සඳුදා දහවල් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් රාජකාරි කටයුත්තක් අවසන් කර ලීඩ්ස් නගර සභා ශාලාවේ සිට සිය වාහනය වෙත යද්දී ඒ අසල සිටි තරුණයෙක් අගමැති වරයාවෙත කඩාපැන ඔහු පසෙකට තල්ලු කිරීමට උත්සහ කෙළේය.
අගමැති ආරක්ෂකයෝ වහා ඔහු අත්අඩංගුවට ගත්හ.
ඩීන් බැල්බෝ ෆාර්ලි (28) එම තරුණයා පසුව පොලිසිය විසින් නිදහස් කැරිණි.
අගමැති වරයාගේ පෞද්ගලික ආරක්ෂාව බිඳීයාම බලවත් වරදක් බව පැවසු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වරු ප්‍රභූ ආරක්ෂක සැලැස්මේ දෝෂ විධිමත් අයුරින් නිර්දෝෂ කරන ලෙස ස්කොට්ලන්ඩ් පොලිසියට කීහ.
සඳුදා සිට බ්‍රිතාන්‍ය හමුදා ඇෆ්ගනිස්තානයෙන් මුළුමනින්ම ඉවත්කර ගත් අතර දැනට සිරියාව සහ ඉරාකය කේන්ද්‍ර කොට පවතින සටන් සඳහා එරට හමුදා ඍජුවම සහභාගී වෙති.
බ්‍රිතාන්‍ය ජාතික මුස්ලිම් තරුණයෝ විශාල ප්‍රමාණයක් මෙම සටන් පෙරමුණෙහි ඉන්නා අන්තවාදී කණ්ඩායම් සමඟ එක්වී සටන් කරති.
මේ හේතුවෙන් මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්වී ඇති ඩේවිඩ් කැමරන් ගේ පෞද්ගලික ආරක්ෂාව මේ අන්දමින් බිදවැටීම පිළිබඳව ඉන් අනතුරුව විවිධ අදහස් පළවීමට පටන්ගත්තේය.
ඩේවිඩ් කැමරන් කියා ඇත්තේ බ්‍රිතාන්‍යයේ ප්‍රභූ ආරක්ෂක අංශය පිළිබඳව සම්පුර්ණයෙන්ම විශ්වාශය තැබිය හැකි බවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලංකාවේ වුනානම් පස්සේ ආරංචි වෙයි ඒ කොල්ලා වෙඩිතියාගෙන මැරිලා කියලා. (හේ)
එඩිතර කොල්ලෙක්.(හේ)
මේ වෙන කොට කොල්ලගේ සුදු හම රැලි වැටිලා ඇති.(හේ)
අපේ රටේ ජනාදිපති එහෙම ඔය විදිහට ගියානම් ඔය තත්ත්වේ කොහොම වෙයි කියලද ඔයා හිතන්නේ.(හේ)
අපේ රටේ නම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට අත තියනවා තියා වචනයකින් බැණ වැදුනොත් කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නැහැ (නි)
සිද්ධිය වෙලා තියෙන්නේ වෙන රටක ! සමහරුන් ඒකට මඩගහන්නෙත් ලංකාවට ! අපූර්ව මානසිකත්වයක් (නදී)
ධම්ම, කව්ද කියන්නේ බ්‍රිතාන්‍ය සාමකාමී රටක් කියා. (අ)
එංගලන්තයේ අගමැතිගේ ඇඟට කඩා පැනලත් ඒ තරුණයාව නිදහස් කර යවන්න තරම් ශීලාචාර උනා. ඒත් අපේ රටේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකුට අත තියනවා තියා වචනයකින් බැණ වැදුනොත් අවමගුලකින් තමයි කෙළවර වෙන්නේ. (නදී)
මොන ප්‍රජාත්‍රන්තවාදයද? හමයි නමයි සුදුයිනේ, නැත්නම් ඉතින් දීගටම හිරේ තමයි. (ර)
එංගලන්තෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නදී)
ලෝකෙට පේන්න ඒ තරුණයා නිදහස් කෙරුවට පස්සේ අල්ලගන්නව ෂුවර්. (ර)
අපේ රටේ නම් දැනටමත් ආශ්චර්යය හොඳටම දැනිලානේ තියෙන්නේ (නි)
මෙය ප්රජාතන්ත්රවාදය සමඟ පටලාගන්න එපා. පරීක්ෂණ ඇරඹෙන්නේ මෙතැන් සිටය. (නි)
සාමකාමී බ්‍රිතාන්‍යයට ඇයි ප්‍රභූ ආරක්ෂක අංශයක්? (ස)
ඒ රටටත් ත්රස්තවාදයේ බයානකකම දැනෙන්න ඕන. ඒ වුනත් අපේ රටේ දේශපාලකයෝ පාරේ යනකොට සාමාන්‍ය ජනතාවට පාරේ ගමන් කල හැකිද?(හේ)
මොකක්ද හේතුව කියලා හොයලා බැලුවේ නැද්ද?(හේ)
මේ රටෙත් කොටි පාලන ප්‍රදේශ තිබෙනවාද? (ර)
ඕක ලංකාවේ වුණා නම් , එ් වේලාවෙම වෙඩි තබා හෝ අල්ලාගෙන ගොස් අතපය කඩා අවුරුදු ගණනක් හිරගෙයට අනිවාර්ය ,(හේ)
ලංකාවෙත් එහෙම තමයි විශ්වාශය තැබිය නොහැක්කේ ප්‍රභූන්.(හේ)
ඩීන් බැල්බෝ ෆාර්ලි (28) එම තරුණයා පසුව පොලිසිය විසින් නිදහස් කැරිණි. පේනව නේද ප්‍රජාත්‍රන්තවාදයේ මහිමය. (ර)
ඉතින් ලංකාවත් සාමකාමී රටක් නේ. (ර)
ඕව ඔක්කොම සාමකාමී රටවල් අන්තවාදී සරණාගතයෝ ඔය රටවල වලට ගෙන්න ගන්න කලින්! (අ)
ගයාන්, බ්‍රිතාන්‍යයට දඩුවම් ලැබෙනකොට ඒ හා සමාන කරදරයක් අරාබියෙන් මෙහෙට එනව! (අ)
එය පටන් ගත්තා විතරයි. ඉස්සරහට දෙන දෙයියෝ ගෙටම ගෙනත් දෙයි. (අ)
අපි වගේ දුප්පත් රටවලට කරන අපරාධ වලට අනාගතයේ දඬුවම් ලැබේවි. (ස)