බටහිර රටවල ජනයා තම මළපහ කිරීමේ ක්‍රමය සම්පුර්ණයෙන් වැරදි බව ජර්මානු ක්ෂුද්‍ර ජීව විද්යාඥවරියෙක් වන ගිවුලියා එන්ඩර්ස් පවසන්නීය. වැසිකිළයක වාඩිවී මළපහ කිරීම වෙනුවට ඇණ තියාගෙන එම කාර්යය කිරීම සුදුසුයැයි පර්යේෂණකින් තහවුරු වී ඇත.
මේ සම්බන්ධයෙන් ඇය විසින් ලියා ‘රමණීය බඩවැල්‘ නමැති පොත ජර්මනියේ සති කිහිපයකින් විකිණී අවසන් විය. එමගින් අන්ත්රයෙහි සෞඛ්‍ය සම්බන්ධ කරුණු ගණනාවක් ගවේෂණාත්මකව ඉදිරිපත් කැර තිබේ. මලබද්ධය සහ බැක්ටීරියාවන් ගැන එහි විස්තැර කැර ඇත.
ඇය පවසන්නේ ජීර්ණක සෞඛ්‍යය මොළයේ පණිවිඩ වඩාත් හොඳින් පවත්වාගෙන යාමටත් මානසික සෞඛ්‍ය මට්ටම පවත්වාගැනීමටත් හේතුවන බවයි. මේ සඳහා මළ පහකිරීමේ ප්‍රායෝගික කරුණු ද වැදගත් බව පර්යේෂණ කණ්ඩායම පවසයි.
ක්ෂුද්‍ර අණුක විද්‍යාව විෂය කරගනිමින් ෆ්රැන්ක්ෆර්ට් හි තම ආචාර්ය උපාධිය සඳහා සුදානම් වන එන්ඩර්ස් පවසන්නේ ඉඳගනිමින් මළපහ කිරීම සම්පූර්ණයෙන් වැරදි සහගත බවයි. ඉඳගනිමින් මලපහ කිරීමේ හේතුවෙන් ආසියා රටවලට වඩා බටහිර රටවල වැසියන්ගේ බඩවැල්වල අර්ශස් ඇතිවීමේ ප්‍රවණතාව වැඩි බව ද ඇය පෙන්වා දෙයි.
පර්යේෂණයට අනුව ඉඳගෙන මෙම ක්‍රියාව කිරීම හේතුවෙන් අන්ත්‍රයේ කෙලවර පටක මිරිකි මළපහ පිටවීම සෞඛ්‍යයට හිතකර නැත. ඒ අනුව නිවැරදි ක්‍රමය වන්නේ ඇණ තියාගෙන මළපහ පිට කිරීමයි.
අපගේ අන්ත්රය බොකුටුව පිහිටා තිබීම හේතුවෙන් ඉඳගෙන සිටින විට සහ නැගිට සිටින විට එය සම්පූර්ණයෙන් විවෘත නොවේ. ඇණ තියාගෙන මළපහ කිරිමේදී යෙදිය යුතු පීඩනය ස්වාභාවිකවම අවම වීමෙන් පහසුවෙන් අන්ත්‍රයේ අවසන් කොටස තුලින් බාහිරට නිකුත් වන බවයි. ඉඳගෙන මෙම කාර්යය කිරීම වඩා ශිෂ්ඨ සම්පන්න බව බටහිර ජාතීන්ගේ සිත්තුළ කාවැදී තිබෙන කරුණකි.
පර්යේෂකයන් පවසසන්නේ වාඩිවී මළ පහ කිරීමට පුරුදු වූ අයට ඇණ තියාගෙන මළ පහ කිරීම අසිරු කරුණක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රියන්ති,කොමඩ් එක උඩට නඟින්න.එවිට පුලුවන් ඇන තියාගන්න (නි)
සුද්දා කිව්ව නිසා දැන් හරියට කරන්න ගනියි (නදී)
ඇන තියන් කරන්න ලැජ්ජයි. කොමඩ් එක තමයි හොඳ. (නදී)
"රමණීය බඩවැල්" මම හිතන්නේ මෙම පොතේ ඉංග්‍රීසි නාමය මෙතෙන්ට යෙදීම වඩා උචිතයි (නදී)
මලපහටත් නව වෙනසක් (ම)
ඒ කාලේ උක්කුටික පෝච්චි කියල විකිණුවේ ඔය වාඩිවෙලා මල පහ කරන වැඩේට සනීපාරක්ෂාව සහිත වැසිකිලි පෝච්චි. දැන් ජාල හිඟයෙන් පෙලෙන ප්‍රදේශ වලට ඩ්‍රයි ටොයිලට් කියල හඳුන්වාදෙන වැසිකිලි වලට නිර්මාණය කරලා තියෙන්නේ මාස 6 න් 6 ට පැත්ත මාරු වෙලා උක්කුටිකයෙන් ඉඳගෙන මල සහ මුත්‍ර පහ කරන්න පුළුවන් පෝච්චි. මේ පිළිබඳව වැඩි විස්තර ප්‍රැක්ටිකල් ඇක්ෂන් කියන රාජ්‍ය නොවෙන සංවිධානයෙන් ලබා ගන්න පුළුවන්. අවුරුද්දක් ගතවෙනකොට මුල් 6 මාසෙදි පහ කරපු මල කොම්පෝස්ට් බවට පත්වෙලා ඉවරයි. ඒවා පොහොර සඳහා භාවිතා කල හැකියි. මුත්‍ර වෙනම ගලාගෙන යන්න සලස්වලා තියෙන්නේ. සිදුරු කල ප්ලාස්ටික් බටයක් මතට පස් දමා පලාවර්ග, මිරිස්, තක්කාලි වැසිකිලියට ආසන්නයේම වගා කරන්න පුළුවන් මුත්‍ර වලින් පෝෂණය කරලා. මුත්‍ර එකතු කරලා විකිණීම ඉන්දියාවේ හොඳ ව්‍යාපාරයක් බවට පත්වෙමින් තිබෙනවා. (නදී)
කිරි ගමරාල, උක්කුටික පෝච්චිය දැනුත් බොහෝ දෙනෙක් පාවිච්චි කරනවා . කොහොමටත් සත්ව අසුචි (මස් මාළු නොකන අලි,ගව ,එළු,සා ආදී සතුන්ගේ) පොහොර වශයෙන් පාවිච්චි කරනවා. මිනිස් මලපහ යුරියා වලට ගන්නවා. (නදී)
අපේ සමහර මිනිසුන්ට මේකත් විහිළුවක්. මෙයින් ගතයුතු යමක් ඇත්නම් අරගන්න.(හේ)
දැන් ඒකටත් ක්‍රමයක් එනවා අනේ මන්දා?(හේ)
ඔය ඇණ තියලා ඒවා උඩ ඉඳගත්තම පස්ස පැත්තේ ඔය ඇණ වැදිලා තුවාල වෙලා කරදර වෙනවා.(හේ)
අයියෝ ඕකත් ඔච්චර දෙයක් ද, කොමඩ එක උඩ ඇන තියාගත්තනම් ඉවරනෙ(නදී)
මම කිහිප වතාවක් සෞදි ගුවන් සේවයෙන් ලාබ නිසා ගුවන් බලපත් අරන් ලංකාවට ආවා ගියා. මං ගුවන් යානයේ දී දැක්ක දෙයක් තමයි කලින් වැසිගිලි ගිය සෞදි පිරිස වාඩිවී නැති බව. මොකද කොමඩයේ සපත්තු සලකුණු තිබුණා. (ත)
නිහාල් ඔයාගේ කමෙන්ට් එක තමයි හොදම කමෙන්ට් එක.., රෝලම ඉවරයි ''ඒත් '' වැඩක් නැහැ (ත)
එතකොට ඔය කියන විද්‍යාඥවරිය එම කාර්යය කරන්නේ ඇණ තියාගෙනද? (නි)
තදියම් උනාම හිටගෙන උනත් කරන්න පුළුවන් වැඩක්නේ ඕක. (නදී)
පැරණි පුරා විද්‍යාත්මක ගවේෂණ වලින් ඉතුරු වී ඇති පරිදි අපේ සම්ප්රදාය උක්කුටික ක්‍රමය වෙනවා. බටහිර පර්යේෂකයන් කියනකල් අපගේ අයට මේවා දන්නෙන්නේ නැහැ. දැන්වත් බුද්ධිය පහල වේවා(නදී)
මේක ලංකාවේ මිනිස්සු දන්නවා කතාව සහ මුලින්ම ඇත්ත පේශීන් තද වීම ඉහිල් වීම වෙන්නේ (ම)
කොමඩ් එකඋඩ ඉන්න එක භයානකයි. එ්ක කරන්න එපා. එ්ක ඉතා භයානක දෙයක්. කොමඩ් එකේ වාඩිවෙන්න ශක්තිය තිබුනට උඩ නැග්ගම ශක්තිය මදි වෙලා කැඩන්න ඉඩ තියෙනවා. (නදී)
පැරැන්නෝ කල හැම දේම හරි කියලා නැවත නැවතත් තහවුරු වෙනවා. දියුනු ලෝකයක් කියලා අපි බදාගෙන කරන්නේ අපේ විනාශය සැමරීමක්.(නදී)
ආසියානුවෝ නිවැරදි ක්‍රමය අතීතයේ සිටම අනුගමනය කළා.මෑතකදී තමයි බටහිරට ඕක තේරුනේ (නි)
දන්න කෙනෙක් උක්කුටික ක්‍රමය පැහැදිලි කරන්න. දන්නේ නැති නිසයි අහන්නේ. (ස)
අපි මලපහ කරන විට වාඩිවී සිටින ආකාරයට සිංහලෙන් කියන්නේ "උක්කුටික " ක්‍රමය කියලයි. අප භාවිතා කරන ඉන්ග්ලිෂ් වලින් කියන "ස්කොටින්ෆාන්" එකට කියන්නේ "උක්කුටික පෝච්චිය " කියලයි. ප්‍රේමතිලක මහතාගේ ලිපියට මේ ආකාරයෙන් වචන ටික එකතු වෙලා තිබුනානම් හරබර ලිපිය තවත් අගය වැඩි වෙනවා.(ම)
හොදි නැතිව පාන් කනවා වගේ වැඩක්! මෙලෝ රහක් නෑ. (ස)
බලාගෙන ගියාම අපේ මුතුන් මිත්තෝ අනුගමනය කළ දේවල් තමයි අද ලෝකයට හරියන්නේ .. (නි)
අහලා තියනවා සමහර බටහිර අය කොමඩ් එක ළඟ පොඩි බංකුවක් තියාගන්නවා කියලා, කකුල් ඉහළට එසවී උක්කුටික ඉරියව්ව හැදෙන විදියට (නි)
භාග්‍යවත් අප බුදුරජාණන් වහන්සේ මීට වසර දහස් ගණනකට පෙර දේශනා කර වදාරන වග නම්.... විනය පිටකයේ මෙය සඳහන් වෙනවා,ශරීරකෘත්‍ය සිදුකළ යුත්තේ කෙලෙසද කියන වග.එය ගිහි පැවිදි සියලුම දෙනාට පොදු වන දෙයක්. ඒ ධර්මය ඇසුරු කරන්නෙකුට මේ සොයාගැනීම් අමුතු දෙයක් නොවෙයි.එමෙන්ම මට බුදුරජාණන් වහන්සේ හැම දෙයක්ම දේශනා කර ඇත කියා උදම් ඇනීමට කිසිත් උවමනාවක් නැති බවද සඳහන් කළයුතුය. (නි)
යුරෝපිය රටවල වර්ග දෙකේම වැසි කිලි තියෙනවා. වැඩිපුර තියෙන්නේ කොමඩ්. වැඩේ කොහොම කලත් රුපියල් 300 ක මුදලක් ගෙවිය යුතුයි. කොහොමත් කාසි දැම්මොත්නේ දොර ඇරෙන්නේ (නදී)
පරණ ක්‍රමයට කැලේට ගිහිල්ල ආවනම් ඔය මොකවත් වියදමක් නැහැ.(ම)
මොන විනයක්ද මේ.(හේ)
මෙය සත්‍යයක්
මේක චීනයක් නොවෙයි, එ්ක තමයි සත්‍යය.(බ)
මේ මොකක්ද මේ? ලක්ෂ 1.20ක් විතර වියදම් කලා කොමඩ් හයිකරලා බාත්රූම් එක හදන්න. දැන්ද මේක කියන්නේ.මේක කලින් කීවානම් වයිෆ්ට පෙන්නලා ෂේප්වෙන්න තිබුනා.(හේ)
තමුන්ට පුළුවන් ලේසිම ක්‍රමයට කරන්න. (ර)
ඔන්න අපේ පරණ ක්‍රමයට තැනක්.පිහිදාන, හෝදන එක ගැන එතුමිය ගේ අදහස ලියල නැද්ද? (නදී)
ඔන්න අපේ ක්‍රම වලට ඉල්ලුම හා පිලිගැනීම එනවා. වීරවංශ මොකද කියන්නේ? විදේශ කුමන්ත්‍රණයක්ද? (නදී)
දැන් තමයි විද්‍යාව ටික ටික අතීතයේ සිටි අපේ මුතුන් මිත්තන්ගේ, සුවිශේෂ දැනුම සොයාගන්නේ. මමත් කොමඩ් සවිකළා තමයි. මේක කියවලා කළ මෝඩකම ගැන පසුතැවුණා මිසක්, නමත් ඉංග්‍රීසි කරගත් එක්කෙනා කියුව වගේ බොරු සෝභන පාට් දැම්මේ නැහැ. අන්න ඒ බටහිර සෝබන කෑල්ල තමයි අපට හැමදාම "විනයක්" වුණේ. (නි)
තව ටික කලකින් මේ ක්‍රම දෙකම හරි නැහැ කියලා මොනවිදියේ ක්‍රමයක් සොයා ගනීවිද? (නි)
කොමඩ් නිෂ්පාදකයන්ට හොඳටම තරහා ගිහිල්ලා ඇති (නි)
නුවන්ගේ කතාව අගය කරනවා. ඉස්සර පොඩි කාලේ අපි වැසිකිළි ගියේ ඇණතියාගෙන තමයි. නමුත් පසුකාලීනව වෙනස් වුණා. සුද්දන්ගේ වැඩ අනුකරණය නිසාම. මම මේ කතාව ඇහුවේ මීට අවුරුදු 20 කට පමණ පෙර. නමුත් පවුල තුළවත් වෙනසක් කරන්න බැරිවුණා (නි)
අනේ මන්දා මෙහෙම යනකොට...? (නි)
හා අපි ඕව දන්නා නිසා තමා ඇණ තියාගෙන එම කාර්යය කරන්නේ .(හේ)
එරන්ද, ඔයාට මම එකඟයි. අපරාදේ වෙන වැඩකට යොදවන්න තිබුන සල්ලි. (ස)
බටහිරට හැම දේම පුදන අපට නැවත සිතන්න මොහොතක් (නදී)
කාලා බීලා අන්තිමට කරගන්න වැඩේටත් නිදහසක් නැද්ද දෙයියනේ?(නදී)
මේ පමණක් නොව මුත්‍රා කරන විටත් වාඩිවී කිරීම නිවැරදි ක්‍රමයයි (නදී)
අහන්නත් සතුටුයි. අපේ පුංචි ශ්‍රී ලංකාව ආදර්ශයට ගෙන තව ටික කාලයක් යනකොට කියයි අතින් අනල කෑම කන එක තමයි හොඳ කියල. (ස)
මේක හොයාගන්න මෙච්චර කල් ගියානේ. (නි)
පර්යේෂකයෝ කියන්නත් කලින් අපි ඕව ගෙන පර්යේෂණ කරලා තියෙනවා කියල දැන් පැහැදිලි නේද? (ම)
කොහොමත් තව අවුරුදු ලක්ෂයක් විතර ගියාම අපේ අන්ත්රයත් බොකුටු කොමෝඩ් වලට ගැළපෙන විදියට සකස්වෙයි. (නි)
අපේ අයට ඉතින් සුද්දගේ ක්‍රමයනෙ අගේ. අපේ පරණ විධිය හෑල්ලුවට ලක්කරලා බටහිරට ආවඩපු එකේ වරද තාම අපි අවබෝධ කරගෙන නැහැ (නි)
බටහිර හැම රටකම කොමඩ් .කොමඩ් එකේ ඇනතියාගන්නේ කොහොමද? (නි)
සුද්දන්ට ඇන තියාගෙන පහකරන ක්‍රමයෙන් පත්තරත් පිරිමැහෙනවා.හෝදන ක්‍රමයත් වෙනස්වුණ දවසට කාටත් හොඳයි. රෝලම ඉවරයි. ඒත් වැඩක් නැහැ (නි)
මේක ඇත්ත කරලා බලන්න (නදී)