දැනට ලෝකයේ ඉදිකර ඇති උසම ප්‍රතිමා දෙක ලෙස ගැනෙන්නේ බුදු පිළිම දෙකකි. ඉන් පළමුවැන්න චීනයේ ෂඔකුන් නගරයේ "දිය බුබුලේ පන්සලෙහි" බුදු පිළිම වහන්සේය. ෂඔකුන් නගරය පිහිටියේ ලුෂන් ප්‍රාන්තයේ. මෙම පිළිමයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත්තේ 1997 වන අතර අවසන් කර ඇත්තේ 2008 දිය. මීටර් 40 ක් ( අඩි 131) උස නෙළුම් මලක් මත ඉදිකර ඇති මෙම හිටි පිළිමයේ උස මීටර් 208 කි.( අඩි 682)
මෙම පිළිම වහන්සේ ඉදිකිරිම සඳහා වැයවී ඇති සම්පුර්ණ මුදල රුපියල් කෝටි 2376කි. පිළිමය නිර්මාණය කිරීම සඳහා තඹ තහඩු 1100 ක් යොදාගෙන ඇති අතර සම්පුර්ණ නිර්මාණය ටොන් 1000 කට වඩා බර බව ඇස්තමේන්තු කර ඇත.
මෙම පිළිමය ඉදිකර ඇත්තේ දර්ශනීය පරිසරයක පිහිටි දැවැන්ත විහාරස්ථානයක වහල මතුපිටය.
මෙම විහාරස්ථානයට " දිය බුබුලේ පන්සල" යන නම වැටි ඇත්තේ අසල පිහිටි උණුදිය උල්පත නිසාය.මෙහි මුල් විහාරස්ථානය ඉදිවී ඇත්තේ "ටැන් රජ පරපුර" බලයේ සිටි කාලයේය. බුදුපිළිම වහන්සේ ඉදිකිරීමට පෙරාතුව මෙම පන්සල ප්‍රසිද්ධියට පත්ව තිබුණේ එහි ඇති ටොන් 116 ක් බර සෞභාග්‍යය උදාකරන දෙයක් ලෙස විශ්වාසයක් සහිත විශාල ඝණ්ඨාරයක් නිසාය.
ලෝකයේ දෙවැනි උසම ප්‍රතිමාව වන්නේ ද බුදු පිළිමයකි. එය ගොඩ නඟා ඇත්තේ මියන්මාර් රටේ "ටවුන්ග්" නම්වූ ගමෙහිය. එයද හිටි පිළිමයකි. මෙම පිළිම වහන්සේගේ උස මීටර් 116 කි. ( අඩි 381) මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ 1996 දිය. ඉදිකිරීම් අවසන් කළේ 2008 දිය. "ලේක්යුන් සාක්‍ය බුද්ධ" නමින් හැඳින්වෙන මෙම පිළිම වහන්සේ ඉදිකරන ලද්දේ එම විහාරස්ථානයේ විහාරාධිපති නාරද හිමියන්ගේ අනුසාශනාවෙනි.
මේ අතර ජපානයේ උෂිකු නගරයේ ඉදිකර ඇති " උෂිකු දයිබුට්සු" බුදු පිළිම වහන්සේ මීටර් 120 ක් ( අඩි 390) උසවෙයි. 1993 දී ඉදිකර ඇති මෙයද ලෝකඩ ප්රතිමාවකි.මෙම පිළිම සමඟ සලකා බැලිය හැකි අනෙකුත් ප්‍රතිමා වන්නේ නිව්යෝක් නඟරයේ මීටර් 93 ක් ( අඩි 305) උස සුප්‍රකට ලිබර්ටි ප්‍රතිමාව, රුසියාවේ වොල්ගොග්රාඩ් නගරයේ ඉදිකර ඇති මීටර් 92 ක් ( අඩි 301 ) උස " මව්බිමේ ඇමතුම" නම්වූ ප්‍රතිමාව සහ බ්‍රසීලයේ රියෝ නුවර කොර්කවාඩෝ කඳු මුදුනේ ඉදිකර ඇති මීටර් 38 ක් උස ( අඩි 125 ) ක්‍රිස්තුස් වහන්සේගේ පිළිමයයි.

![laykyun_setkyar1[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/laykyun_setkyar12.jpg)

![Spring-Temple[5]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/Spring-Temple5.jpg)
![Ushiku_Daibutsu_2[3]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/Ushiku_Daibutsu_23.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉනෝකා හොඳින් සිංහල දන්නවා නේද? (නි)
නියම බෞද්ධයන් හැටියට අපට පුලුවන්ද සෙකන්ඩ් වෙන්න ? චීනෙට ණය වෙලා හරි අපි ඒ වගේ දෙකක් වත් උස පිළිමයක් හදමු.!.(බ)
මනෝජ්ගේ අදහසට ඌණ පුර්ණයක් එක්කරමි. බුදුදහම කියන්නේ ලෝක ධර්මතාවයකට. එය වෙනස් කළ හැකි කෙරුමෙක් සක්වල කොහේවත් ඒකාන්ත වශයෙන්ම නැත. මේ උත්තම පුරුෂයා මතුකර දුන් ලෝක ධර්මතාවය තේරුම් ගැනීම අහස උසට දහසක් පිළිම නෙළුවා වැනියි (නි)
බුදු සසුන බැබළේවා! එම දහමෙන් ලෝක සත්වයාට කරුණාව, මෛත්‍රිය,දයාව ඇතිවේවා! (නි)
සාධු සාධු!! (නි)
මම හින්දු ඒත් මම බුදු දහමට ගරුකරන, අදහන කෙනෙක්, ඉපදුන පලියට බෞද්දයෙක් වෙන්නේ නැහැ ධර්මය පිළිපැදීමෙනුයි බෞද්ධයෙක් වෙන්නේ (අ)
මේක දැක්කම අපේ ආගම ලොකු ගෞරවයක් ඇතිවෙනවා.(අ)
බුදු සසුන බැබලේවා!!! මේ ලොව තුල... (අ)
මමත් හින්දු.ඒත් බුදු දහම ගැන මගේ හිතේ තියෙන්නේ විශාල පැහැදීමක්.බුදු දහමෙන් කියැවෙන අනිත්‍ය ගැන මම වටහා ගනිමින් ඉන්නවා.අසහනයට පත් හිත් සුව කිරීමට ඇති එකම මග බුදු දහමයි.....එය මම අත් දැකීමෙන් දන්නවා.......බුදු සමිදුගේ පිළිරුවක් දකින හැම මොහොතකම මගේ සිත පහන් වෙනවා. (අ)
ඉඩ ලද හැම විටෙකම මා ලන්ඩන් නුවර පිහිටා තිබෙන, අතිශයෙන්ම දකුම්කළු වුත් නිසංසල පරීසරක පිහිටා තිබෙන අමරාවතී පන්සලට යන්නේ විඩාබර සිත මොහතකට හෝ සසුන් කර ගැනීමටයි. (අ)
දකිනකොටත් සිත නිවෙනවා (නි)
නමුත් ලෝකයේ කීදාහක් කන්න නැතුව දුක්විඳිනවද? (නි)
බුදුදහම තුළ ඕනෑම ගින්නකට පිළිතුරු තිබෙන බව දන්නවුන් මෙවන් විශ්මිත නිර්මාණ කිරීම අරුමයක් නොවේ. (නි)
සම්මා සම්බුදු ගුණ ලොව පැතිරේවා. මටත් ලොව සිටින සියලු මනුෂයන්ට බුදු ගුණ මහිමය දැනේවා. සැමට සම්මා සම්බුදු සරණයි (නදී)
බෞද්දයන් ගේ සිත්වල ඇති අප දහමෙන්ම පෝෂණය උන නිදහස් නිර්මාණශීලිත්වය ලොව වැදගත්ම නිර්මාණ වලින් ඉදිරියෙන්ම තිබීම මනාවට පිළිබිඹු කරයි (නදී)
දැනෙන සතුට කියල නිමකරන්න බැහැ. භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා (නදී)
සමහරු නම් කන්නම ඉපදිච්ච අයනේ. ලෝකයේ වෙන කිසිදෙයක් ඕනෑ නැහැ. කෑවාම විතරක් ඇති (නි)
විශ්ව,මම ඉගෙනගත්තේ මහනුවර බාලිකා විදුහලක. සිංහල මිනිසුන් සමඟ තමයි වැඩිපුර ගැවසුනේ. එයාලගෙන් වෙන්ව දුර රටක ජීවත්වීම මහත් දුකකි. බුදු සමිදුන් වදාළා නේද ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි කියලා..........! (නි)
විශ්ව,ඔබට ප්රහේළිකාවක් වෙලා ඇති,හින්දු වෙලා මගේ නම ඉනෝකා වුණේ කොහොමද කියල. එහෙම නේද? යහළුවන් අතරේ මගේ නම උච්චාරණය කිරීමට එයාලට අපහසු වුණ නිසා මෙනමින් ඔවුන් මාව ඇමතුවා.මමත් කැමැතියි මේ නමට (නි)
ගොඩක් වටිනා ලිපියක් (අ)
බඩ සහ අබය වැඩි වෙනසක් නැහැ අතුල. (නි)
හොඳ ලිපියක් (නි)
බෞද්ධාගම ගැන තියෙන්නේ කියන්න බැරිතරම් ආඩම්බරයක්. (නි)
ඇයි බටහිරයන් චීනයට එරෙහි? (නි)
ආරියසේන,ඔය අසරණ ගම්මාන මැද ඕවා කරන වෙලාවේ අසරණයින්ට කන්න ටිකක් දුන්නා නම් මොකද වෙන්නේ? (නි)
භාග්‍යවතුන් වහන්සේගේ වාසනා ගුණයට නමස්කාර වේවා! (නි)
බුදුන් අනුගමනය කරන රටක් චීනය කියන්නේ.ලෝකයේ උසම බුදු පිළිමය හදනවයි කියන්නේ කොච්චර ආඩම්බරයක්ද සිංහල බෞද්ධ වන අපටත්.(හේ)
ඒ පන්සල නිසා දැනට ඒ ප්‍රදේශයේ අය අධ්‍යත්මික හා සදාචාර්ය වශයෙන් හොද තත්වයක ඉන්නවා..ඒක හරිම සතුටක්..(හේ)
ඇත්තටම අපි මේ ගැන සතුටු විය යුතුයි.(හේ)
අබය,කෑවම විතරක් හරිද? (නි)
මමත් මැදිහත්වෙලා අසරණ ගම්මාන කිහිපයක් මැද කන්දක පන්සලක් හදනවා. මේ දවස්වල ධර්ම ශාලාවේ වැඩ. ඒත් අපිටත් හරි ආසයි ධර්ම ශාලා හදලා බුදු පිළිමයක් හදන්න.ඒ අවට ඉන්න අයගේ වියදමින් තමයි දැනට ඒ කරන ලද වැඩ ටික හරි කරගත්තේ. (නි)
ජපානයේ ඇති බුදු පිළිමය දැක බලාගන්න මම කීප වතාවක්ම ගියා. (නි)
සාදු සාදු සාදු!!! (නි)
සබ්බ දානං ධම්ම දානං ජිනාති - සියලු දාන අතර ධර්ම දානය උතුම්ම වේ.චත්ත මානවක කතාව අනුව බුදුන් වහන්සේ චත්තගේ කුණු කය ගැන නොසිතා ඔහුගේ සිත තිසරණයෙහි පිහිටුවීමෙන් ඔහු තිරිසන් ආදී නරක උපත් නොලබා දෙවි සැපම ලබන්නට යෙදුනි. එමනිසා කන බොන සහ නොකන නොබොන අප සියල්ලන් උතුම් බුදුදහමට අනුව අසරණයන්ම බව අබය ආදී මහතුන්ටත් නොපමාව අවබෝධ වේවා. (නි)
අපිට දැකල පුරුදු බුදු පිළිම වලට වඩා වෙනස් සුන්දරත්වයක් පෙනෙන්නට තිබේ.(හේ)
බුදු දහමට අනුව ජීවත්වනවා නම් ඇත්තටම කිසිම ප්‍රශ්නයක් පුද්ගලයා තුළ හෝ පවුල තුළ හෝ ගමක් තුළ සිදු වන්නේ නැහැ.කොච්චර හොද මාර්ගයක් අපට බුදු දහම කියල දෙනවද..(ම)
අසරණයින්ට කන්න දීම විතරද කරන්න ඕනේ. මෙවැනි අධ්‍යාත්මික දියුණු කරන වැඩත් කරන්න අවශ්‍යයි. අනෙක අසරණයින්ට කන්න දීමට වඩා වැදගත් වන්නේ ඔවුනට ජීවත් වන්නට වැඩපිළිවලක් සැකසීමයි. (ම)
බුදුදහම ලෝක වාසියා දන්නේ නම් ලොව ඇතිවෙන බොහෝ විනසකාරි ප්‍රශ්නවලට විසදුම් ලැබෙනවා .සුඛෝ බුද්ධානං උප්පාදෝ ! බුදු කෙනෙකු ලොව පහළවීම සැපයකි .(හේ)
බුද්ධාගම දර්ශනයක්. ලෝකයේ අවසානයට ඉතිරි වන්නේ මෙය විතරයි. (නි)