ජපානයේ ප්‍රධානකොට පිහිටැවුණු මෝරි මෙමෝරියල් පදනම මෙවර ලොව හොඳම නගරය ලෙස ලන්ඩනය තෝරා ගනී.
නිව්යෝර්ක් නගරයෙ දෙවැනි තැනට ද, තෙවැනි තැන පැරිසියට හිමි වෙයි.
ටෝකියෝ නගරයට හිමි වී ඇත්තේ සිව් වැනි ස්ථානයයි.
එම පදනම ලොව සුප්‍රසිද්ධ අගනගර 40ක් තෝරා ආර්ථික, අයෝජන, නව සොයාගැනීම්, සංස්කෘතිය හුවමාරු, නිවාස, පරිසර, ගමනාගමනය, කර්මාන්ත යන ප්‍රධාන උපමාන යටතේ සමාන්තර නිර්ණායක 70ක් නිරීක්ෂණය කර ලොව හොඳම නගරය තෝරයි.
යකඩ ඇණ 12000ක්, රිවට් ලක්ෂ 25ක් ඇති ටොන් 7000ක් බර මීටර 324ක් උසැති ලෝක ප්‍රසිද්ධ යකඩ ගැහැනිය නොහොත් යකඩ කුළුන ඇති පැරිසිය ටෝකියෝ නුවර පරදවා ඉදිරියෙන් සිටී.
මෙම තීරණ අනුඩ මුම්බායට 39 වැනි තැන හිමිවී තිබේ.
මෙම සමීක්ෂණයට තෝරා ගත් ලැයිස්තුවේ කොළඹ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මෙතනට එන්න තව කොච්චර කල් යයිද? (නි)
මෙම රටවල් තුනේ ප්රමුඛ ආදායම් මාර්ගය රඳාපවතින්නේ අනෙක් දුප්පත් රටවල් මතයි (නි)
1700 සිට වෙනත් රටවල් හූරාකා ධනවත් වූ රටවල් හා අවි විකුණා ධනවත් වූ රටවල් වලට වඩා අපේ සුන්දර රට මනරම්ය. ලොව වේගයෙන්ම දියුණු වන නගරයක් අපිට හිමිය. (ම)
කරුණාපාල මහතාණෙනි, එහෙම ගැරහීම නරකයි නේද? (නි)
ඒ ගැන නම් මොනවා කතාකරනවද, ආනන්ද දොඩන්ගොඩ? කොළඹ නගරය ආසියාවේ ආශ්චර්යය උනාට, ඔය නම් කරලා තියන එකම නගරයකටවත් ඇමරිකාවේ හෝ යුරෝපයේ ආශ්චර්යය වීමට පුළුවන් උනාද? වැහි දවසක කොළඹට ආවනම්, ඔය නගරවල අයට තව බොහෝ පාඩම් කොළඹින් ඉගෙනගන්න පුළුවන් වෙයි..(අපිට කොළඹ නගරය කොහොමත් හොඳයි. එත්, වැඩි පම්පෝරිය එතරම් හොඳ නැති නිසයි මෙහෙම ලිව්වේ)...(රේ)
මහින්ද රාජපක්ෂ මහතා තවමත් බලයේ සිටියා නම්, ලෝකයේ හොඳම නගරය කොළඹ නගරය ලෙස තේරෙනවා සිකුරුයි. (නි)
අපිටත් පුලුවන් වෙයි (නි)
පිස්සුද සුපුන්? බීජින් නගරය වායු දූෂණයෙන් දෙවැනි වන්නේ ඉන්දියාවේ නගරවලට පමණයි. ටෝකියෝ කියන්නේ නවීන සැළසුම් වලට අනුව හැදූ නගරයක් (නි)
මුම්බාය කොහොම තේරුනාද මන්දා...? (නි)
ටෝකියෝ කියන්නෙත් ගොඩනැගිලි ගොඩක් විතරයි. කොහෙද ඉතින් ඕක තෝරලා තියෙන්නෙත් ජපානෙන්නේ. චීනයේ බෙජින් ටෝකියෝ වලට වඩා ගොඩක් හොඳයි මට නම්. (නි)
ලෝකයේ අනෙකුත් රටවලින් සොරාගත් ධනයෙන් දියණු කළ නගර තුනක් ලෙසයි මට නම් හිතෙන්නේ (නි)
මොකද දන්නෙ නැහැ කොළඹ නැත්තේ? (නි)
අපි බලමු ඊළඟ සැරේවත් උත්සාහ කරලා (නි)
ඒ නගර අයත් රටවල් 3ම තමයි ලෝකෙ අනිත් රටවල් වලට ගිනිගෙඩි දීල ඒ රටවල් කොල්ලකාලා විනාස කරන අයගෙ ලිස්ට් එකේත් උඩිම ඉන්නේ. හරිම සතුටුයි. (ස)
පරිසර හිතකාමී හරිත පක්ෂ වල බලය මිලානෝ තුළ වැඩිවෙමින් පවතින නිසා ජෛව ගෝලය රැකගැනීම මුලික කරගෙන නීති සම්පාදනය වනවා. නගරයට බර වාහන ඇතුළුවිය හැක්කේ රාත්‍රී හතත් උදේ හයත් අතර පමණි. ගෘහස්ත අපද්‍රව්‍ය එළියට දැමිය හැක්කේ රාත්‍රී දොළහෙන් පසුව වන අතර උදේ පහට පෙර සියල්ල ගෙනගොස් පාරවල්ද සෝදනු ලබයි. එංගලන්තයේ, පැරිසියේ වැනි අපවිත්‍ර ප්‍රදේශ මෙහි දක්නට නැත. (නි)
ඩේමියන්, බොම්බේ නගරයට ගොස් තිබේද? (නි)
දිනේෂ්ට මේ කිසි නගරයකට යන්න බැරිවුණ ඊර්ෂ්‍යාව වගේ තිබෙන්නේ. මේ නගර ඇති රටවල් දෙන ආධාර නිසා තමා මිනිස්සු ලක්ෂ ගණනක කුසගින්න නිවෙන්නේ. (නි)
නිකන් හරි මේකේ කොළඹ තිබුණා නම් ඉන්න හම්බවෙන්නේ නැහැ අපේ පිවිතුරු යහපාලගෙන්. හොඳ වෙලාවට නැත්තේ. (නි)
අපේ රටේ අගනුවර මොකක්ද කියලා දන්නේ නැති අය ඉන්නකොට ඒ අයට කොහොමද කොළඹ මතක් වෙන්නේ? (නි)
පිටිගල මිලානොට ටිකක් හිත රිදිලා වාගෙයි. ඕවා ඔහොම තමයි. (නි)
මිලානෝ කියන්නේ හොඳට ලස්සනට තිබුන වැදගත් නගරයක්. නමුත් අපේ රටේ කට්ටිය එහෙ ආක්‍රමණය කළදා ඉඳලා මිලානෝ නගරය 'සුසානෝ' කළා. (නි)
පිටිගල මිලානෝ, මිලානෝ කියන නගරය කොච්චර ලස්සන වුනත්, එම නගරයේ ජීවත්වෙන මිනිස්සු කොච්චර ලස්සනට ඇඳුම් ඇන්දත්, ඔබලා නම් ඒ නගරයේ ජිවත් වෙන විදිහ, කන බොන හා අඳින පළඳින විදිහ හරිනෑ කියල තමයි අපිට නම් ආරංචිය. (බ)
මුම්බාය (බොම්බෙ) 38 වෙනි තැනලු. අවීචියෙ අගනුවර 37 වෙනි තැන වත් ඇති එහෙනං. (බ)
මිලානෝ කියන්නේ වාහන වලින් පිටවන දුමෙන් ( පරිසරයට අහිතකාමි වාතය ) පිරුණු , වාහන තද බදය සහ දවලට ස්පගටි කාල හවසට මෙකරෝණි කන , නිතරම කෝපයෙන් පෙලෙන මිනිසුන් ජිවත් වන නගරයක් , ඉතින් එ්කට කොහොමද ලෝකයේ හොඳම නගරවල් අතරට වැටෙන්නේ ? පිටිගල උතුමානනි (බ)
ඇල්ප්ස් කඳු වැටියෙන් සහ විල් වලින් වටවූ, ලෝකයේ ලස්සනටම අඳින පළඳින, ඉතාමත්ම ක්‍රමවත්ව සහ රසවත්ව පිළියෙළ වූ ආහාර රටාවක් පරිශීලනය කරන දෛනික අධිගමනයෙන් තොර සන්සුන් ජීවන රටාවකට හුරු පුරුදු වූ මිනිසුන් ඇති, කුඩා නමුත් ඉතාමත්ම දියුණු නගරයක් වන මිලානෝ නගරය මට නම් මෙලොව ඇති සුන්දරම නගරයයි. (නි)