යුරෝපයේ ප්‍රධානතම ථෙරවාද බෞද්ධ විහාරස්ථානය වන ලන්ඩන් බෞද්ධ විහාරය ආරම්භ කළ අනගාරික ධර්මපාල තුමන්ගේ 151 වැනි වාර්ෂික ගුණ සමරු පිංකම ලබන මස 19 වැනි සෙනසුරාදා සහ 20 වැනි ඉරිදා පැවැත් වීමට යයි. විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියෝ පැවසුහ.
සෙනසුරාදා සවස 5 ට ලන්ඩන් බෞද්ධ විහාරයේ ධර්මපාල ශාලාවේදී ලන්ඩන් නුවර ශාන්ත මේරි විශ්ව විද්‍යාලයයේ දර්ශන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෙෆ්රි හන්ට්ය. ඔහු කලක් සරේ විශ්ව විද්‍යාලයයේ ධර්ම පිලිබඳ මහාචාර්ය වරාය වු බුදුදහම පිළිබඳ ශාස්ත්‍රීය ගවේෂණ කරන " නිව් බුද්ධ වේ" සංවිධානයේ නිර්මාතෘවරයාය.
වර්තමාන ලෝකයේ ශිඝ්‍රයෙන් පැතිරෙමින් පවතින විවිධාකාර සමාජ සහ සංස්කෘතිකමය ගැටළු සහ හැල හැප්පිලි වලින් මිදීම සඳහා මාර්ගෝපදේශයක් ලෙස යොදා ගැනීමේදී බුදුදහමේ ඉගැන්වීම් කෙතරම් දුරට ප්‍රායෝගික වේද යන්න පිළිබඳවත් අනගාරික ධර්මපාල තුමන්ගේ දුරදක්නා දැක්මෙන් බටහිර ලෝකය වෙත හඳුන්වා දුන් බුදු දහම සංකීර්ණ බටහිර සමාජයට අද වනවිට කෙතරම් ප්‍රයෝජනයක් වී ඇත්ද යන්න පිළිබඳවත් මෙම දේශනයේදී සාකච්ඡාවට භාජනය කැරෙනු ඇත.
එදිනම සවස 6.30 ට ගිලන්පස බුද්ධ පුජා පින්කමක් සහ 7.30 සිට මැදියම් රාත්‍රිය දක්වා පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද පැවැත්වෙයි. මේ සඳහා ලන්ඩන් බෞද්ධ විහාර වාසි මහා සංඝ රත්නය සහ බ්‍රිතාන්‍යයේ සියලුම විහාරස්ථාන නියෝජනය කරමින් මහා සංඝ රත්නය වැඩම කරනු ඇත. 20 වන ඉරුදින උදේ 7 ට පිරිත් පිංකම සඳහා වැඩම කරන සංඝයා වහන්සේ උදෙසා හිල් දානය පිරිනැමෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යළි උපදින්නේ කවදාද හිමි දම්පල් අනගාරික? (නි)
සාධු සාධු සාධු!!! (නි)
මෙම පන්සලෙන් එංගලන්තයේ සුද්දන්ට ලොකු සේවයක් කරන්න පුළුවන්. එහි සුද්දන් මානසික ආතතියෙන් හා පීඩනයකින් ජීවත්වෙනවා. යන්ත්‍ර සුත්‍ර වගේ වැඩකරමින් සල්ලිම පස්සේ දුවනවා. මෙකී ජනතාවට බණ භාවනා හා පන්සිල් කියාදීමෙන් ලොකු සේවයක් කරන්න පුළුවන් (නි)
ගරුතර විහාරාධිපති හිමියනි,සිරිලක බොදුනුවන් පිරිහීමේ මාවතට පිවිසෙමින් සිටී. බුදු දහමත් එය රැකගතයුතු හිමිවරුනුත් සමහරෙක් වාණිජකරණයටත්,සමහරෙක් දේශපාලනීකරණයටත් ,තවත් සමහරෙක් උතුම් ශාසනය තුළ මහේශාක්‍ය ලීලාව පමණක් තබා ගැනීමට වෙහෙස වෙමිනුත් කාලය ගෙවාදමමින් සිටී. ඒ අතරම සිරිලක පුරා විසිරී පැතිරී තිබු බෞද්ධ සිද්ධස්ථාන කෙමෙන් කෙමෙන් අඩුවෙමින් සමහර ඒවා මත අන්‍යාගමික සිද්ධස්ථාන ඉදිවෙමින් පවතී.එදා දම්පල්තුමා කී දේවල් අද සත්‍ය වෙමින් පවතී.ඉපදෙන්නට සිටින දරුවන් කුස තුළම හෝ තිඹිරි ගෙයිදීම මියයාමත් පාසල් යන දරුවන්ගේ පටන් මනස අවුල්කර යහපත් දරු පරපුරක් බිහිකිරීමට ඇති ඉඩකඩ අහුරා දැමීමටත්, ඊටත් වඩා අඳින පළඳින ඇඳුම් වලට පවා වඳ බෙහෙත් අඩංගු ද්‍රව්‍ය එක්කිරීමටත්, මත් කුඩු ප්‍රචලිතකර පරපුර වඳ කිරීමටත් පිරිසක් සැදී පැහැදී සිටියදී ජාතියේ කොඳු නාරටි එහෙ මෙහෙ වැනෙමින් ජනතාවට බණ පමණක් දේශනා කරමින් තම සුඛවිහරණයත්,පම්පෝරියත් ගැනම පමණක් දෙසමින් කල්ගෙවන මෙවන් යුගයක උතුම් බුදු දහම යුරෝපයට පමණක් දේශනා කිරීම සීමානොකර වරින් වර හෝ සිරිලකට වැඩමවා එදා දම්පල්තුමා පැවසු දැනට සිදුවෙමින් පවතින සත්‍ය හා බුදු සමිඳුන් දෙසු නිර්මල ධර්මය ලක්වැසි දනන් වෙත වටහාදීමට කාරුණික වෙන මෙන් ඔබ වහන්සේගෙන් අයැද සිටිමි. (නි)
ථෙරවාදී සහ මහායාන බුදුදහම අතර ඇති වෙනස කුමක්ද කියා කිසියම් පින්වතෙක් පැහැදිලි කර දෙන්නේ නම් ස්තූතිවන්ත වෙමි. (නි)
බුදු සසුන බැබළේවා! (නි)
මහායාන කියන්නේ නියම බුද්ධාගම. (නි)
දම්පල් හිමියන් එදා කී දේවල් අද වෙමින් පවතිනවා (නි)
සුලෝචන අඩුමගානේ දන්නවද ලංකාවේ තියෙන්නේ මහායානද ථෙරවාදීද කියල?(ම)
සමරලා වැඩක් නැහැ හාමුදුරුවනේ, ධර්මපාල තුමා කියූ කරුණු ක්‍රියාවට නගන්න උත්සහ කරන්න. දැන් අවශ්‍ය බොරුවට උත්සව තියන එක නෙමෙයි රට, ජාතිය හා සම්බුද්ධ සාශනය රැක ගැනීමට අවශ්‍ය ක්‍රියාවන් දියත් කිරීමයි. කෝ එකට වැඩ පිළිවෙලක් තියෙනවද? (බ)
ලෝකයෙන් උතුම්ම දහම බුදුදහම.අපේ ශාසනයේ ඉටු දේවතාවන් වන හාමුදුරුවන් වහන්සේලා කරන ආගමික මෙහෙය කොයිතරම්ද? ඒත් දැන් මිසදිටු අදහස් වපුරන පිරිසක් රට තුළ සිටින බව කවුරුත් දැනගත යුතුය.එලසම එම අය නීතිය හමුවට ගෙනවිත් දඬුවම් පැමිණවිය යුතුය. (නි)
දේදුනුපිටියේ ස්වාමීන් වහන්සේගෙන් වෙනදා මෙන් සුමධුර දහම් දෙසුමක් ඉංග්‍රීසි බසින් තිබුනොත් මැනවි. (නි)