නිතර ඇතිවන භූකම්පනයන් නිසා ක්‍රියා විරහිතවීමේ ඉඩ ඇති විදුලි සෝපාන වල සිරවන පුද්ගලයින් හට පහසුවක් වන ලෙස එවන් සෝපාන වල වැසිකිළි පහසුකම් ඇතිකිරීමට ජපාන බළධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
බළධාරීන් මෙවන් තීරණයක් ක්‍රියාත්මක කිරීම සදහා කරුණු විමසා බලමින් සිටින්නේ පසුගියදා රිච්ටර් මාපකයේ 7.8 ක භූකම්පනයකට මුහුණදුන් අවස්ථාවේදී ක්‍රියාවිරහිතව ගිය විදුලි සෝපාන වල සිරවූ දුසිම් ගණනක් පුද්ගලයින් දිවිගලවාගැනීමෙන් පසුව දැක්වූ අදහස් නිසාය.
මෙම වැසිකිළි සාමාන්‍ය වැසිකිළි ආකාරයට හෝ ජල අවශෝෂක බෑගයන්, මල අපද්‍රව්‍ය බැහැරකිරීම සදහා සකස් කරන ලද විශෙAෂ කුටීරයන් ලෙස සකස් කෙරෙනු ඇතැයි සදහන්ය.
දැනට සිදුකර ඇති පර්යේෂණ වලින් එළැඹෙන වසර කිහිපයේදී ජපානයට තවත් ප්‍රබල භූකම්පනයකට මුහුණදීමට සිදුවනු ඇතැයි අනාවරණයව තිඛෙන අතර ඉන් වඩාත් හානි පැමිණෙනු ඇතැයි පැවසෙන්නේ ටෝකියෝ අගනුවරටය.
ටෝකියෝ අගනුවර විදුලි සෝපාන ක්‍රියාවිරහිතවීම යනු පුද්ගලයින් 17000 කට ආසන්න පිරිසක් අතරමන්වීම යැයි පෙන්වාදෙන ජපාන බලධරයෝ දිවිගලවාගැනීමේ කටයුතු දියත් කරනතෙක් එම පුද්ගලයින්ට හැකි අයුරින් පහසුකම් සළසා තිබීම වැදගත් බව පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැසිකිලි හදන්න කලින් සෝපාන ඇතුලේ ආපන ශාලා හදන්න පරියේෂණ කලොත් නරකද ? මොනවා කරන්නත් කාල ඉන්න එපැයි (කේ)
මරණ බිය දැනුනම කන්න ඕනෑ නැහැ. ඒක නිකන්ම සිදුවෙනවා මාටින්. අපේ අයට නම් කොතන ගියත් කන්න තමයි. (නි)
බලන්න ජපන් මිනිස්සුන්ගේ ආකල්ප වල වෙනස, එ්කට අපි (නදී)
අහස උසට ගොඩනැගිලි හදනවා වෙනුවට භූමිකම්පා වලට ඔරොත්තුදීමේ තාක්ෂණය වැඩිදියුණු කළොත් හොඳ බවයි මට නම් හිතෙන්නෙ. (නි)
මාටින් මහතාගේත්, සුදේශ් මහතාගේත් අදහස් බොහොම හොඳයි. නමුත් භුමිකම්පාව කියන්නේ විහිලු දෙයක් නොවෙයි. ජපානයේ දිනපතාම වාගේ ලොකු කුඩා භූමිකම්පා ඇතිවෙනවා.මෙහි ජීවත්වන අපිද කුමන පහසුකම් තිබුනත් කුඩා සෙළවීමක් ඇතිවූ විට පවා ලොකු චකිතයක් ඇතිවෙනවා. දකුණු ප්‍රදේශයේ "කාගෝශිමා ප්‍රාන්තයේ " කුඩා දුපතක දැනටමත් ගිනිකන්දක් පුපුරා දුම් දමමින් තිබෙනවා. දුපතේ සියලු වැසියන් අවට දුපතකට රැගෙනයාම සිදුකෙරුණා. මෙවැනි ආපදා නිතරම සිදුවෙන නිසා ඒවාට මුහුණදීම පිණිස ජපන් රජය හා ආපදා කළමනාකරණ අංශ මඟින් විවිධ ප්‍රතිකර්ම යොදමින් සිටිනවා. මෙම පුවතද එවැනි දෙයකි. මෙවර නේපාලයේ විශාල භුමිකම්පාව වගේ දෙයක් ශ්‍රී ලංකාවේ ඇතිවුවහොත් විශාල විනාශයක් ඇතිවෙන බව කිවයුතුයි. වෙනත් රටවල මෙවැනි අත්දැකීම් පිළිබඳව මොහොතකට හෝ අවධානය යොමුකිරීමට සිතා ගතහොත් බොහෝ අගනේ යැයි කිවහැකියි. (නි)
භූ පැළුමක පිහිටි නිසා අපිත් සුනාමිය එනතෙක් වගේ නොසිට-පෙර සූදානම කරමු අද සිට (නි)