සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ අවට ප්‍රදේශවාසි ශ්‍රී ලාංකික දානපතින්ගේ අනුග්‍රහයෙන් විසි වැනි වරටත් සංවිධානය කළ වෙසක් මහා පිංකම පසුගිය සතිය පුරා තුන්දහසකට නොඅඩු ශ්‍රී ලාංකික සහ විවිධ රටවලට අයත් පිරිස් හි සහභාගිත්වයෙන් ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
පසුගිය තුන්වැනි දින සිට අට වැනි දින දක්වා පැවැති මෙම මාහැගි වෙසක් පිංකමට “සත්සතිය” තොරණක් ද කැරකෙන පහන් කුඩු, රුවන්වැලි මහා සෑයේ අනුරුවක් ද ප්‍රදර්ශනය කැරිණි. භක්ති ගීත,ජාතක කතා ඇසුරෙන් සැකසුණු බෞද්ධ නාට්‍ය,ධර්ම දේශනා, ශීල ව්‍යාපාර, ලේ දන්දීමේ ව්‍යාපාර සහ දන්සල් ද ඇතුලත් විය. අට වැනි දින උදැසන උපාසක උපාසිකා හැත්තෑ දෙනෙක් පමණ අට සිල් සමාදන් වූහ. දහවල් දානය රියාද් අවට ප්‍රදේශවාසි සැදහවතුන් විසින් පිළිගන්වන ලදී.
මියන්මාර සහ වියට්නාමයේ තානාපතිවරු ද මේ පිංකමට සහභාගි වුහ. ශ්‍රි ලංකා තානාපති කාර්යාලයයේ නිලධරයෝ ද කිහිප දෙනෙක් ම අෂ්ඨාංග ශිලය සමාදන් වූහ. තානාපති කාර්යාලයේ සියලුම නිලධරයෝ මෙම පිංකමට මනා දායකත්වය දුන්හ. අමාත්‍ය ගම්මන්පිල මහතා ඊට මුල් විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරච්චිගේ,හොරෙන් වෙසක් සමරන එකට නිදහස කියලද ලොක්ක කියන්නේ? (නදී)
බහුතරයක් බෞද්ධයෝ දන්නේ නැති වුනාට බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනයක් තියෙන්නේ මක්කම.(හේ)
හතු පිපෙනවා වගේ පල්ලි බෞද්ධ නටඹුන් උඩ සහ පෞරාණික ස්ථාන වල සෞදියෙන් ආපු අය අටවනවා ඒවා ගැන සිංහලය කතා කරනකොට ජාතිවාදිය කියල සිංහලයට ඇගිල්ල දික් කරනවා සෞදි මොළේ කියන්නේ ඕකට තමා! (බ)
පනින්න පෙර සිතා බලන්න සහෝදරයෙනි. අදහස් ප්‍රකාශ කරනකොට ජාති බේද අවශ්‍ය නැහැ. (නි)
මෙතන කිහිප දෙනෙක් කමෙන්ට්ස් කිහිපයක් දාල තියෙනවා.මාලි,මාපලගම පත්මා, ආරච්චිගේ, සහන් මේ නම්වලින් ඉන්න අයගේ ඇත්ත මුහුණ එලියට දාන්න. මෙතන කවුරුත් කියල නැහැ සෞදියේ පන්සල් හදන්න ඕනේ කියලා. තමන්ට තමන්ගේ ආගමක් අදහන්න අවස්ථාව දෙන්න කියල විතරයි කියල තියෙන්නේ. මාලි නමින් ඉන්න කෙනාටයි මාපලගම පත්මා නමින් සිටින කෙනාටයි ගොඩක් හිත රිදෙන්න ඇත්තේ අැයි කියල කියවන අයට තේරෙනවා. (නදී)
තානාපති කාර්යාලය කියන්නේ ජාත්‍යන්තර නීතිය අනුව කාර්යාලය අයත් රටේ කොටසක් වගේ. සෞදියේ තියෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අයිති ලංකාවට. ඉන්දියානු කාර්යාලය ඉන්දියාවට. ඒ නිසා මේක සෞදියේ ආගමික නිදහස කියල නම් කියන්න එපා.(නදී)
මම මේ සම්බන්ධයෙන් කිසිවක් නොකියා සිටිමි (නි)
ආගමික නිදහස ඕනෑම රටක් පිළිඅරගෙන තියෙන්නේ රටවල් කීපයක් හැර. ඇත්තටම ලංකාවේ මුස්ලිම් මිනිස්සු හරිම වාසනාවන්තයි ආගමික නිදහස පැත්තෙන් (නි)
සිංහල,දමිළ මුස්ලිම්,මැලේ,බර්ගර් යන සියලු ජාතින් ශ්‍රී ලාංකික පුරවැසියෝ වෙමු ආගම් ජාති බේද දුරලා අපි ලාංකිකයන් වශයෙන් සිතමු (බ)
අපෙ උන් හැම එකටම ජාති වාදය.අපෙ ඉන්නවා නේ හැම දෙයකටම වරදක් දකින කාලකණ්ණි,අකමැති එකා හිටපන්කො ලංකාවට වෙලා,සෞදි ඉදලා තමන්ගෙ ගෙවල් නඩත්තු කරන කි දෙනෙක් ඉන්නවද.ඔය කියන උන් එනවාද නැති උනාම කියක් හරි දෙන්න,ඇතුලෙ හරි ඔය දෙයක් කරන්න ලැබුණු එක ගැන සතුටු වෙයන්,ඔය කමෙන්ට් කරන අය දන්නවද සෞදි වල කම්පැනි වලින් කැම හිටන් නොමිලේ දුන්නා කියලා (බ)
මට පුදුම සෞදියට අවලාද නගමින් එම රටවලට යන ශ්‍රමිකයන්ගේ කතා. ඔපමණ කරදර තියෙන බව දැන දැන යන්නේ මොකටද ? යන්න කලින් එම රටේ නිතිය දැනගන්න. යන රටේ නීතියට ගරු කරන්න, රටින් රටට නිතිය වෙනස් සමහර රටවල නිදහස කියන එක වල් බුරු නිදහස වගේ. නිදහස වැඩි නිසා තිරිසන් වෙලා (නදී)
ගොඩක් සතුටුයි.(නදී)
මේ දේවල් දකින කොට ගොඩක් සතුටුයි.(හේ)
සනත් විතරක් නොවෙයි ආරච්චිගේ කියන අයත් කාන්තාරේ අය වගෙයි (බ)
සනත්,නමින් ඉන්නේ කාන්තරෙන් ආපු කෙනෙක් වගෙයි (නදී)
සුපුන් , ඔය සේරම එ් රටේ වැඩට ගිය අය .එහි රස්සා කරලා අපේ අඹු දරුවෝ ජීවත් වෙනවා කියන එක අමතක කර ජාතිවාදය අවුස්සන ප්‍රකාශ කරන්න එපා. (බ)
ආරච්චිගේ,මෝඩයෝ එහෙනම් මොන අහවල් කාරියකටද සෞදියෙන් මේ මිනිස්සු අපේ රටට ඇවිත් බින්න බැස්සේ??? (බ)
ආරච්චිගේ,ගොයියෝ ඔහේ කියන විදිහට සෞදිය ඉස්ලාම් කට්ටියගේනම් පිට ජාතීන්ට තානදිපති වරප්‍රසාද මත අන් ආගම් සමරන්න පුළුවන් එක ලොකු කමක් විදිහට පේනවනම මම අහන්නේ ලංකාව කියන්නේ බෞද්ධ භක්තිකයන්ගේ ප්‍රධාන රටක් ඒ රටේ සෞදිය වගේ රට වලින් ආපු අය කැලි ඉල්ලා ඉල්ලා දගලන්නේ මොකද? සෞදියේ ඉපදුනා කියල ඒ රටවල අන්‍යාගමිකයන්ට නිදහසක් තියෙනවද හලෝ??(බ)
සුපුන් කියන මිනිහාටනම් මෙලොදෙයක් නොතේරෙනවා වගෙයි, සෞදිවල තානාපති කාර්යාල අස්සවලහරි මේවගේ දේවල් කොරන්න ඉඩ ලැබුණු එකාගෙන් සන්තෝසවෙන්නේ නැතුව,ලංකාවේ මුස්ලිම් අයට තියෙන නිදහස ගෙන කතාකොරන්නේ ඇයි?ලංකාවේ ඉන්නා මුස්ලිම් ය මෙහෙම ඉපදුන මෙහෙ පුරවැසියෝ,එයට නිදහස දෙන්නේ නෙතුව බැහැනේද?නමුත් සෞදිය කියන්නේ ඉස්ලාම් ආගමිකයන්ගේ ලෝකේ තියෙන ඇති ප්‍රධාන රට,ඉතින් මේ වගේ රටක අන්‍ය ආගමිකයන්ට මෙතරමින් හරි නිදහසක් තිබීම ගැන සුපුන් වගේ මෝඩයන්ට ඇයි නොතේරෙන්නේ?මේ අය එහෙ වැඩට ගිය අය කියන එක (බ)
සතුටුදායක පණිවඩයක්. (නදී)
ඔය රටේ වෙසක් පතක්වත් තැපෑලෙන් ඒ රටට යවන්න තහනම්. ඔය වෙසක් කූඩුවයි, තොරණයි, දාගැබයි සෞදි කාරයොයි දැක්කා නම්, හදපු කට්ටීයව හිරේ දානවා. දැන් ඒ නීති ලිහිල් කරලද? (නදී)
සෞදි අරාබියේ වගේම බොහෝ මුස්ලිම් රටවල්වල මේ කටයුතු සිද්ධ වෙන්නේ තානාපති කාර්යාලය ඇතුලතදී. අපේ රටේදී මුස්ලිම් අය නිදහස බලාපොරොත්තු වෙන්නේ මොන පදනමකින්ද? (බ)
මේ රටේ කිසිම ආගමික නිදහසක් නෑ. ඒ නිසා තානාපති කාර්යාලය ඇතුලේ දොරවල් වහගෙන පිටට කිසිවක් නොපෙනෙන ලෙස මෙවැනි කටයුත්තක් කිරීම ගැන අපි බොහොම සන්තෝස වෙනවා .(හේ)