සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් පෙරමුණ ගත් මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ට පිං පැමිණ වීමේ වර්ෂ පූර්ණ ගුණ සැමරුම ලබන 04 වැනි ඉරු දින සවස පහට පැරීසියේදී පැවැත්වීමට නියමිතය.
දඹර අමිල හිමි සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ වාණිජ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුද ඊට සහභාගි වීමට නියමිතය.
ශ්‍රීලංකාවේ යථාර්ථවාදී දේශපාලන පසුබිම හා ඉදිරි අනාගතය මැයෙන් දේශනයක්ද සංවාදශීලී සභාවක්ද පැවැත්වෙන බව පැරීසියේ ප්‍රංශ ලංකා සන්ධානය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරිස් අන්තවාදීන් චීවරයට නිගා කරමින් තානාපති කාර්යාලය ඉස්සරහා පිස්සු නැටුවා .පැරිස් ජනයා එය පිලිකුල් කළා ...(බ)
හාමුදුරුවනේ ඔබ වහන්සේ බලාපොරොත්තුවු යහපාලනය මේ කාලේදී අපට නොලැඹෙනු ඇත.(හේ)
හොඳ පින්කමක්.(හේ)
හොඳ පින්කමක්.(හේ)
හොඳ කටයුතු වලට අපේත් සහය! (නි)
සිල්වා, කුමාර පැරිස්, පැරිසියේ ජනතාව නිහඬ නැහැ. ඔවුන් නිහඬව බලාගෙන ඉන්නවා. මෝඩයෝ කියලා ගල් ගහන්නද? (නි)
අන්තවාදියෝ අතලොස්සක්.. පැරිස් වනසයි....... . ජනයා නිහඩයි ...(බ)
පැරිස් විරෝධයේ අන්තවාදීන්ගේ පෝස්ටරය ...සියලු පැරිස් සංඝරත්නයේ ගෞරවය විනාශ වෙන තැනට ...? (බ)
සෝබිත හිමියනි ....අන්තවාදීන් ..පැරිස් සිංහලයන්ගේ අභිමානය විනාශ කළා ..(බ)
අපි හැකි උපරිමයෙන් සහයෝගය දෙනවා (නි)
අපේ හාමුදුරුවනේ සමාවෙන්න ,පැරීසියේ අන්තවාදීන් ගැන කතා කරලා වැඩක් නැහැ . ඔවුන් කාලයක් කොටි විකුණුවා .දැන් රණවිරුවෝ විකුණනවා . පසුගිය දවසක එවැනි වෙළඳ පොලක් තානාපති කාර්යාලය ළඟ දාගෙන හිටියා .ඔවුන්ට කරුණා කරන්න අපේ හාමුදුරුවනේ (බ)
එක අන්තයක සිට තවත් අන්තයක සිටින අය දෙස බලා එකිනෙකාට අන්තවාදීන් කියා ඇඟිලි දික්කිරීම ලෝක ධර්මතාවයක්. බුදු දහම විසින් හික්මවනු ලැබූ සිංහල ජනයාට අතීතයේදී මේ ධර්මතාවය තදින් බලනොපැවෙතත්, බහුජාතික බහු ආගමික නාඩගම ඉදිරියේ අප සියල්ලෝම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ අන්තවාදීන් වී තිබෙනවා. උගතුන් යැයි කියාගන්නා බොහෝ දෙනෙකුට පවා අදටත් නිශ්චය කරගන්න අපහසුවෙලා තියෙනවා ජාතිය හා ජාතිකත්වය කුමක්ද, ජාතිය හා වර්ගය කුමක්ද, ජාතිකවාදය හා ජාතිවාදය කුමක්ද කියා. (නි)
හිමියනි, අන්තවාදීන් සක්වල ගලිනුත් එහාට එළවා දමන්න (නි)
සෝභිත හිමි ගුණසැමරුම පැරිස් වල තිබීම සෑහෙන වටී. දඹර අමිල හිමි පැරිස් වැඩමවීමත් සෑහෙන වටී. පැරිස් වල අතළොස්සක් අන්තවාදීන් ඇත. ඒ අයට හොඳ බණක් දේශනා කරන්න (නි)
ඔබ වහන්සේ පැතූ යහපාලනය තවමත් හෙමින් හෙමින් ගාටමින් වරෙක ඉදිරියටත් දෙවරක් පසුපසටත් ගමන් කරමින් තිබෙන බවයි මට නම් හැඟෙන්නේ. හොර දුෂිත දේශපාලුවෝ හැමතැනම හාමුදුරුවනේ. සුදු වෑන් වලින් මිනිස්සු පැහැරගෙන යාම නම් දැනට නැවතිලයි තියෙන්නේ. මට හැඟෙන විදිහට නම් දෙගොල්ලම එකතුවෙලා අපිව රැවැට්ටුවා. නිවන් දකින්නට කලින් එකම එක වතාවක්වත් ආයෙත් ශ්‍රී ලංකාවේ ඉපදෙන්න කියලා ඉල්ලනවා හාමුදුරුවනේ! (නි)
අන්තවාදී පිරිසක් පැරිස් වලත් දැන් ඉන්නවා. ඒත් පැරිස් ජනයා නිහඬයි (නි)
මෙවන් වැඩසටහන් ඉතාම හොඳයි (නි)