ලෝ ප්‍රකට ඇඩෝබ් පොටෝෂොප් මෘදුකාංගයෙහි වසර 25 ක ඉතිහාසයේ විසඳාගැනීමට නොහැකිව කාලයත් සමඟ ඒවායේ කේතමය උපදෙස් කෙමෙන් වියැකී යෑම (Bit rot) ගැටලුව විසඳීමට ඇමෙරිකාවේ එම්.අයි.ටී සරසවියේ පරිගණක විද්‍යා හා කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයේ (CSAIL) පර්යේෂණකයෙක් සමත්ව සිටී. විශේෂත්වය වන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු වීමයි. කොළඹ රාජකීය විද්‍යාලයේ හා මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ ආදි සිසුවකු වන ඔහු චරිත් මෙන්ඩිස්ය.
පොටෝෂොප් වැනි රූප සංස්කරණ කාර්යයන් සඳහා භාවිත කරන මෘදුකාංග මුහුණ දෙන ප්‍රධාන පෙළේ ගැටලුවක් වන්නේ කාලයත් සමඟ ඒවායේ කේතමය උපදෙස් කෙමෙන් වියැකී යෑමයි. සෑම මෘදුකාංගයකට ම පොදු මේ තත්ත්වය මෙවැනි මෘදුකාංග වලට විශාල ලෙස බලපායි. වේගවත් සේවාවක් ලබාගැනීම සඳහා මේ මෘදුකාංගවල මූල කේත කලින් කලට විශාල ලෙස ප්‍රශස්තකරණය (Optimize) කිරීමට සිදුවේ.
ඇඩෝබ් වැනි සමාගම් සෑම වසර කිහිපයකට වතාවක්ම පරිගණක විශේෂඥයන් සිය ගණනක් යොදාගනිමින් මේ කේත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරයි. මෙය මාස ගණනාවක් හා ඩොලර් බිලියන ගණනක විශාල මුදලක් වැය වන ක්‍රියාවලියකි.
මේ ගැටලුව විසඳා ගැනීම සඳහා උපක්‍රමයක් සෙවීම පිණිස ඇඩෝබි සමාගම පසුගිය වර්ෂයේදී එම්.අයි.ටී සරසවිය සමග පර්යේෂණ සිදු කළ අතර එම සරසවියේ පශ්චාත් උපාධි අපේක්ෂකයකු වන වරිත් මෙන්ඩිස් ලෝකයේ කිසිවකු එතෙක් විසඳා නොතිබූ එම අභියෝගය ජයගන්නට සමත්වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන සමාගමෙන් ඉල්ලා සිටින්න බැරිද ලංකාවේ පරිගණක නිෂ්පාදන කර්මාන්ත පුරයක් ආරම්භ කරන්න කියලා. ඒකෙන් අපේ රටට ලොකු සේවයක් ඔබට කරන්න පුලුවන්. නැත්නම් රජයෙන් ඉල්ලා සිටින්න එවැනි නිෂ්පාදන කරන්න සහයෝගය දෙන වැඩපිළිවෙලකට ආධාර දෙන්න කියලා.ඔබ රටට සම්පතක්. (නි)
මෙහි බොහොමයක් දෙනා හරි විස්තර නොදැන බොහෝ නිගමන වලට පැමිණ තියෙන නිසා මට මේ දේ ලියන්න හිතුනා. මම මොහුව ඔබට හඳුන්වා දෙන්නම්. මොහු නිදහස් අධ්‍යාපනයේ උපරිම ප්‍රතිඵල නෙලා මොරටු විශ්ව විද්යාලගෙන් උපාධි ලබා ඇමෙරිකාවේ පශ්චාත් උපාධිය හදාරමින් සිටි. මෙහිදී මොහු පිළිබඳව බොහෝ වැරදි මත පළවී තිබේ.කිසිදු බුද්ධිගලනයක් වී නැත. හුදෙක් ඔහු පශ්චාත් උපාධිය සඳහා ඇමරිකාවේ ගොස් තිබේ. කරුණාකර ඔහුගේ හැකියාවන් අගයකර සතුටුවන්න. බොරු නිගමන වලට නොයන්න. (නි)
අැත්තටම අාඩම්බරයි. ඔබට සුබ අනාගතයක් (ම)
මේ හැම අදහසකින්ම කියවෙන්නේ ලංකාවේ දේශපාලනය ගැන මිනිස්සු මොන තරම් කලකිරීමකින්ද ඉන්නේ කියලා. දේශපාලනඥයෝ මේක අවබෝද කරගන්නවා නම් හොඳයි. නැත්නම් කවදාහරි මේ තත්වය පුපුරා ගිහින් ආයිත් මහා විනාසයක් වේවි 1989 වගේ. (නදී)
ඔබ යම්දිනක නැවත එන තුරු ලක් මව පෙර මග බලා සිටි (නදී)
මේ අපේ සුනිල් මෙන්ඩිස් සර් ගේ පුතා නේ? (බ)
අපේ රටට ආඩම්බරයක් (නි)
අප ඔබට උණුසුම් ලෙස සුබ පතමු. දැක නැතත් ඔබ ගැන දැන සිටියා. (ර)
සෑම් මමත් හිතනවා ඔහු සුනිල් මෙන්ඩිස් සර් ගේ පුතා කියලා. මට මතක හැටියට උසස් පෙළ ගණිත අංශයෙන් ලංකාවෙන්ම පළවෙනියා උනා. ඔහු සැබෑම දක්ෂයෙක්. ලාංකිකයෙකු ලෙසත් සුනිල් මෙන්ඩිස් සර්ගේ ගෝලයෙකු ලෙසත් මම ඔබ ගැන ඉතා ආඩම්බර වෙමි. අවාසනාවට ඔබේ දැනුමෙන් ප්‍රයෝජන ගැනීමට තරම් මෙරට ආර්ථිකය හෝ සමාජය තවම දියුණුවී නොමැත. (ර)
ඔබේ පියා සුනිල් මෙන්ඩිස් ගුරුතුමා දෙවියෙක් වැනි ගුරු පියෙක්. (ර)
ලංකා මාතාවගේ විශිෂ්ට පුත්‍රයෙක්. මගේ සුබ පැතුම් ! (බ)
විශිෂ්ඨ සේවාවට මාගේ සුභාෂිංශන. (ර)
ඔබට මගේ සුබ පැතුම්! (නි)
ගුණතිලක ඇඩෝබ් සමාගම මෘදුකාංග නිපදවනවා මිසක් පරිගණක නිපදවනවා කියලා අහලානම් නැහැ.(ම)
සිරා නම් මොන ලෝකයක ඉන්න කුහකයෙක්ද මන්දා (නි)
අපේ සුභ පැතුම්! උප කොන්ත්‍රාත් එකක් අරගෙන දෙන්න බලන්න ලංකාවට. පරිගණක මෘදුකාංග සමාගම් ඕනෑතරම් එහෙම දෙනවා. මේවා යන්නේ ඉන්දියාව වගේ රටවලට. (නි)
අපේ රට ගැන විතරක් නොවේ. මුළු ලොවටම ඇතිවන යහපත ගැන හිතන්න.(නදී)
උණුසුම් සුබපැතුම් පුතා , (ම)
ෂා එළ කොල්ලෙක්නේ රටටම ආඩම්බරයක් (නදී)
සුද්ධෝ කළු හම තියෙන මිනිස්සුන්ට ඔය වගේ පුංචි පහේ චාන්ස් දෙනවා. (නදී)
විශිෂ්ටයි. උණුසුම් සුබපැතුම් ඔබට. (බ)
තවත් ආඩම්බරයක් හෙල පුතෝ මම උපන් රට පින්බරයි (නදී)
ඔබට ජයෙන් ජය වේවා (හේ)
රටට කීර්තිය ගේන්න ඔබට හැකිවිම අපට සතුටක් ඔබට ජය (නදී)
සිරා, මෝඩ කතා කියන්න එපා. මේ ළමයා ඇමරිකාවේ එම්.අයි.ටී. එකේ ඉගෙනගත් කෙනෙක් කියලා ලියලා තියෙනවා දැක්කේ නැද්ද?ලංකාවේ නොමිලේ ඉගෙනගෙන පිටරට යනවා කියලා ගරහන්න එපා. මේ අය යන්නේ ලංකාවේ දැනුමට සරිලන වැටුප් හා රැකියා අවස්ථා නැති නිසා (නි)
මගේ උණුසුම් සුබ පැතුම් රටට ආඩම්බරයක් (ම)
ලක්පුතුනි ඔබට සුභ පැතුම් ! (නදී)
මගෙත් උණුසුම් සුබ පැතුම් ඔබට (ම)
ලංකාවේ නොමිලයේ උගන්වලං, පිටරටට අපේ මිනිස්සුන්ව දෙනවා උන්ගේ රටවල් දියුණු කරගන්න. දේශපාලකයන්ගේ කිසිම සැලැස්මක් නැහැ ලංකාව දියුණු කරන්න, සුදුස්සාට සුදුසු තැන දීලා. (ම)
සුභ පැතුම් ඔබට ඉදිරි අනාගතයට (ම)
ලාංකිකයන් ඔය ඇඩෝබ් මෘදුකාංග සහ ෆොටෝ ෂොප් හොඳට දන්නවා , ඒවායින් තමා කෙල්ල කොල්ල කරලා , වෙන මුණක් තව රූපයකට දමලා , පොඩි කාලේ ඉඳල කරදරවෙන්නේ කරදර කරන්නේ (බ)
ලංකා මාතාව විසින් බිහිකරනු ලබන සුපිරි බුද්ධිමතුන්. දේශපාලුවන් විසින් අකා මකා දමනු ඇත....... . විශිෂ්ට ක්‍රියාවට සුබ පැතුම් (බ)
හරිම ආඩම්බරයි (නි)
ඔබගේ දැනුමට නියම ස්ථානය දෙවියන් විසින් ලබාදුන්නා. (නි)
මෙහේ දුක් විඳිනවට වඩා ජාත්‍යන්තරයට ගොස් සමස්ත මානව වර්ගයාටම සේවය කිරීම යහපතකි. (නදී)
ඔබත් මමත් පිටරටවල අපේ ශ්‍රමය වැය කරනවා. අපේ දේශ පාලුවෝ රට ආපසු ගෙනයනවා. මෙය කවදා නිමවේදෝ මන්දා. ඔබට ශුභ අනාගතයක්. (බ)
අපගේ උණුසුම් සුබ පැතුම් අති විශිෂ්ටයි. (බ)
ලෝකයට නව දැනුම සොයාදෙන ශ්‍රී ලාංකිකයෝ රටට ආඩම්බරයකි. (නි)
ෂා...මරුනේ! හරිම ආඩම්බරයි (නි)
ශ්‍රී ලාංකිකයෙක් හැටියට් ආඩම්බර වෙනවා. ඒ වගේම සුබ පතනවා (නි)
අපි හැමදේටම දේශපාලකයන්ට බැන්නට, ලංකාවේ සරසවියකට ගිය හැමදෙනාම දන්නවා, උගතුන්ට මේ රට තුළ වැඩක් කරන්න වැඩිපුරම ඉඩ අහුරන්නේ තමන්ගේම අය බව. පිටරට ශිෂත්වයක් වෙනුවෙන් ආචාර්ය, මහාචාර්යවරුන්ට දරදිය අදින් අය කොච්චර අපේ සරසවි තුළ ඉන්නවද? සරසවි තුළ තිබෙන මේ රැල්ල නිසා කොයිතරම් බුද්ධිමතුන් මේ රට හැර ගිහිල්ලා තියෙනවද කියලා කවුරුහරි හොයලා බැලුවොත් තේරෙයි මේ ප්රශ්නයේ තිබෙන බැරෑරුම්කම සහ හැමදේටම දේශපාලකයන්ට බැනලා වැඩක් නැති බව (නි)
ඉතාමත්ම ආඩම්බරයි. සතුටුයි. නමුත් මේ සිංහලයාගේ සේවය තම මවුබිමට නැහැ.වරද කොතනද? (නි)
ඔබට සුබ පැතුම් (ම)
පාසලට වලිකන සරසවි වරම් නොලැබෙන අවසන පඩිය හිගමන දරුවෝ කවුරුද වරදේ නොබැදෙන(ම)
අන්න රට දිනු මිනිස්සු (බ)
ලංකාවේ හිටියා නම් මේ තරුණයා ආයතනයක පරිගණක ඉංජිනේරුවෙක් විතරයි. ලංකාවේ වැඩියෙන්ම මොළකාරයන් වෙන්නේ සුවිශේෂ වරප්‍රසාද සහිතව වෙනම කාමර වල විභාගවලට ලියන සහ ලංකාවේ උසස් පෙළ අසමත් වෙලා පිටරට වල උපාධි අරගෙන ලංකාවට ආපු දේශපාලක පුත්තු ටික. මේ සොයා ගැනීම ලංකාවේදී කළා නම් මේ තරුණයා අතුරුදහන් වෙලා නව සොයා ගැනීම දේශපලුවෙකුගේ පුතෙකුගේ නමට ප්‍රසිද්ධ වේවි.ඒ නිසා පිටරට වලට බැනලා වැඩක් නැහැ. අපේ බුද්ධි ගලනයට හේතු සොයා බලන්න. (ම)
සුභ පැතුම් ! අපේ දැනුම පිටරටවලට වටිනවා. අපේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න හොර රැල මේවා දන්නේ නැහැ බුද්ධි ගලනය මොනතරම් පාඩුවක්ද කියන එක අපේ රටට. (ර)
නියමයි, ආඩම්බරයි. (ර)