ඇමෙරිකා රජයේ රහස් ලොවට හෙළි කළ එඞ්වඞ් ස්නෝව්ඩන් සම්බන්ධයෙන් රුසියානු රජය සමඟ සාකච්ඡා කර ඔහු ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ජනපති ඔබාමා ඉදිරිපත් වනු ඇතැයි ධවල මන්දිරය ඊයේ (18) නිවේදනය කළේය.
ඇමෙරිකා ජාතික ආරක්ෂක ඒජන්සියේ හිටපු කොන්ත්‍රාත්කරුවකු වන ඇමෙරිකන් ජාතික ස්නෝව්ඩන් මේ වනවිට රුසියාවේ ගුවන්තොටුපොළක රැඳී සිටී.
ඇමෙරිකා රජය ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අහෝසි කර ඇති හෙයින් ඔහුට රුසියාවෙන් පිටවීමේ හැකියාවක් නැත.
ස්නෝව්ඩන්, ලතින් ඇමෙරිකානු රටවලින් ආරක්ෂාව ඉල්ලා ඇති අතර වෙනිසියුලාව ආරක්ෂාව දීමට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වේ.
රුසියාව ද ස්නෝව්ඩන්ට ආරක්ෂාව දීමට කැමැත්ත පළ කර ඇත. ඒ, ඇමෙරිකාවට හානියක් වන ආකාරයේ රහස් පිටකිරීම වහා නැවැත්විය යුතුය යන කොන්දේසිය මතය.
එම කොන්දේසියට ස්නෝව්ඩන් එකඟ නොවේ. කෙසේ නමුත් පෙරේදා (17) වාර්තා වූයේ ස්නෝව්ඩන් යළිත් වරක් රුසියාවෙන් රැකවරණ ඉල්ලීමට උන්නදුවක් දක්වන බවය.
මේ අතර, ඇමෙරිකා රජය, එරට ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා සිදු කරන එම ඔත්තු බැලීම්වලට එරෙහිව එරට සමාගම් 19 ක් ඇමෙරිකා රජයට නඩු පවරා ඇතැයි ද වාර්තා වේ.
ඇමෙරිකා රජය සිදු කරන එම ඔත්තු බැලීම් ව්‍යවස්ථාවට පටහැණි බව පවසමින්, එම ඔත්තු බැලීම් වහා නවත්වන්නැයි බල කරමින් සැන් ෆ්රැන්සිස්කෝ ෆෙඩරල් අධිකරණය එම නඩු පැවැරීම කළේ මානව හිමිකම් සුරැකීමේ සංවිධාන සහ සිවිල් අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන සමඟ එක් වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න අපේ මානව හිමිකම් ගැන කතා කරන අය.(නදී)
ලංකාවේ මානව හිමිකම් ගැන හඬනගන අය වෙහෙසෙන්නේ අපරාධකාරයෝ ආරක්ෂා කරන්නද කියලා අපිට වෙලාවකට හිතෙනවා (දී)
බලපු ගමන් හිතට අපු එක කියල දාන එක ලංකාවේ මිනිස්සුන්ගේ හැටි, ප්‍රශ්නේ තියෙන්නේ ස්නොව්දෙන් ගැන ඇමෙරිකාව මේ තරම් උනන්දු මොකද කියන එක, ඒක මුළු ලෝකෙටම ප්‍රශ්නයක් අනික ස්නොවුදෙන් ම කියල තියෙනවා මේ ඔත්තු බැලීම නිසා ත්‍රස්තවාදී ප්‍රහාර 50 කට වැඩිය ඇමෙරිකාව වලක්වා ගත්ත කියල, මම හිතන්නේ එක ඇත්තනම් ස්නොවුදෙන් නටන්නේ පිස්සුවක්, ඇමෙරිකාවේ ඉන්න මිනිස්සු හිතන්නේ එයාලගේ ආරක්ෂාව තමඊ අංක 1 කියලා, ඒ වගේම විශ්වාස කරනවා තමන්ගේ රට තමන්ව ආරක්ෂා කරනවා කියලා, එහෙම නැතුව දෙසපලුවෝ ගහන ගහන පදේට නටන්නෙවත් , උන් කියයනදේ ඉස්මුදුනින් පිලිගන්නේවත් නෑ මේ ලංකාවේ වගේ. (දී)
ලංකාවේ මහත්මා ගතිගුණ ඇමෙරිකාවට ගෑවිලවත් නැහැ. රතු ඉන්දියානුවන්ව රවට්ටපු දා ඉදල කළේම වංචා. ප්‍රදාන ප්‍රශ්නේ දැන් ඔබාමට රුසියාව ඉස්සරහ දන ගහන්න වෙන එක. ස්නොව්දන් කියන්නේ අන්තර් ජාතික වීරයෙක්.(නදී)
දනුෂ්ක හරි. කටට එන එක කියලා දාන එක අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ගතියක්. මේ අය ප්රවෘත්ති කියලා හිතන්නෙ උදේට එක එක කුමාර වරු කියවන ප්රවෘත්ති සිරස් තල වලට. කලාතුරකින් වත් පත්තරවල තියෙන ලිපි කියවන්නෙ නෑ. ඒ නිසා ලෝක ඉතිහාසයේ සිදුවූ වගේම සිදුවෙමින් පවතින දේ ගැන විචාරශීලිව වටහා ගන්නෙත් නෑ. ඒ අතර ජනතාවගේ මේ නොදැනුවත් බව නිසාම ඇත්තටම සිදුවෙන දේවල්වලට සුදුහුණු ගාන දනුෂ්කලා කොටසකුත් ඉන්නවා. ඇමෙරිකාව තමන් ආරක්ෂා වෙන අතරම මුළු ලෝකයම ඉතා සැලසුම් සහගතව නීච ආකාරයෙන් අවුල් කරමින් විනාශ කරනවා. අපට ස්නෝඩන් වීරයෙක් වෙන්නෙ ඒ නිසා. ඔහුගේ හෙළි කිරීම් අනිත් රටවලට තමන්ගේ ආරක්ෂාව සලසගන්න පිටිවහලක් සපයනවා. ඇමෙරිකාව මේ වෙලාවේ ගලේ පැහැරුව බළලෙක් වගේ. කොහොම උනත් මේ විචාර ලිව්ව වැඩි දෙනෙක් ඇමෙරිකාවේ සැබෑ ස්වරුපය ගැන දැනුවත් විම පිළිබඳව මම සතුටු වෙනවා.(නදී)