ඉන්දියාවේ කාන්තාවකගේ ගර්භාෂයේ තිබී ලොව මෙතෙක් සොයාගත් විශාලත ම ගර්භාෂ ගෙඩිය ඉවත් කළ බව වෛද්‍යවරු පිරිසක් කියති. රාත්තල් 30ක් (කිලෝ ග්‍රෑම් 15යි ග්‍රෑම් 600ක්) බරැති මෙම ගෙඩියේ විශ්කම්භය අඟල් 21කි .
ලතා නමැති 52 හැවිරිදි කාන්තාවකගේ ගර්භාෂයෙන් මේ ගෙඩිය ඉවත් කිරීමට චෙන්නායි වෛද්‍යවරු සමත් වුහ.
මෙම කාන්තාව හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් හා අධික විඩාවෙන් පෙළෙමින් සිටියත් ගර්භාෂයේ ගෙඩියක් ඇතැයි අදහසක් තිබුණේ නැත. වෛද්‍යවරුන් පවසන්නේ එය පත්තක්කා ගෙඩියක් තරම් විශාල බවයි.
ඇයගේ ජනනේන්ද්රීයෙන් රුධිරය වහනය වීම නිසා චෙන්නායි කුමාරන් රෝහලට ඇතුළත් කැරුණු ඇය ලේ හිගකමින් පෙළෙන බව වෛද්‍යවරු කීහ. ගෙඩිය ගර්භාෂයෙන් පිටත පිහිටා තිබිණි.
ප්‍රසව හා නාරිරෝග අංශයේ ප්‍රධානී වෛද්‍ය මානි මේකලායි පැවසුවේ තමන් ඇතුළු කණ්ඩායම මේ ගෙඩිය දැක තැතිගත් බවයි. ෆයිබ්‍රොයිඩ් ලෙස මේ තත්ත්වය හැදින්වෙයි. රාත්තල් 21 ක් බරැති ගෙඩියක් අප්රිකානුවකුගෙන් මීට පෙර ඉවත් කැරිණි.
‘‘ ගර්භාෂ ගෙඩියක් කියන්නේ කාන්තාවන්ට සාමාන්‍ය දෙයක් නමුත් මේ ගෙඩිය ඉතා අසාමාන්‍ය ලෙස විශාලව වැඩී තිබුණා. ඊස්ට්‍රජන් හෝර්මෝනය අධිකවීම හේතුවෙන් මෙවැනි ගෙඩි හටගන්නවා. “





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිලෝ 15.6 කියන්නේ රාත්තල් 34 ක් ! (හරියටම නම් රාත්තල් 34යි අවුන්ස 6යි)(දී)
අදහගන්නත් බැහැ. (දී)
හතුරෙකුටවත් මේ වගේ කරදරයක් වෙන්න නම් එපා. (ස)
අපේ ලංකික කාන්තාවන්ට මේ පුවත හොඳ ආදර්ශයක්. නිතර පරික්ෂාකාරි වන්න. (ස)
අප්පෝ දැක්කමත් බය හිතෙනවා. වනේ වන හතුරෙකුටවත් මෙවන් දෙයක් නෙවෙවා. (ස)
මේ රෝගී තත්ත්වය මගේ ඥාති සොහොයුරියට තිබුනා. මේ තත්ත්වය වයස 35 ඉක්මවූ දරුවන් නැති කාන්තාවන්ට සුලභව ඇති වෙනවාලු. (නි)
අපේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහර මැති ඇමතිතුමන්ලාගේ බඩවල් දිහා බලනකොට මේක මොකක්ද කියලා හිතෙනවා (නි)
අම්මෝ! දකිනකොටත් ඇඟම හිරිවැටෙනවා (නි)
වයස 35 වැඩි හැම කාන්තාවක්ම .වසර 2 සැරයක්වත් ගැබ්ගෙල (පැප්)පරීක්ෂාවක් කරගන්න ඕනේ මේ හේතුව නිසා තමයි (දී)
හරි පුදුමයි (නදී)