ඕස්ටේ්රලියාවේ පැවැත්වෙන ‘බිග්බෑෂ්‘ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ වාර්ෂික සුහද හමුවකට අගහරුවාදා (5) සහභාගි විය.
සංගක්කාර හා බිග්බෑෂ් තරගාවලියේ කී‍්‍රඩා කරන හෝබාට් හරිකෙන්ස් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයෝ ද ශ්‍රී ලාංකිකයන්ගේ සුහද හමුවට එක්වුහ. ඕස්ටේ්රලියාවේ පදිංචි වී සිටින හිටපු ටෙස්ට් ක්‍රීඩක අසංක ගුරුසිංහ ද මෙම සුහද හමුවට එක්ව සිටි අතර විචිත්‍ර අංගයන්ගෙන් උත්සවය වර්ණවත් විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදලට කැදරවු සංගා ජනතාවගේ අප්ප්‍රසාදයට. (අ)
මොහු මහත්මයෙක්.. (අ)
මුදලට ඕනෑම දෙයක් කරන අය (අ)
සංගක්කාර හෝ ඔහුගේ සමාගම ලෝක ප්‍රසිද්ධ එන්රික්ස් ලංකාවට ගෙන්වුයේ තනපට ගළවා විසිකිරීමට නොවෙයි. සංගීත රසාස්වාදය සඳහායි. ප්‍රේක්ෂකයන්ගේ තිබෙන අසභ්‍ය ගතිවලට ඔහු වගකිවයුතු නැත. රටේ සංස්කෘතිය අසංවර වූයේ ඔතනදී නොවේ. එහෙත් නරඹන්නන්ට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් නම් ඔහු වගකිව යුතුය. (නි)
මහත්මයෙක් හැටියට නම තියාගත් මොහු ක්ෂණයකින් නම කැතකරගත් අපුරුව නේද? (නි)
මේ "මහත්මය" ඒ රටෙත් ප්‍රසංගයක් තියයිද?(අ)
එක් අයෙකුගේ අශීලාචාර හැසිරීම නිසා එය සංවිධානය කළ අයගේද වරද? (නි)
මේ කථාවක් නිසා මේ වාගේ මහත්වරුන්ට අපහාස කළාට අපි දන්නවා සංගා කවුද කියලා (ම)
සංගා, ඔබ හැමදාමත් ලක්මවට මැණිකකි. (නි)
අපි ඔහුට ගැරහුවට මුළු ලෝකයක්ම අදත් ඔහුට ගරු කරනවා (නි)
එදා කොළඹ නගර සභාවට අයවියයුතු ඒ මුදල නොගෙවූ එකටයි අපිට නම් දුක (නි)
සංගා ගැන කලින් තිබුන ප්‍රසාදය අඩුවුණා.ඒ ගෙවියයුතු මුදලක් පැහැර හරින්න හදපු නිසා. එම ප්‍රසංගයට වැයකළ මුදල් වලින් අසරණ දරුවන් උදෙසා දෙයක් කරන්න තිබුනා. මිනිසුන්ගේ ජීවිතයට යහපතක් වෙන කොච්චර දේවල් කරන්න තිබුනද? අනික සංගා වැනි අයගේ තිබෙන ජනප්‍රියකම නිසා මිනිසුන්ට යහපත වෙන වෙනත් දෙයක් සංවිධානය කළා නම් ඒ සඳහා රටේ තරුණ තරුණියන්ද පහසුවෙන්ම එකතු කරගන්න පුළුවන්. (නි)
සංගා තමන්ගේ නම නිරපරාදේ කැතකර ගත්තා (නි)