රුසියානු යුද නැව් දෙකක් ඊයේ (29) මධ්‍යධරණී මුහුදට සේන්දු විය.
සිරියානු රජයට සහාය දක්වන රුසියාව, එම යුද නැව් සිරියාව අසල මධ්‍යධරණී මුහුදට පිටත් කර හැරියේ, සිරියානු රජයට එරෙහිව හමුදා ප්‍රහාරයක් එල්ල කරන බව පවසමින් ඇමෙරිකාව ඔවුන්ගේ යුද නැව් මධ්‍යධරණී මුහුදට යැවීමට පියවර ගෙන ඇති නිසාය.
රුසියානු යුද නැව් මධ්‍යධරණී මුහුදට පිවිස ඇත්තේ කෲස් මිසලිය ද සූදානම් කරමිනි.
රුසියාවේ නාවික කඳවුරක් ද සිරියාවේ ඇති අතර එහි සිටින රුසියන් සෙබළු පිරිස වැඩි කිරීම කෙරෙහිද මේ වනවිට රුසියානු රජය තීරණය කර ඇති බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙස්ටර් නමැති කෙනෙක් බටහිර රටවලට සහ ඇමෙරිකාවට කඩේ යමින් ප්‍රතිචාර දමා තිබේ . ඔහුට වර්තමාන ලෝකය අවබෝධයක් නැති තරම්ය . රුසියාව සහ චීනය අවතක්සේරු කොට බටහිර රටවලට ආවඩා තිබෙන්නේ ඔහුගේ දැනීමේ අඩුකමක් නිසාය . රුසියාව සහ චීනය බටහිර රටවල් මෙන් තම ආධිපත්‍ය රැක ගන්ට වෙනත් රටවල් අස්ථාවර කරන්නේ නැත. යුධමය අතින් වුවත් රුසියාව, චීනය, ඇමෙරිකාව සමඟ කරට කර සිටිති . නමුත් එය ඔවුන් පෙන්වන්නේ නැත. මම අවුරුදු විස්සකට අධික කාලයක් ජිවත් වෙන්නේ ඉගෙන ගත්තේ ඔය කියන බටහිර රටකය . ඔබ කියනා තරම්මේ රටේ මිනිසාට ගරු කරන සමාජ වට පිටවක් නොමැත . ඒවා වචන වලට සහ වෙනත් තුන් වන ලෝකයේ රටවලට පටවන්න පමණක් අර අදින ජාතියකි ඇමෙරිකාව සහ යුරෝපය . ලෙස්ටෙර් ඔබ මෙවැනි දේ ලියන්නට පෙර ලෝකය ගෙන රටවල් ගෙන හොඳ අවබෝධයක් ලබා ගෙන ලියන්න . ඔබට මෙත් සුව පතමි ලෙස්ටෙර්. (ස)
මටත් පොඩි බෝට්ටුවක් තියෙනවා මම මේ කල්පනා කලේ කාට සහයෝගය දෙනවද කියලා (දී)
සිරියාවට තමන්ගේ ප්‍රශ්න විසදගන්න්නට ඉඩ දුන්නනං හරිනේ ...... අනුන්න්ගේ රටවල්වලට බලපෙම් කරන්නේ මොකටද? (දී)
රුසියාවේ තීරනය ගොඩාක් අගය කරණව.ඇමරිකාවට ඕන විදියටම සිද්ද වෙන්න බැ. ඇමරිකාව දැනට ලෝකේ රටවල් කීයක් අස්ථාවර කරලා තියෙනවද. තෙල් සම්පත තිබුනා නම් අපිටත් මෙලහකටත් පහර දෙනවා මානව ඓතිවාසිකම් උල්ලංගනය කර කියල. (අ)
ඇමෙරිකාවට/බටහිර රටවලට ඕනෑ මැදපෙරදිග තියන තෙල් ටික ගන්න. ඔය තෙල් ළිං වලින් හෙට වතුර ආවොත් අනිද්දට ඔවුන් යනවා. ඒක තමා ප්රජාතන්ත්රවාදය. රුසියාව තීරණයක් ගත යුතුයි ඇමෙරිකාව ප්රමුඛ රටවල් කරන අසාධාරන වැඩවලට. (නි)
තීරණය හොදයි. මොකද ඇමරිකාව හිතාගෙන ඉන්නේ ලෝක බලවතා කියලා (නි)
ඔව් ලෙස්ටර්, ඔය කියන රටවල මිනිසුන්ට ජිවිත වල වටිනාකමක් තිබෙනවා. හැබැයි ඒ මිනිස්සුන්ට අනෙක් මිනිස්සුන්ගේ ජීවිත නම් වටින්නෙ නැහැ (නි)
රුසියාව නැත්නම් ඇමරිකාව මෙලහකට ලොකු විනාශයක් කරලා. රුසියාවට ජය වේවා ! (නි)
මිනිසුනේ ලෝක විනාශයක් අතළග, අනුන්ට ඊරිෂ්ය කිරීම්, වෛර කිරීම්, නොකර අන්‍යොන්‍ය සහජීවනයෙන් මේ ලැබුනාවූ කෙටි ජීවිත කාලයේ ජීවත් වෙයල්ලා. (දී)
ලෙස්ටෙර් -- ඔය කියන මිනිසාට ගරු කරන සමාජ වට පිටවක් ඒ ගරුකිරීම ඔව්න් අනිත් රටවල්වලට දක්වන්නේ නැහැ, ඉරාකයට, ලිබියාවට ඔබ කියන ඒ ගරුකිරීම ලබාදුන්න හැටි අපි දැක්කා ඒ නිසා මේ ආර්ථික වාසි උදෙසා කරන යුද්ධයක් බව ඔබට හොදටම තේරෙනවා ඇති එහෙත් ඔබ ---කෙනෙක් (දී)
ෆැස්රුල්, ඔබ කිව්වනේ ඉස්ලාමය යුද්ධය අනුමත කරන්නේ නැහැ කියලා. එතකොට ජිහාඩ් ආගමික යුද්ධය කියන්නේ මොකක්ද දන්නේ නැහැ.ඉස්ලාමය මඟින්මයි යුද්ධයට මුස්ලිම්වරුන්ගේ මොළ ශෝධනය කරලා පොළඹවන්නේ.මුස්ලිම්වරුන් කොතනද එතන යුද්ධ. (ස)
තුන්වන ලෝක යුද්දය ලගයි වගේ (දී)
සිරියාවේ තෙල් නෑ. බොරුවට අමෙරිචාවට බනින්න එපා සිරියාවේ ජනධිපාහි පොඩි ළමඊ රසායනික අවි වලින් මරනකොට එක නවන්ත්තන්න කවුද ඉන්නේ ඇමරිකාව මිසක්. වෙන කවුද එක නන්වත්වන්නේ (දී)
සමිත්,ඉස්ලාම් කියන්නේ "සාමය" හරි වෙන මොනවා හරි කියමුකෝ. හැබැයි සිරියාව හෝ සෞදි අරාබියාව හෝ කියන්නේ ඉස්ලාම් නොවේ. මේ යුද්ධය ඉස්ලාම් හා සම්බන්ධ එකක් නොවේ. අහිංසක කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු ඒ රටේ ජනතාව අමු අමුවේ මරාදාපු අයෙක්ට දෙන්න යන දඩුවමක්. ඉස්ලාම් ධර්මය මේකට පටලවා ගන්න එපා. (නි)
මේවාට බුදුහාමුදුරුවෝ කිවුවේ සියලු දේ අනිත්‍යයි, සිහි නුවණින් කටයුතු කරත්වා කියාය. (නි)
කවුරු හෝ වේවා පොඩි අය සහ මිනිසුන් මැරීම කිසිදු ආගමක් අනුමත නොකරන ක්‍රියාවකි. එහෙත් අපි දන්නේ නැහැ ඇමෙරිකාව ඇතුළු අනිත් බටහිර රටවල් ගෑස් ප්‍රහාර පිටිපස්සේ ඉන්නවද නැත්නම් රුසියාව, ඉරානය යන රටවල් මේක පිටිපස්සේ ඉන්නවද කියලා. ලෙස්ටෙර් මහත්තයෝ, චිනේ වෙඩි බෙහෙත් හොයාගත්තට මිනිස්සු මරන්න තුවක්කු හැදුවේ නැහැ.ඒ බැරිකමට නෙමෙයි යම් හැදියාවක් තිබුන නිසා.... (නි)
ෆස්රුල් ගෆූර්, මතක තියාගන්න එක දෙයක්."ලබ්බට තියපු අතම තමයි පුහුලටත් තියන්නේ" කියලා.ෂියා මුස්ලිම් ඉවර කරපු ගමන් ගහන්නේ කාටද කියන එක දැනගන්න.ඇමෙරිකාව කරන්නේ විෂෙන් විෂ නැසීම.සුන්නි අයත් හරියට "ලිප ගිනි මෙළවෙන තෙක් දිය සැලියේ, කකුළුවා සැපයක් මයි දිය කෙලියේ" වගේ අත්පුඩි ගහ ගහා ඉන්න. (නි)
ලෙස්ටර්, හොද ලොන්ඩරියක් දාගන්න.හොදට දියුණුවෙන්න පුළුවන්. (නි)
සුන්නි සමග ඇමෙරිකාව...ෂියා සමග රුසියාව...? (නි)
"යුරෝපය,ඇමෙරිකාව,ඔස්ට්‍රලියාව යන රට වල තමා මිනිසාට ගරුකරන සමාජ වටා පිටාවක් තිබෙන්නේ." අසව් අසව් ඔන්නකීව. මාමේ තව එකක් (දී)
"යුරෝපය,ඇමෙරිකාව,ඔස්ට්‍රලියාව යන රට වල තමා මිනිසාට ගරුකරන සමාජ වටා පිටාවක් තිබෙන්නේ." අසව් අසව් ඔන්නකීව. මාමේ තව එකක් (දී)
ලෙස්ටර් මහත්තයෝ, වැස්සකටවත් ඉස්කොලේ ගියේ නැද්ද ? වැස්සට ඉහලන කුඩය ඔබ ඉහලන්නේ ඇමෙරිකාවට සහ යුරෝපයට වහින විට පමණක්ද ? සත්‍යපාල මහතා කීවාක් මෙන් ඔබට හොඳ ලොන්ඩරියක් දැමිමයි (නි)
ඇමෙරිකාවට වියට්නාම්කම අමතක වෙලා වගේ මෙවරත් එහෙම වෙනවා නම් හොඳයි. (ස)
මේ වගේ නරක දෙයක් ගැන මම මේ ඇහුවමයි (නි)
ඇමරිකාව,ආදරයකට අනුකම්පාවට සහය දෙනවා නෙමේ මොකක් හරි වාසියක් බලා පොරොත්තුව කරන සහය දීමක්. අර ඉරාකයේ,ලිබ්යා වල කුඩා ළමුන් හිටියේම නැද්ද?අනේ අපි නොදන්නා ඇමරිකාව. ඔය එයාලට කඩේ යන අයට අමතක උනාද එයාලගේ උඩින් වතුර යටින් ගින්දර දුන්නේ අපේ රටේ යුද්දෙදිත් එයාලම තමා. නැව් ගනන් යුද අවි අහසින්ද වැටුනේ ලෙස්ටර් මහතයෝ. රටක යුද්දයක් සාදාරනව විසදනවා නම් කව්රු හරි මැදිහත් වෙලා කව්ද අකමැති ඒකට.(නදී)
ඇමරිකාවෙ චණ්ඩිකම් වලට පිළිතුරු දෙන්න කවුරු හරි ඉන්න එක සතුටට කරුණක්. (නි)
නියමයි. ඔහොම යං ඔහොම යං. (නි)
ලංකාව කාගේ පැත්තේද (දී)
දෙගොල්ලොම කාගෙන අන්තිමට වල්ගේ ඉතුරු වෙය්ද මන්ද. (දී)
මේ අසාධාරණ ඇමරිකාවට විරුද්ධව එක රටක් හරි කෙලින් ඉන්න එක ගැන මට ආඩම්බරයි. නියමයි රුසියා (ස)
බල සමතුලනය සදහා මෙය අවාසි වේ (දී)
මුස්ලිම් වරු නිසා 3 වන ලෝක යුද්දෙකුත් ඇති වෙන්න තමයි යන්නේ. (දී)
ඇමෙරිකාව සහ සුන්නි මුස්ලිම් හින්ද ලෝක යුද්දයක් ත ලගට ඇවිත් ඇත (දී)
මේ පටන් ගන්න යන්නේ තුන්වන ලෝක යුද්ධයද? (නි)
රුසියාවට ජය පතමි (නි)
තෙවන ලෝක යුද්දය? (අ)
ලෝක යුද්ධයක් අත ළඟ එනවා වගේ. (නි)
ඇමරිකාව මොකක් හරි කළොත් ඒකට විරුද්ධ දෙයක්ම තමයි රුසියාව කරන්නේ (නි)
ලෝකයේම පොලිස්කාරයා වෙන්න හදන ඇමරිකාවට මුහුණ දීමට රුසියාව සිටීම සතුටට කරුණකි (නි)
ඔය ආවට එකෙකුට එකෙක් බයයි .ටික දවසකින් අපහු යාවි (දී).
ඉස්ලාම් කියන එකේ අරුත “සාමය“ ලු. (නි)
බල තුලනයක් තිබිය යුතුය (නි)
අවි ගත්තෝ මෙන්ම අවි තනන්නෝද අවිවලින්ම නසිති (නි)
මම මෙය දැනගෙන හිටිය එය එසේ විය යුතුයි. (අ)
ඔන්න මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ දැන්. උතුරු කොරියාවෙන් හා චීනයෙන්බලය සමතුලිත විය යුතුමය.නිවුටන් මහතාට පින්. (නි)
ඔක්කොම සිරියාවට යවන්න එපා. අපටත් රුසියානු චීන යුද්ද නැව් කීපයක් ඕනෑ වෙනවා. චීන යුද්ධ නැව් ඉන්දියාව ලංකාව අතර තියන්න. රුසියානු නැව් කොළඹට ගෙන්වමු. (නි)
සිරියාවේ සිරියාව නැතිවෙයිද ? සිරියාවට ඇමරිකාව ඉරිසියාව ඉහවහ ගිහින් (දී)
රුසියාවට තනියම යන්න දෙන්නේ නැහැ. චීනයත් එකතු වෙනවා. මොනවා හරිවුනොත් අපිත් ඉතින් මේ පැත්තේනේ. බලමු මොකද වෙන්නේ කියලා. (නි)
රුසියාවේ තීරනය ගොඩාක් අගය කරමි. ඇමරිකාවට ඕනෙ ඕනෙ විදිහට ලෝකෙ රටවල්වල ආණ්ඩු වෙනස් කරන්න ඉඩ නොදිය යුතුයි. (අ)
චීනය සහ රුසියාව බලවත් වීම, ඇමෙරිකාව සහ ඊට ගැති බටහිරයන්ට බලවත් හිසරදයක්. බලා හිඳිමු මෙවර ඇමෙරිකාව අත පුච්චාගනීද කියා. (නි)
තනි එකාධිපති වියුරුව නැති කිරිමට මොන යම් උත්සහා කිරිම අගය කළ යුතුය.රුසියාව වනාහි ව්‍යවස්තාව වෙනස්කර අලුත් අකාරයට එකාධිපති ගමනක යනරටකි.රුසියාව ,චිනය කියන තරම් ඔවුන්ගෙ යුධ ශක්තිය අදට ගැලෙපෙන තරම් දියුනු නැත.කවුරු මොනවා කිවුවත් යුරෝපය,ඇමෙරිකාව,ඔස්ට්රෙරේලියා යන රට වල තමා තමාත් මිනිසාට ගරුකරන සමාජ වටා පිටාවක් තිබෙන්නේ.එය මා හටද අද්දැකිමක් ඇත. (අ)