සිරියාවේ සිටින රුසියා හමුදා ඉවත් කර ගන්නා ලෙස රුසියා අගමැති වැල්ද්මීර් පූටින් උපදෙස් දී ඇතැයි බීබීසී පුවත් සේවය අනාවරණය කරයි.
සිරියාවේ මෙහෙයුම්වල සිය ඉලක්ක සපුරාගෙන අවසන් බැවින් මෙම තීරණය ගත් බව පූටින් කියා ඇත. සිරියා ජනපති බෂාර් අල් අසාද්ගේ රජය රුසියාව සමග සමීපතම සබඳතා ගොඩනගා ගත් අතර කැරළිකරුවන්ගේ ප්රහාර හමුවේ අසාද් රජය බිඳ වැටීමේ අවදානමක පැවැති සමයේදී රුසියාව සිය හමුදා සිරියාවට යවා මාස හයක මෙහෙයුම්වලින් පසු කැරළිකරුවන් මර්දනය කළේය.
රුසියා හමුදා ඉවත් කර ගැනීමේ තීරණය අසාද් රජයද අනුමත කර ඇතැයි එරට වාර්තා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුටින් නියම බුද්ධිමත් නායකයෙක්. මම ඔබට සුබ පතනවා. (නි)
ඇමරිකාව ආවා නම් රටෙන් බාගයක් විනාශ කරලයි නවතින්නේ (නි)
කාපු බීපු හෝටලයේ බිල ගෙවා සන්තෝෂමකුත් දීලා යනවා වගේ , වැදගත් විදියට ආ කාර්යබාරය නිමාකොට වැදගත් විදියට යනවා. ඔබට දිගුකල් ජීවත්වීමට සහ ලෝකයේ සාමය වෙනුවෙන් ක්රියාකිරීමට දෙවි පිහිට පතමි (නි)
ටිකිරි දන්නා දෙයක් කතාකරන්න. ඇමරිකාව නිසා තමා අයි.එස් සංවිධානයට මැදපෙරදිගින් එහාට යන්න අමාරු වෙලා තියෙන්නේ. පුටින් කළේ සිරියාවේ තෙල් ළිං ටික ලබාගන්න ඒකාධිපති සිරියා ජනාධිපතිට බලයේ රැදෙන්න උදව් කිරීම. (නි)
මෙන්න නායකයෝ !(අ)
විශිෂ්ට වැඩක්. ඔබට ස්තූතියි (නි)
පුටින් සිරියාව වනසලයි ගියේ.ඉස්පිරිතාලවලට තමයි වැඩිපුරම බෝම්බ දැම්මේ. (බ)
පුටින් මහතාට වඩා පුටින් මහතා ගැන කතා කොරන අය ගැන මට ආඩම්බරයක් හිතෙනවා. (අ)
මෙන්න ලෝකයේම නායකයා. ඔබට බුදු සරණයි! (නි)