උතුරු ලන්ඩනයේ අභයාරාමය වසර දෙකක් පිරිම නිමිත්තෙන් අටවිසි බුද්ධ පුජාමය පින්කමක් පසුගියදා පැවැත්වීණි.
විහාරස්ථානය ආරම්භයේ සිට නන් අයුරින් උපකාර කරමින් සම්බන්ධව සිටි සියලුම දායක කාරකාදීන් මෙන්ම ඔවුන් නමින් පරලෝ සැපත් සියලුම දෙනාටත් පින් අනුමෝදනා කරමින් පැවති මෙම පිංකම මෙහෙය වුයේ පණාමුරේ තපස්සි හිමියන් විසිනි.
උතුරු ලන්ඩනයේ නගර කිහිපයකම ජිවත්වන බෞද්ධයන්හට අවශ්‍යව තිබු විහාරස්ථානයක අඩුපාඩුව පිරිමැසුණේ මෙම විහාරස්ථානය ආරම්භ කිරීමෙන් පසුව බව තපස්සි හිමියෝ පැවසුහ. මෙම විහාරස්ථානය සමඟ ශ්‍රී ලාංකික මෙන්ම අන්ජාතික බැතිමතුන්ද සම්බන්ධව සිටිති. පන්සලේ තැන්පත් කර ඇති රන් ආලේපිත බුදු පිළිම වහන්සේ පුජාකර ඇත්තේ විහාරස්ථානයට සම්බන්ධ ඉන්දීය ජාතික පින්වතුන් විසිනි.
විහාරස්ථානයේ මුලිකත්වයෙන් උතුරු ලන්ඩනයේ වෙසක් පොසොන් පින්කම්, කඨින පුජා පින්කම්, සර්වඥ ධාතු වන්දනා, පිරිත් පින්කම්, ධර්ම දේශනා, භාවනා, බෝධිපුජා මෙන්ම සිංහල අවුරුදු උත්සව වැනි විවිධාකාර ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.
විහාරස්ථානය සෑම සති අන්තයේදීම දරු දැරියන් උදෙසා දහම් පාසලක් සහ සිංහල පන්ති පවත්වයි.

![OVI_5552_(1)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/OVI_5552_11.jpg)
![OVI_5636_(1)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/OVI_5636_11.jpg)
![OVI_5656_(1)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/OVI_5656_11.jpg)
![OVI_5683[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/OVI_56831.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අභයාරාමයට මොකක් වුණාද? (ම)
බොහොමත් වටිනා සේවාවක්. ස්වාමින් වහන්සේට ගොඩක් පින්. බටහිර රටක වෙලත් මිථ්‍යා දේවල් අනුගමනය කිරීම අනුමත කරන්න බැ. බෞද්ධ විහාරස්ථානයකින් දිය යුත්තේ බෞද්ධ දර්ශනය මිස මින්සුන් මිථ්‍යා දෘෂ්ටික කිරීම නොවේ. (නදී)
මේ හාමුදුරුවෝ කරන්නේ මිල කල නොහෙකි සේවයක්.ජීවන් කියන දෙය අවුල් සහගතයි.මුලින් එකක් කියල නෙවත තව එකක් කියනවා.කෝකද හරි එක කියල පැහැදිලි නෑ. (අ)