රුසියාවේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ප්‍රතිඵල අතුරින් අඩකටත් වැඩි ප්‍රමාණයක් ලබා ජනපති පූටින්ගේ එක්සත් රුසියා පක්ෂය ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
තමා ඉතා හොඳ ප්‍රතිඵලයක් ලැබූ බව පූටින් පවසා ඇත.
එල්ඩීපීආර් සහ කොමියුනිස්ට් පක්ෂය සියයට 14 -16ත් අතර ඡන්ද ප්‍රමාණයක් ලබා සිටින බවද වාර්තාවේ.
ලිබරල් පක්ෂ 5% ඡන්ද කඩයිම ලබාගැනීමට නොහැකිව මැතිවරණයෙන් ඉවතට විසිවන ලකුණු පෙනී යන බවද කෙසේ නමුත් ස්වාධීන මට්ටමින් ඔවුනට ආසන කිහිපයක් ලැබීමට ඉඩ ඇතැයි ද රුසියා දේශපාලන ආරංචි සඳහන් කරයි.
අගමැති දිමිත්‍රි මේදෙව් නායකත්වය ලබාදෙන එක්සත් රුසියා පක්ෂය 44.5%ක ඡන්ද ලබා මහ මැතිවරණයේ ප්‍රතිඵල අඩක් පිටවී අවසන් වනවිට විශාල පරතරයක් සහිතව ඉදිරියෙන් සිටී.
ඡන්ද කොමසාරිස් එල්ලා ටැම්ෆිලෝවා පවසනුයේ ඡන්දය ඉතාම සාමකාමී නීත්‍යනුකූල මට්ටමින් පැවැත්වෙන බවයි. මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සඳහන් කරනුයේ ඡන්ද පැමිණිලි 1300ක් ලැබී ඇති බවයි.
ඉදිරි අවුරුදු පහේ ‘කළමනාකරණ ප්රජාතන්ත්රවාදය‘ වෙනුවෙන් මන්ත්‍රීන් 450ක් ඩූමාවට තෝරා ගැනීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ඇත්තටම ආදරේ, ජාතික ධනය අවභාවිතා නොකරන, හොරෙක් නොවන පුටින්ව කලින්ම ගෙදර යවන්න බුද්ධිමත් ජනයා කවදාවත් පෙළඹෙන්නේ නැහැ.(හේ)
ව්ලදිමීර් පුටින් රුසියාවේ බොහෝ ජනප්‍රිය වෙලා , රටවෙනුවෙන් සහ ලෝකයේ ත්රස්තයන්ට විරුද්දව කරනා ක්‍රියා වලට , රුසියාවේ පමණක් නොව බොහෝ රටවල ඔහු ජනප්‍රියයි (හේ)
අපේ රටේ නම් ත්රස්තවාදයට එරෙහි වුණොත් හිරගේ තමයි.(අ)
ලෝකේ භුමිය අතින් විශාලතම රට රුසියාව .. මන්ත්‍රීවරු 450 .. ලංකාව 225.. කොහෙන් හිනා වෙන්නද ...(බ)
රටේ වාසනාවට පහළවන නියම එඩිතර නායකයන්. (අ)
රුසියාවට පුටින් ඇමරිකාවට ට්‍රම්ප් ලංකාවට ගොඨාභය (අ)
නුවන්ගේ මතය මගෙත් මතයයි. ලංකාව මේ යන විදිහ කොහෙත්ම හොද නැහැ. මුළු ලෝකයේම රටවල මිනිස්සු දැන් හොයන්නේ සාමයෙන් ජීවත් වීමයි. සාමයෙන් ජීවත් වෙන්න නිර්භීත නායකයෙක් ඕන. (බ)
ඔව් ඔව් පිටිගල මිලානෝ, ලංකාවට නම් ආයිත් හොරු එපා.(හේ)
ඔව් ගාමිණි, පිටිගල මිලානෝ, දැන් මේ රට හොරුන්ගෙන් තොර කේතුමතියක් වෙලානේ තියෙන්නේ නේද? (නි)
. වඩා අවශ්‍ය වන්නේ දුර දක්නා නුවන සහ ජනප්‍රිය නොවන නිවැරිදි තීරණ ගැනීමට පසුබට නොවීමය. හොඳම උදාහරණය ජේ.ආර් (අ)
වෙට් ඔටර්, ගතවූ 30 වසර තුළ ශ්‍රී ලංකාවට වටිනා ජීවිත කොපමණ අහිමි වුණාද කියා ඔබ දනීද? (නි)
අපේ රටෙත් පූටින් වගේ නායකයෙක් හිටියාද කියලයි මම මේ කල්පනා කළේ (නි)
ජේ ආර් නිසා සිදුවූ දේශපාලන විපර්යාසය තමා අපේ රට නැති කරන්නේ (අ)