උසස් ගුවන් ආරක්ෂණ පද්ධතියක් දිල්ලි නගරයට ලබාදීම සම්බන්ධව ඉන්දියාව සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව රුසියා බලධාරීන් පවසයි. රුසියා අගමැති ව්ලද්මිර් පුටින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡා පැවැත්වීමට නියමිත ගෝව නගරයේදී මෙම ගිවිසුම අත්සන් කිරීමට සූදානම් කර ඇති බව වාර්තා වේ.
මෙම ආරක්ෂණ පද්ධතිය රුසියාවේ නිශ්පාදිත නවීන එස්-400 වර්ගයේ ප්‍රති මිසයිල සහිත යානා වලින් සමන්විත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.රුසියාව විසින් සිරියාවටද ලබා දී ඇත්තේ ද මෙවැනි නවීන ආරක්ෂණ පද්ධතියකි.
මේ දිනවල ඉන්දියාවේ ගෝව නගරයට රැස්වී සිටින රුසියා, බ්‍රසීල, චීන, දකුණු අප්‍රිකා හා ඉන්දියා නියෝජිතයෝ බ්‍රික්ස් ආර්ථික සමුළුව පවත්වති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ තියෙන්නේ ඉන්දියාවේ එකක් නේද? (නි)
අයියෝ මෙයාලගේ අර සුප්‍රසිද්ධ පද්ධතිය තියෙද්දී මොකට රුසියාවෙන් ගන්නවද? වතාවක් අපටත් එකක් දීලා තිබුනේ. හැබැයි පද්ධතියේ හොඳකමට අරගොල්ලෝ අස්සෙන් රිංගලා පහර දුන්නා (නි)
ඉතා ඉහළ රුසියන් ගුවන් ආරක්ෂක පද්ධතියක් ඉන්දියාව මිලට ගන්නවා. අපි ඉන්දියාවේ අහකදමන පරණ පද්ධතිය ගන්නවා. අර යුධ සමයේ සෙල්ලම් ගුවන් යානාවත් එ්කට අහුවුණේ නැහැ. ඔන්න ඉන්දීය නිෂ්පාදන (නි)
ඉන්දියාවට පමණක් නොවෙයි චීනයටත් එස් 300 සහ එස් 400 ගුවන් ආරක්ෂක පද්දති ලබා දීමට රුසියාව තීරණය කොට තිබෙනවා .එවිට නේටෝ හවුලේ ගුවන් යානා වලට සහ ඇමෙරිකානු ගුවන් යානා හාරක නෞකා වල ගුවන් යානා වලට ආසියාවේ චන්ඩි පාට් දාන්න බැරිවෙයි. (අ)