ලෝක ප්‍රසිද්ධ කැනේඩියා ජාතික පොප් ගායිකා සෙලින් ඩියෝන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාවූ සුප්‍රසිද්ධ සංගීත කළමණාකරුවෙකුවූ අවුරුදු 73ක් වයැසැති රෙනේ ඇන්ජෙලිල් කලක් පිළිකා රෝගයෙන් රෝගාතුරව සිට ඇමෙරිකාවේ ලාස්වේගාස් ඔහුගේ නිවසේදි ජනවාරි 14 වැනි දා මියගිය බව ඔහුගේ බිරිඳ විසින් පැවැසීය. රෙනේ ඇන්ජෙලිල් යනු කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තයේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙකි. ලෙබනන් සිරියා පවුලකට අයත් ඔහු කැනඩාවේදි උපත ලබා 1960 දි ගායකයකු ලෙස කැනඩාවේ සංගීත කණ්ඩායමකට සම්බන්ධව සිටියේය.
වර්ෂ 1980දී සෙලින් ඩියොන් කුඩා කල ඇගේ දක්ෂතාවයන් හදුනා ගත් ඔහු ඇගේ සංගීත ක්ෂේත්රයට අතහිත දෙමින් ඇගේ ගීත ඇතුළත් ගී තැටි නිර්මාණයට දායක වූයේය. එකල ඇගේ වයස අවුරුදු 12ක් වනවීට ඔහුගේ වයස අවුරුදු 38කි. කලක් ගත වීමෙන් ඔවුන් දෙදෙනා පෙමින් වෙලී වර්ෂ 1994දී කැනඩාවේදි විවාහ ගිවිස ගත්හ. ඔවුන්ට චාර්ල්ස්, නෙල්සන්, එඩී නමින් දරුවන් තිදෙනකු සිටිති. වර්තමානය වනවිට ඔවුන් ලාස්වේගාස්හී පදිංචි වී සිටියේය. එහි පිහිටි ලෝක ප්‍රසිද්ධ ශෙසාර් රංඟන ශාලාවේ පැවැත්වෙන සියලූම ප්‍රසංග සඳහා සහභාගිවූ ගායක ගායිකාවන් අතර සෙලින් ඩියෝන් ප්‍රධාන ගායිකාව වුවාය. ඉංග්‍රීසි හා ප්‍රංශ බසින් ගී ගයන සෙලින් ඩියෝන් අද ලෝකයේ සිටින ධනවත්ම ගායිකාවකි.
ඇගේ ස්වාමියාගේ අභාවය ගැන ශෝකය ප්‍රකාශ කළ කැනඩාවේ අගමැති ජාතික ධජය අඩකුඹු කොට ඔහුට ගෞරව දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔහුගේ අවසන් කටයුතු 22 වැනි සිකුරාදා මොන්ට්‍රියල් හී සුප්‍රසිද්ධ ”අපේ මෑණියන්ගේ ”කතෝලික දේවස්ථානයේදි සිදු කිරීමට නියමිතය.

![basilika_montreal[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/basilika_montreal1.jpg)
![celin_and_rene[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/celin_and_rene1.jpg)
![celin_and_rene_01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/celin_and_rene_011.jpg)
![celin_and_rene_02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/celin_and_rene_021.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධනයෙන් හිස උදුම්මා නොගත් ඇය කෙතරම් ආදර්ශමත්, ගුණවත්,ආදරණීය බිරිඳක් විය යුතුද...?අපගේත් බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමි.! (බ)
මොකද මම ඔබේ බිරිය (බ)
ඉනෝකා, ඔයා කොහොමද දන්නේ ඒක? (නි)
ලංකාවේ ඔහොම වයස් පරතරයක් ඇතුව විවාහවුණා නම් මිනිස්සු මොනවා නොකරයිද? ඒත් බලන්න ඒ දෙදෙනා කොයිතරම් සතුටින් සමාදානයෙන් ජීවත්වුණාද කියලා (නි)
මහත්තය මැරිලා දවසකට පස්සේ සෙලින් ඩියෝන්ගේ වැඩිමහල් සහෝදරයත් මැරුණා (බ)
සමන්, ඔයා මගෙන් ඇසු ප්‍රශ්නයම ලලිත්ගෙනුත් අහනවාද...? ඇය මම ප්‍රියකරන ගායිකාවක්. (නි)
ටයිටැනික් චිත්‍රපටයේ තිබෙන 'මයි හාර්ට් විල් ගෝ ඔන්' කියන ඉතාමත් ජනප්‍රිය ගීතය ගයන්නේත් සෙලින් ඩියෝන් (නි)
අපේ රටේ බිහිවන අනුන් ගේ ගීතයක් වත් හරියට කියා ගන්න බැරි පරපුට්ටන්ට සෙලිනා ආදර්ශයක් (බ)
සෝබන ගොඩයි මෙයාගේ (නි)