පෘථිවිය මත ඇති සියලූ සාගර වල ජල කඳෙහි එකතුව පරදවන දැවැන්ත ජල සංචිතයක් පොළවෙන් කිලෝමිටර 400 ත් 600 ත් අතර පෘථිවි අභ්‍යන්තරයේ පිහිටා ඇතැයි විද්‍යාඥයෝ කියති.
මෙම ජල සංචිතය අලූතෙන් සොයාගෙන ඇති රින්ග්වුඩයිට් නම් පාෂාණ ස්ථරයක මේ ජල තුලය ඇති බවත් පොළව කැණි පමණින් එම ජලය පිටතට ගැනීමට නොහැකි බවත් ඔවුහු පවසති.
රින්ග්වුඩයිට් පාෂාණයට ජලය උරාගෙන ගබඩා කර තබාගැනීමේ හැකියාවක් ඇත.මෙනිසා මෙනිසා විද්‍යාඥයින් රින්ග්වුඩයට් පාෂාණයන් සමාන කරන්නේ ස්පෝන්ජයකටය.
මෑතක් වනතුරුම විද්‍යාඥ මතය වුයේ සිතා සිටියේ රින්ග්වුඩයිට් පෘථිවියට ආගන්තුක පාෂාණයක් බවයි.නමුත් බ්‍රසීලයේ දියමන්ති ආකාරයකින් නව සංයුතියකින් යුතු දියමන්ති හමුවීමට පටන් ගැනීමෙන් පසු ඒවායේ සංයුතිය සොයාබැලීමට සිදුකළ පර්යේෂණ වලින් හෙළිව ඇත්තේ එම දියමන්ති වල රින්ග්වුඩයිට් අන්තර්ගත වන බවයි.
මෙම ජල සංචිතය පෘථිවි පෘෂ්ඨය මත ගිනි කදු පිපිරීම් හා පෘථිවි භූතල එහා මෙහා වීම වැනි සිදුවීම් වලට දැඩි බලපෑමක් එල්ල කරන බව විද්‍යාඥයින් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරි කාලයේදී අපටත් ෂෙඩ් එකෙන් ලීටර් ගානට මුදල් ගෙවල බීමට වතුර ගන්න පුළුවන්. (ත)
බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ පොළොව තියෙන්නේ ජලය මතය , ජලය තියෙන්නේ වාතය මතය කියාය . (දිල්)
කුමාර, හරියටම හරි.! ඒබව සදහන්ව ඇත්තේ දීඝ නිකායේ, මහා පරිනිබ්බාන සුත්රයෙයි. මම කතෝලික උවත් බුද්ධ දේශනාවේ ඇති යථාර්තවාදී බව හදපත්ලෙන්ම පිළිගනිමි. (අ)
මමත් පරම්පරා කතෝලික. එත් බෞද්ධ ධර්මය යනු එකම සත්‍ය ධර්මයයි . වෙන කිසිම ආගමක මෙවැනි සත්‍ය ධර්මයක් නොමැති බව දියුණු රටවල අය පවා පිලිගන්නවා. (දී)
කුමාර මට කියනවද ඒ කොහෙද තියෙන්නේ කියල (දී)
රජින්ද ඔයාලා කතෝලික නෙවෙයි ඉස්සර ,,,,? ඔයාලව කතෝලික කලේ ලන්දේසි ,පෘතුගීසි , ඉංග්‍රීසි කාරයෝ මානව හිමිකම් කඩකරලා තුවක්කු පෙන්නලා තානාන්තර පෙන්නලා .....!!! ඒ අතීතයේ ඔයාලා ලබාගත්ත සිතේ දියුණුව නිසයි ඔය අවබෝධය ....?(දී)
මේවා විද්‍යාවෙන් සොයන්නට අවුරුදු 5000 ට පෙර බයිබලයේ දේව වචනයෙන් ලියැවී තිබෙනවා.(නදී)
බෞද්ධ යනු ආගමක් නෙමෙයි යථාර්තවාදී දර්ශනයක් කතෝලික යනු ආගමක් විස්වාසය මත රැදුණු .මේ ආගම් දෙකම ශ්‍රී ලංකාවට පිටින් ආ දේවල් බව මතක තියාගන්න.(දී)
බුද්ධ දර්ෂණය යනු හේතුපල දහමකි. තමා තුලින් දකින දහමකි. නිර්මල වූ බුදු දහම සියලු ලොවේ සබැ අර්ථය ඉස්මතු කරයි.(නදී)
තෙල් ටික ඉවරවෙනකල් ඒක ඇදල අරගෙන විකුණලා තෙල්වලින් සල්ලි හම්බ කළා. දැන් පොලොව යට තියෙන වතුර වලිනුත් සල්ලි හම්බකරන්ඩද යන්නේ? (නදී)
කයිවාරු කාරයෝ, පුරාජේරු කාර ඉරිසියා කාරයෝ මොනවා බිරුවත් අද අපි ලෙඩක් දුකක් කරදරයක් නැතිව ගල් යුගයට වඩා වෙනස් විදියට පහසුවට ජිවත් වෙන්නේ මේ මිහිපිට බිහි උන විද්‍යාඥයින්ටයි ඒවා ලෝකෙටම මොන අයුරින් හෝ බෙදපු බටහිර රටවලටයි පින් සිද්ද වෙන්ට මිස ඇමරිකන් විරෝදී බේබද්දන්ට පින් සිදු වන්නට නොවේ.(නදී)
"දැනගැනීමෙන් නිවනට " කියල යු ටියුබ් එකේ හොයල බලන්න.(නදී)
"අයං ආනන්ද මහා පඨවී උදකෙ පතිටඨිතා උදකං වාතෙ පතිටඨිතං. වා කො ආකාසටෙඨා හොති... යං මහාවාතං වායනති, මහාවාතා උදකං කමෙපන්ති, උදකං කම්පිතං පඨවිං කමෙපති" ආනන්ද, මේ පොළොව ජලයෙහි පිහිටා තිබේ. ජලය වාතයෙහි පිහිටා තිබේ. මහා වාතය හමායන විට ජලය කම්පා කරවයි. ජලය කම්පා වූ විට පොළොව පොළොව කම්පා වෙයි. නවීන විද්‍යාඥයන් පවසන්නේත් මේ දෙයමය. අවුරුදු දෙදහස් හයසියයකට පෙර භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දෙයම නවීන විද්‍යාඥයන් පර්යේෂණ කොට නව දැනුමක් ලෙස ඉදිරිපත් කළත් එහි අනව්යතාවක් නම් නැත. (අ)
ශීලා, ගල් යුගයේ මිනිස්සුත් ජීවත් උනා. ඒගොල්ලෝ හරිම සරල විදියට හිටිය. දැන් මිනිස්සුත් ජීවත් වෙනවා, හැබැයි ප්‍රශ්න ගොඩක් ඔලුවේ තියාගෙන. අන්තිමට වෙලා තියෙන්නේ එකමදේ නේද? සමහර ලෙඩ වලට බෙහෙත් හොයාගෙන තියෙනවා. ඒවගේම බෙහෙත් නැති අලුත් ලෙඩත් හදාගෙන තියෙනවා.(අ)