!!(අ)
විමල් හරි චතුර . අපේ ජනාදිපති තුමත් කොටි එක්ක සාකච්ඡා කරානම් අදටත් අපි මර බයේ (අ)
ද සිල්වා බෙර්ලින් මහත්තයා, මටත් දැන් බොදුබල සේනාව ගැන සැකයක් තියනවා.දැන් එයාලා ඉන්නේ පටන් ගන්නකොට අපි හිතපු තැන නෙමෙයි (නි)
තලේබාන්ලා කරන දෙයක් ඇෆ්ගනිස්තානේ ඇතුලේ කර ගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ , එක එගොලන්ගේ රටේ අභ්‍යන්තරික ප්‍රශ්නයක් , බොදුබල සේනාව අපේ රටට වින කරන පගා ගහන , ගුරුවරුන් ඇතුළු රට වැසියන් පීඩනයට පත් කරන හොර මැරකම් කරන දුෂිත දේශපාලකයන් යහමගට ගන්න කටයුතු කරනවා නම් (සාමකමිව) අපේ රටේ අනාගතයට හොඳයි. (ස)
එක සැරයක් මහා බ්‍රිතාන්‍යය. ඊට පස්සේ රුසියාව. දැන් මේ ගොල්ලන් ඇයි මේ අනුන්ගේ නිදහසට ඇඟිලි ගහන්න යන්නේ ? (නි)
මේගොල්ලොත් එක්ක මොන සාකච්ඡාද? එයාලගේ ආගමික උන්මාදය නිසා ලෝකයම අමාරුවේ වැටිලා තියෙන්නේ (නි)
නියමයි චතුර. අපොන්සු ඔබත් හරි.(නදී)
කව්රු කෙහොම කිව්වත් මේ තමා ලෝක විනාසේ. හැම රටකම මොන මොන දෙයින් හරි බුරුතු පිටින් මැරෙනවා. අද අද එයි මරු පින්කරගන්නේ. කෙලෙසද සෙට මරු නොයෙයි සිතන්නේ.(නදී)
තලේබාන්, බොදු බල සේනා, මේ සියල්ලන්ම අන්තගාමින්.(නදී)
චතුර මල්ලි, මුස්ලිම් අන්තවාදීන් කියන්නේ තිරිසනුන් වැනි කොට්ටාසයක්.ඔවුන් හොදින් නැත්නම් නරකින් තමන්ගේ ආගම ප්‍රචාරය කරනවා. මුස්ලිම් අන්තවාදීන්ගේ විනාශය නොපෙනෙන්නේ ජාතියේ කරුමයට බව මතක තබා ගත්තොත් හොදයි.ඔබට නොපෙනෙන ලෙස ඔවුන් රට මුස්ලිම් කරණය කරමින් පවතී (නි)
චතුර මම සිංහල කියලා කියන විදිහටම තේරෙනවා ඔයානම් සිංහලමයි කියලා. නුවනැත්තන්ට මම කිව්වදේ වහෙන් ඔරො තේරෙයි.(නදී)
චතුර - ඔයාලට සේනාව ගැන කතා කරේ නැත්නම් ඇග කසනව නේද?මෙයාල කොටින්ටත් මෙච්චර බැනල නැතුව ඇති (අ)
සාම කතා වට නොපැමිණි ලංකාවේ අයට උන සන් තෑසිය තලිබාන් ලා දන්නවා. චතුර අපේ සේනා කඩ ගිනිතියන්නේ තලෙයිබාන් ලට විරුද්දව තමයි. ඉස්සර සේනා හිටියේ නෑ මොකද ලංකාවේ තලිබාන්ලා හිටියේ නැති නිසා. ඇමෙරිකාව සාකච්ඡා වලට නොගොස් එයාලව විනාස කරනවා නම් හොඳයි. මොකද එය ලෝකයටම යහපතක්.(නදී)
තලේබාන්වරුන්ගේ අවසානය පටන් ගන්නයි යන්නේ.(නදී)
විමල්, නිකන් මෝඩ කතා කියන්න එපා. එතකොට ලංකාවේ තියන සමහර සේනා කඩ ගිනි තියලා. කඩ කුඩු කරලා කුණු හරුපයෙන් බනින එකට කියන්නේ මොන උන්මාදය කියලද? ඔය පාට කන්නාඩි ගලවල දාන්න. හොඳ දේට හොදයි කියන්න පුරුදු වෙන්න. ශ්‍රී ලාංකික සිංහලයෙක් විදියට මම නම් මේ වැඩේ අගය කරනවා. තවත් අහිංසක ජීවිත බිලි දෙන්නේ නැතුව සාකච්ඡා මාර්ගයෙන් ඒකීය රටක් විදියට සමගි වෙන එකට.(නදී)