සෞදියේ රජ කුමරකු ඇතුළු සිව්දෙනෙක් මත් ද්‍රව්‍ය ටොන් දෙකක් සමග ලෙබනනයේ බීරූට් හිදී අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් ප්රවෘත්ති සේවා කියයි.
කොකේන් හා කැප්ටගෝන් නමැති මත්ද්‍රව්‍ය ඒවායේ අඩංගුව තිබී ඇතැයි කියති.
සෞදියේ අබ්දුල් මොසීන් බින් වාලිඩ් බින් අබ්දුල් අසීස් නමැති එම කුමරාට අයත් පෞද්ගලික ගුවන් යානයකින් මත්ද්‍රව්‍ය තොගය රැගෙන සෞදියට යාමට උත්සාහ කිරීමේදී බීරූට් හි රෆික් හරීරි ගුවන්තොටුපළ බලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
බීරූට් ගුවන්තොටුපළ ආරක්ෂ අංශ නිලධාරීන් පවසන්නේ ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සමීර.ඔයා ලන්ඩනයේ ඉදන් මැදපෙරදිග රටවල් ගැන දන්නා ඉටිගෙඩියක් නැහැ. හවුලේ කැඳත් නැහැ මේ රටවලට ඇවිත් බැලුවොත්. (බ)
සෞදිය මින්නුසන්ට කිසිම නිදසක් නෑ . (ම)
නඩුත් බඩුත් දෙකම සෞදියගේ ?????????????????????? (ම)
සල්ලි කාගේද මල්ලි කියල කියනවනේ.නමුත් රජ වරුන්ට ඇති හැකි අයට සල්ලි එයාගේ අයියා.මේගොල්ලෝ සල්ලි උඩ පීනන අය,ඒ වගේම අර මුලින් කියපු අයියගේ සුද්දවූ පොත පෙරලලා නැති බැරි එකාව ගොනාට අන්දන්නෙත් මෙයාල තමයි.මුන්ට කිසිම නීතියක් නැහැ, (ම)
සෞදි කුමාර වරුන්ට දෙවෙනි නැහැ , අපේ හිටපු රජයේ ලොක්කන්ගේ පුත් කුමාරවරුනුත් , සමහරු මත් කුඩු ගෙන්වූවා , සමහරු විරුද්ධවාදීන් මැරෙව්වා , තව සමහරු රටේ මහජන මුදල් රටින් පිටට ගෙන ගියා , අපිට තෙල් නැති වුනත් යුද්ධය නිසා මුදල් ඔවුන්ට ලැබුණා (බ)
යුරෝපා හවුල සල්ලි ගැත්තන්ට එක විදිහක් .දුප්පතාට තව විදිහක්.එකනේ කට වහාගෙන ඉන්නේ (බ)
සෞදි රටේ හා එම රටේ කුමාරවරු කරන දුෂණ , ජඩකම් මෙහෙ ඉන්න අපි දන්නවා. බලමු එයාට දෙන දඬුවම මොකක්දද කියල. මෙහෙ හැමදේම මුදලට යටයි. (බ)
ඉසුරන්දි යුරෝපය ගැන දන්නා දෙයක් කතාකරන්න... මැදපෙරදිග රටවල මානව හිමිකම් කඩවීම් ගැන තදින්ම විවේචනය කරන්නේ යුරෝපය. මේ ප්‍රවෘතිය බීබීසී, ඩේලිමිරර් ඇතුලු ලන්ඩනයේ බොහෝ මාධ්‍යවල පලවුනා (බ)
යකෝ, යුරෝපෙට ඇගිල්ලෙන් ඇන්නහම ඩෝන් ගිහින් තියෙන්නේ හැම කළු සුද්දෙක්ටනේ. මමියි , ඩැඩියි සනීපෙන්ද ? (බ)
අනේ මෙහෙමත් කුමාරවරු? (නි)
අපි බලමු කුමාරයට මොකද වෙන්නේ කියලා (නි)
මොකුත් වෙන එකක් නැහැ. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීති බලපාන්නේ සෞදි වල සාමාන්‍ය ජනතාවටනේ. (නි)
කුමාරයා නෙමෙහි රජු වුණත් අනිවාර්යෙන් දඬුවම් ලැබිය යුතුයි (ම)
අපේ ඹෆිස් එකේ ඉන්න , ලංකාවේ මුස්ලිම් අය මේක පිළිගන්නෙම නැ. එයාල කියන්නේ මේක කුමන්ත්‍රණයක් ලු මුස්ලිම් ආගමට පහර ගහන්න ......(රේ)
ඔය සෞදි රජ්ජුරුවන්ගේ මාලිගාවේ ඕන තරම් මත් වතුර හා කුඩු. නිතරම පාටි. නමුත් සාමාන්‍ය පුද්ගලයෙක් අහුවුනොත් අත් කපනවා බෙල්ල කපනවා. මැරිච්ච රජ්ජුරුවෝ නිතරම බීමතින් හිටියේ. අපේ අහිංසක රිසානාගේ බෙල්ල කපපු එකට ඕගොල්ලෝ කවදාහරි වන්දිගෙවාවි. (බ)
ඇයි මල්ලි මතක නැද්ද අපේ කුඩු කන්ටේනර් එක යට ගහපු ගැහිල්ල? (බ)
විද්‍යා නොදන්නා දේවල් කියන්න ගිහින් බක පණ්ඩිතයෙක් වෙන්න එපා. (ර)
ඉන්න තරමක් ඉන්නේ මේ වගේ කුමාරවරුම තමයි. (නි)
කොහොමද අපේ කෙනෙක් සෞදියේදී ඕක කළානම් මහා ජරා ජාතියක් තමන්ගේ ඇහේ පොල් පරාලය තියන් අනුන්ගේ ඇහේ රොඩ්ඩ හොයනවා (බ)
අර කොහෙද ඉන්න එකෙක් වෙනුවෙන් අපේ අය රණ්ඩු වෙනවා.(රේ)
අපේ කුමාරවරු කරපු වැඩ දෙයියෝ තමා දන්නේ .....(බ)
මෙච්චර ප්‍රමාණයක්.? (ර)
ලංකාවෙත් මේවා කලේ අපේ දේශපාලුවන්ගේ කුමාරවරු තමා. (ස)
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ යන කියමන මතක් වෙනවා (බ)
මත්ද්‍රවය වසංගතය ලොව තරුණ ජිවිත බිලිගන්නවා. (ර)
එහෙ එහෙම වුනාට අපේ කුමාරයෝ තාම නිදැල්ලේ. (බ)
ඔය කට්ටිය ලොවෙත් එහෙමයි මෙහෙත් එහෙමයි. ඒවුනාට කොහොමොද දාන සද්ද? මත් ද්‍රව්‍ය කියන්නේ මෙයාලගේ හොඳ අදායම් මගක් වගෙයි. තෙල් වලින් ඔය සල්ලි සුදුසල්ලි කරන්න පුළුවන්නේ අර මෙහෙ කට්ටිය ඉස්සෝ ෆාර්ම් කරලා කළු සල්ලි සුදු සල්ලි කලා වගේ....(රේ)
සෞදි නීතිය අනුව නම් සාමාන්‍ය කෙනෙකුට මෙවන් වරදකට මරණ දඬුවම. මෙයාට? (නි)
දැන් කුමරාට මොන දඬුවමක් දෙයිද දන්නෙ නැහැ (නි)
බලාඉන්න මරන දඬුවම දෙනතුරු. හීනෙන් තමයි. අපේ අය මෙහෙ කෑගහනවා. නමුත් ලෝකේ හැමතනම ඔහොම තමයි. ලොක්කන්ට විශේෂ සැළකිලි (නි)
ඇමරිකන් කාරයෝයි එංගලන්තේ සුද්දොයි තමයි තෙල් සොයාගත්තට පස්සේ මේ ගොල්ලන්ගේ මුතුන් මිත්තෝ ඔටුවෝ පිටින් බස්සල රජවරු කලේ. එකේ විපාකේ තමයි ඔය වෙලා තියෙන්නේ(රේ).
රජ කුමාරයාගේ තාත්තා එක ඇමතුමක් දුන්නහම ඔය සේරම නිදහස් වෙයි. මොකද වැදගත්, නම්බුකාර යැයි කියන අය වැරදි දේවල් කරලා අසුවුණාම දන්නවා ඉන් ගැළවෙන්නත්. (නි)
ඉන්දික ඇත්ත කතාව කියල තියෙනවා! සුද්දෝ නොහිටින්න මේගොල්ලෝ දෙවියෝ මවපු තෙල් ටික ගන්න බැරුව ඔටුවගේ පිටේ තාමත් දුවනවා! (බ)
ඒවා අරාබියේ කරන්න බැහැ. ලෙබනන් රටේ නීතිය අනුව අනිවාර්යෙන් දඬුවම් ලැබෙනවා (නි)
අපේ රටේ මහත්තුරුත් ෂරියා නීතිය ඉල්ලුවට පේනවා නේද ඒකෙන් පාලනය කරන්න නොහැකි එකත් ලොකු අයට එක විදියකටත් පොඩි අයට තව විදියකටත් කියලා. මීටකලින් තව කොපමණ ප්‍රමාණයක් ගෙනියන්න ඇද්ද? අපි බලාගෙන ඉමු මේ අයට කොහොමද නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා (නි)
කුමාරයා අපේ වෙලේ සුදාගේ යාළුවෙක්වද්ද? (නි)
මේගොල්ලෝ මත් ද්‍රව්‍ය දැක්කම නයාට අදු කොළ වගේ රගපාන්නේ නමුත් යටින් කරන්නේ මේ වගේ වැඩ තමා (බ)
හොද දඩුවමක් ලැබෙයි.! (ර)
සුල්තාන්ලගේ ,ධනවතුන්ගේ වැඩ බලන්න ප්‍රංශයේ මොනාකෝ වලට යන්න (නි)
අනේ හැබෑට, රජ කුමරෙක් වෙලත් ගෞරවනීය විදිහට ජීවත්වෙන්න නොදන්නා හැටි? (නි)
රජ පවුලේ අයට වුණත් නීතිය එකයි. ඉක්මනටම බලාගන්න පුළුවන් ඒක. (නි)
සෞදියේ කිව්වහම මට හරි සතුටුයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු. (නි)
ඕක නිදහස් කරයි. එ්කයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. (බ)
මෙම සිද්ධිය යුරෝපයේ කිසිම පුවත් පතක හෝ රුපවාහිනී නාලිකාවක පෙන්වුයේ නැත්තෙ , සෞදි තෙල් බලය නිසා වෙන්න ඕනේ , ලංකාදීපයට බොහෝ ස්තුතියි මෙය අපට වාර්තා කලට....(රේ)
බලනකොට මොන රටත් එකයි වගේ (නි)
අනේ මෙහෙමත් ප්‍රභූ පුතාලා? (නි)
මේ වගේ තොග හොයාගත්තහම මේවා සැපයුවේ කවුද, කාහටද යන්නේ හොයන්නේ නැහැ වගෙයි. (ම)