තිරිංග පද්ධතියක් හෝ ජියර පද්ධතියක් නොමැතිව ස්වයං පාලන මෝටර් රථයක් හඳුන්වා දීමට ගූගල් සමාගම පියවර ගෙන ඇත. රථයේ සවිකැර ඇති සංවේදන උපකරණ මගින් අනතුරු හඳුනාගෙන ධාවන පථ මාරුකරමින්, ධාවනයේ යෙදීමටත් මාර්ග සංඥා හඳුනාගැනීමටත් මේ නව රථයට හැකියාව ඇතැයි ද නිෂ්පාදන සමාගම පවසයි.
ලෝකයේ ප්‍රවාහන ක්‍රමය කණපිට පෙරලීමේ සමත්කමක් ඇති මේ වාහනයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු ඇස් ලෙසත් අධි සංවේදී ලේසර් සංවේදක පදධතිය නාසය ලෙසත් පෙනෙයි.
බරින් අඩු පොලි කාබනේට් මගින් රථයේ බඳය නිපදවා ඇත. ඉදිරිපස වීදුරුව නිපදවා ඇත්තේ ඇල්ලූ විට නැවෙන නම්‍යශීලී ප්ලාස්ටික් වලිනි. මෘදු ෆෝම් වර්ගයක් යොදාගෙන බොනට්ටුව නිපදවා තිබේ.
ගූගල් සමාගම පවසන්නේ මේ රථය මාර්ගයේ ධාවනය කරවීම සඳහා වීඩියෝ කැමරා, රේඩාර් සංවේදක, ලේසර් කිරණ, ජීපීඑස් සහ සවිස්තරාත්මක ත්‍රීඩී සිතියම් ද සම්පාදනය කැර ඇති බවයි. මේ සිතියම්වල මාර්ගය දෙපස ඇති කාණුවල හා බැමිවල ගැඹුර මෙන්ම උස ද සඳහන් කැර ඇතැයි එම සමාගම කියයි. මේ වාහනය භාවිතයට පැමිණි විට මාර්ග අනතුරු අවමකැරගත හැකිවේයැයි ගූගල් සමාගම විශ්වාසය තබා ඇත.
රථයේ සුක්කානම වෙනුවට ඇත්තේ ස්විචයක් පමණි. මෙතෙක් මාර්ගයේ ධාවනයට යොදා නැතත් ඉදිරි සති කිහිපයේ දී මාර්ගයට යොදවන බවත් සමාගම පවසයි. මේ රථයේ උපරිම වේගය පැයට කිලෝ මීටර 25කි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුගල් සමාගමට පින්සිද්ධ වේචා! සුක්කානම නැති,තිරිංග නැති මෙය වඩාත් ඔබින්නේ අපේ රටටමයි. මිල අධික නිසා ඉන්ධනත් අනවශ්‍ය ඇති. උපරිම වේගය කි.මි 25 නිසා ගස් අස්සේ හැංගිමුත්තන්ගේ දඩ කොලයෙනුත් නිදහස් ! දුම් සහතිකයෙනුත් නිදහස් ! (නි)
ලංකාවෙත් පාරවල් වල අපූරුවට යනවනේ තිරිංග නැති, සුක්කනම් අඩපන, සංඥා ලාම්පු විදුලි ලාම්පු මොනවත් නැති වාහන. (අ)
ඕනා නම් රටකට එකක් එයි. ඒත් අපේ ගම්වල දාවනය කරන්න නම් මාර්ග පද්ධතිය කවදා හැදේවිද (නදී)
දෙවැනි පොටෝ එකේ නම් පේනනේ කාර් එක පැ.කි.මි 150 විතර යනවා වගේ...(අ).
රිය අනතුරකදී නීතිමය පියවර ගන්නේ මඟියාටද වාහනයටද? (නි)
මටම කියපු වාහනේ!!!! (දී)
මේකේ නැත්තේ බ්රේක් පද්ධතියක් නෙමෙයි. බ්රේක් පෙඩ්ල් එකක්. (නදී)
මේකේ නැත්තේ බ්රේක් පද්ධතියක් නෙමෙයි. බ්රේක් පෙඩ්ල් එකක්. (නදී)
ලංකාවේ පාරවල් වලට මේවා දාන්න බොහෝ කල් ඉන්න වෙයි (නි)