සෞදි අරාබියේ දමාම් ආසන්නතම ප්‍රදේශයක් වන අනොඋඩ් ජුම්මා පල්ලියේ සිකුරාදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අඩු ගණනේ හතර දෙනෙක්වත් ජිවිතක්ෂයට පත්වී ඇති බව සෞදි මාධ්‍ය වාර්තා කරයි.
සිකුරාදා (29)දහවල් සලා හෝරාවේදී පල්ලිය වෙත පැමිණි කාන්තාවන් පළදින කළු කබායකින් සැරසී පැමිණි අයකු පිළිබඳව සැක සිතු සෞදි ආරක්ෂක නිලධාරින් ඔහු ඉවත් කිරීමට සැරසි අවස්ථාවේ මෝටර් රථයට පැමිණි සැකකරු තමා සන්තකයේ තිබු බෝම්බය පුපුරුවා හැර ඇත.
මෙම ප්‍රහාරයෙන් හතර දෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඇති අතර නවතා තිබු වාහන කිහිපයක් විනාශ වී ඇත.මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වීමට දින කිහිපයකට පෙර මෙවැනිම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දමාම් ආසන්නයේ ඇති කතිෆ් ප්‍රදේශයේ 21 දෙනෙකුට මිය ගිය අතර සියයකට අධික පිරිසක් බරපතල තුවාල සහිතව රෝහල් ගතකර ඇත.
කෙසේ වුවද එළඹෙන රාමසාන් මාසයේ ඇති වියහැකි අවදානම් තත්වයන්ට මුහුණදීම සදහා සෞදි ආරක්ෂක අංශ විශාල ආරක්ෂක වැඩපිළිවෙලක් යොදනු ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශෝක රළපනාව ඔබ හරි එය එසේම වේවා. (ස)
එකම ආගමක් කොටස් දෙකක් අතර ප්‍රශ්නයක් තියෙන්නේ.(නදී)
සිල්වා, ඔබගේ අදහස බොහොම හොඳයි. නමුත් අපි පමණක් එහෙම හිතුවහම අපිමයි අමාරුවේ වැටෙන්නේ. (නි)
ආගම අදහන්නේ කාටත් කරුණාව, මෛත්‍රිය දක්වන්නයි.(බ)
කණගාටුයි (නි)
වැපිරූ තරමට අස්වැන්න ලැබෙනවා (නි)
අශෝක හරියටම හරි. (ස)
අවි ගතෝ අවියෙන්ම නැසෙත් කියන්නේ ඕකට. ඔහොම වෙන්ට ඕනේ මේ ගොල්ලන්ට ලෝකෙටම විෂබීජ දානවට.(ම)
එකක් කියන්න ඕනෑ.මේ රටවල ඉන්න අය පිටරටකින් ඇවිල්ලා වැඩකරන අය සළකන්නේ වහල්ලුන් විදිහට.මොවුන්ගේ තියන උද්දච්චකම දන්නේ මෙහෙ වැඩකරන අය විතරයි.හැබැයි සුද්දන්ට බයයි.ඒ කොහොම වුණත් අහිංසක මිනිස්සු නම් මැරුනේ, ඒකට කණගාටුයි.අසෝකට දොසක් කියන්න හිතෙන්නෙත් නැහැ. (නි)
මෙවැනි ක්‍රියා තරයේ හෙළාදකිමු (නි)
අසෝක සතෙක් වගේ හැසිරෙන්න එපා. මිනිහෙක් ට කරදයක් උනා නම් . ඒ මිනිස්සුටත් පවුල් තියනවා ...හිතන්න කවුරුත් මිනිස්සු. (ස)
මට මේ පුවතට වඩා මිහිරි හුරතල් සුන්දර පුවතක් ආයේ කවදාවත් අහන්න නොලැබේවි. කබායේ අරුමේ හාහ් හාහ් හා හා හා මට මේවට හිනා...(බ)
දැන් මෙතන ප්රශ්නය මොකක්ද? (බ)
ලංකාවේ අපේ කොල්ලන්ට නම් මොකුත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා (නි)
අනේ දෙවියනේ! (නි)
සෞදි අරාබියේ වැඩකරන මම සහ පවුලේ සියලු දෙනාම ජීවත්වන්නේ සහ ඉන්න නිවහනක් හදාගත්තේ මෙම රටෙන් ලබන අදායම නිසා.ඒ වගේම ලක්ෂ ගණන් ලාංකිකයන් මෙහෙ වැඩකරනවා.ලංකාවේ දැනට ප්‍රධාන ආදායම් මාර්ගය රට රැකියාවයි.එමනිසා අසෝක වගේ අය කට වහගෙන ඉන්න. (නි)
අශෝක රළපනාව, මෝඩයෙක් වගේ මෙතන ලියන්න එපා. ලෝකේ කොහේ හිටියත් මනුස්සයෝ හැටියට හිතන්න ඕනෑ. (නි)
කවදාද මේවා අවසන් වෙන්නේ? (නි)
අපි රස්සාව කරන්නේ මේ නගරයේ. ලංකාවේ මිනිස්සු ගොඩක් මෙම නගරයේ ඉන්නවා.(කේ)
මුහුණ ආවරණය කළ හෙල්මට් එකට වඞා,සම්පුර්ණයෙන් ශරිරය වසාගෙන අඳින ඇඳුම් ගැන අවධානයෙන් සිටිමට අපට ළඟදීම සිදුවේවි. (නි)
තම ආගමේම සහෝදරයෝ එක්ක සහයෝගයෙන් ඉන්න බැරි ජාතියක් අනිත් ආගම් එක්ක සහයෝගයෙන් එකට ඉන්නේ කොහොමද? (නි)
හැම ආගමක්ම එකයි කියන අය ඔන්න මේ ආගම නම් අනිත් ආගම් එක්ක සසඳනවා එහෙම නෙමෙයි හොඳේ! (නි)