ලියුකේමියා රෝගයෙන් පෙළෙන දැරියකගේ පැතුමක් ඉටු කිරීමට නත්තල් කැරොල් ගායකයෝ දහස් ගණනක් ඇයගේ නිවස වටා රැස්වූහ. පෙන්සිල්වේනියාවේ ජීවත් වන ඩෙලැනි බ්‍රවුන් අවුරුදු 8ක කුඩා දැරියකිඅට වැනි උපන් දිනය සමරනවාත් සමගම නොබෝ දිනකින් ඇය සියල්ලන් සමු ගෙන යන බව වෛද්‍යවරු පවසති.
ඇයගේ සියලූ පැතුම් ඉටු කිරීමට කටයුතු කරන ඇගේ මව ජෙනිෆර් බ්‍රවුන් මේ ‘ලැනිගේ කණ්ඩායම’ නමින් ෆේස්බුක් පිටුවක්ද පවත්වා ගෙන යයි. ඇයගේ හැම පැතුමක්ම ඇය එහි සඳහන් කරයි.
මේ අනුව ජනපි‍්‍රය පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් සමග මුහුණු පොත හරහා කථා කිරීමද, කිඹුල් පැටියෙක් ඇල්ලීම ආදී පැතුම් ඉටු කළේය.
”අද අපිට ජීවිතයේ අහන්න ලැබෙන කනගාටුදායකම ආරංචිය ලැබුණා. ලැනිගේ ලේ වල 70% ක් පිළිකා සෛල තියෙනවාලු. වෛද්‍යවරුන් පිළිකාවට බෙහෙත් කළොත් වෛරසය ලැනි මරණවා. වෛරසයට බෙහෙත් කළොත් පිළිකාව ඇය මරණවා.” යනුවෙන් ඇයගේ උපන් දිනයට දිනයකට පෙර ෆේස් බුක් සටහනක් විය.
විශාල ගායකයින් පිරිසක් එක විට තම මිදුලේ සිංදු කියනවා ඇසීම ඇගේ එක් පැතුමක් බවද ඇය සඳහන් කළේය. එසේම ඇයගේ අවසන් පැතුම මෙය විය හැකි බවද පැවසීය.
ඒ අනුව පැමිණි 4000 ක් පමණ දෙනා ඉටිපන්දම් දල්වා, නත්තල් තොප්පි පැළඳ ඇයගේ පැතුම ඉටු කළහ. ඒ වන විටත් ඉතා අපහසුවෙන් හුස්ම ගනිමින් ඇඳේ හාන්සි වී ප්‍රතිකාර ලබමින් සිටි ඇය ‘මට ඔබ ඇසෙනවා. මම ආදරෙයි’ යනුවෙන් මහපට ඇඟිලි දෙක උඩට කළේය.
.gif)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදවත ඇවිළු පුවතක්.(නදී)
ඔබට නිසැකවම සුව ලැබෙනවා(අ)
මේ චූටි පැටියා දැන් ජීවතුන් අතර නෑ. ඇත්තටම ඇය මෙලොව හැර යාමට කලින් ඇගේ අවසන් පැතුම ඉටු කරපු හැමෝටම ස්තූතියි. සාමදානයේ සැතපේවා........... ජේසු පිහිටයි චූටි පැටියෝ...... (අ)
දුවේ ඔබට ඉක්මන් සුවය පතනවා, මෙවන් රුදුරු රෝගයක් ඔබට ජාති ජාතිවත් නොවේවා, ඔබට දිර්ගායුෂ පතමි (දිල්)
නිදුක්වේවා! නීරෝගිවේවා(දිල්)
බුදුසරනයි (අ)
මට ගොඩක දුකයි ඔයාට වුන දේ ගැන.(නදී)
නංගි බබෝ අපිට ඔයා ගැන දුකයි. ඒත් මොනවා කරන්නද? ඒක අපේ වෙලාව වෙන්න ඇති. ඒත් ඔයා දුක් වෙන්න එපා. ඔයාට මේ ආත්මෙදි බැරි වුනාට ලබන ආත්මෙදි අපිත් එක්ක සතුටින් ඉන්න ලැබෙනවා.(නදී)
මට ඔයා ගැන දුකයි. ඒත් මොනවා කරන්නද මම ඔයාට ඊලග ආත්මෙදිවත් අපි එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. බුදු සරණයි.(නදී)
පුංචි සුරංගනාවියේ,ඔබට ජේසු පිහිටයි! කිසිම අනතුරක් නොවේවා කියා පතමි. පහන් ඔයාට වගේම මටත් හිතෙනවා මෙයා තව ජිවත් වෙයි කියලා. පුංචි දුවට දිර්ගායුෂ ලැබේවා!(නදී)
අනේ මේ සුරංගනාවිය අද උදේ නැතිවෙලා කියල අන්තර්ජාලයේ දාල තියනවා .(නදී)
කොහොම උනත් අන්තිමේ ඇගේ පැතුම ඉටු උනා. (නදී)
මට මේ මූනු පොතේ තියෙන පිටුවේ ලිපිනය හොයා ගන්න පුලුවන් වුන කෙනෙක් දෙනවද? (නදී)
මේ දෙන ආදර්ශය ගන්න බලන්න.(නදී)
ඔබට ඉක්මනින්ම ප්රාතිහාර්යයකින් හෝ සුවවේවා. මතු උපදින කිසිම ආත්මයක මෙවන් ලෙඩක් නොසෑදේවා.(නදී)
සුමංගල මැරෙන්නම ඕන නැහැ ඔහොම කට්ටිය එකතුවෙන්න. මැරෙන්න කලින් අපි දන්නෙත් නැතිව ටිකට් ගහල ගානක් හොයා ගනී අපේ උන්දලා.(නදී)
සුදු දුවේ අද නත්තල් දවසේ දෙවිසමිදන්නන්ගේ බල මහිමයෙන් , දේව පුත්‍රයා වෙනුවෙන් දෙව් පියනණනි අයට තිර ජීවනය දෙන්න . මේ ඔබ තුරුලට ගන්න හදන මගේ දෙවෙනි දියණිය කර නොගනු මැනවි . ඔබගේ දිව්‍ය පුට්රයන්නවහන්සේ වෙබුවෙන් ඇයට සමාව දී ඇයව නිදොස් කරනු මැනවි ආමෙන් (දී)
මෙහෙ නම් ඔහොම කට්ටිය එකතු වෙන්න මැරෙන්නම වෙනවා.(නදී)
පුංචි සුරංගනාවී ඔයාට සුභ පැතුම්! ඔයා අපිත් එක්ක ඉන්නවා නම් අපි ගොඩක් ආසයි.(නදී)
මටනම් හිතෙන්නේ නැහැ මේ දුව නැතිවෙයි කියල .මොකක්හරි හාස්කමකින් මෙයාගේ ජිවිතේ බේරෙනවා (දිල්)
ඔබට ඔබගේ මව හැම දෙයක්ම ලබා දුන්න සුබ නත්තලක්. ඔබ සුව වේවායි පතමි.(දිල්)
සුබ නත්තලක්. ඔබ සුව වේවායි පතමි. (ත)
ඔබ සැමට සුබ නත්තලක්! දැරිය කන කැමවේල දෙවැනි වන්නේ ලියුකේමියා රෝගයට පමණි.(නදී)