අඟහරු ග්‍රහයා වෙත යන ප්‍රථම පුද්ගලයා විමේ අපේක්ෂාවෙන් 13 හැවිරිදි දැරියක පුහුණු වීම් ආරම්භ කැර ඇත. අඟහරුවෙත යාම තම එකම සිහිනය කැරගත් ඇලීස්සා කාර්සන් නමැති මේ දැරිය ඒ වෙනුවෙන් මහත් වෙහෙසුණාය.
ඇමෙරිකාවේ නාසා ආයතනය දැන් ඇගේ ඒ සිහිනය සැබෑ කරගැනීම සඳහා අත දීමට තීරණය කර ඇත. විද්‍යා විෂයයන් සමග භාෂා කිහිපයක් අධ්‍යයය කරමින් සිටින ඇලීස්සා නාසා ආයතනය විසින් පැවැත්වූ ලෝක අභ්‍යාවකාශ කඳවුරු තුනට ම සහභාගී වූ පළමු තැනැත්තා වී සිටින්නීය.
ඇමෙරිකාවේ ලොයිසියානාහි බැටන් රෝග් හි පදිංචිකාරියක වූ ඇය පවසන්නේ තමන් කිසිදු දෙයකින් අසමර්ථ වීමට කැමැත්තක් නොදක්වන බවයි. ඇගේ පියා පවසන්නේ ද මේ සඳහා තම දියණිය ඉතා ධෛර්යයෙන් හා නිර්භයව සූදානම් කරන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමරේ(ගාල්ල) ..... අපේ කට්ටියත් ඉන්නවා නාසාවල (නදී)
අනේ ජයා, යවමු යවමු! කඩේ යන මල්ලත් එක්කම යවමු ! (නි)
බන්දුල කොහොමත් ඉන්නේ මොලය උඩ ඉඳගෙන නිසා මෙවැනි ගමනකට අතිශයින් සුදුසුයි. (නදී)
මොලයේ රික්තයක් තිබෙන නිසා කොහොමටත් කඩේ යන භවතාව පටවල යවන්න පුළුවන් වේවි. (නදී)
ඇමරිකාවට හැමෝම වගේ බනිනවා. ඇමරිකාවෙන් තමයි ලෝකෙට වැඩක් කරන්නේ. ලංකාවේ අයත් බැන බැන යන්නේ ඇමරිකාවට. මුස්ලිම් අයත් යන්නෙම ඇමරිකාවට. ගිහින් එහෙ තියන සියලුම පහසුකම් ලබා ගන්නවා ඒවා අරගෙනත් එහෙටම බනිනවා. (නදී)
ලංකාෙව් මිනිස්සුන්ටදේශපාලනය ඇරෙන්න වෙන දෙයක් ඇත්තේම නැහැ. කතාකරන්න දෙයක් ඇත්තෙම නැහැ. (නදී)
සුබ පැතුම් (නදී)
සුජාන් පුතේ මේ විශ්වය පිළිබදව විතරක් නෙමෙි සකල ලෝක ධාතුවම ගැන තාර්කික වුවත් පිළිගතහැකි විග්‍රයක් බුදුන් වහන්සේ දේශණාකරල තියෙනවා. පුතා නොපිළිගත්තට නාසා ආයතනයත් මෙි ඔස්සේ පර්යේෂණ කරනවා. මම නෙමෙි කියන්නෙ නාසා අයතනේ වැඩ කරන අපේ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්. (නදී)
අපේ අය දන්නේ බයිලා කියලා කමෙන්ට් දාන්න විතරයි. (නදී)
මේ දරුවා ලංකාවේ හිටියා නම් පිස්සු කියල අනික් අය කියනවා (නදී)
ඔබට සුභ පැතුම් (නදී)
මේවාට ගොඩාක් සමත් රුසියානු කාන්තාවන් (නදී)
අර පුත්තලමේ ගුරුවරිය දණ ගස්සපු මන්ත්‍රීගේ දුවත් මේතනව යවමු. එතකොට ඒ කොට ගවුමත් ගිනස් වාර්ථාවට යයිනේ (නදී)
පුළුවන් නම් බන්දුල උන්නැහෙවත් පටවලා අරිමු. මොන ග්‍රහලෝකයෙන් භාරගනීද කියලා තමයි ප්‍රශ්නේ. අපිම කරගැහුවොත් මිසක්! (නි)
බොහොම හොඳයි ඔබට ජය (නදී)
නාසා ආයතනයෙන් 2025 වෙනතුරු මේ දරුවට පුහුණු කරනවා. ඒ වෙනකොට මේ දරුවා හොද තරුණ වියේ . අපි වගේ අයව වයසින් වැඩි වීමත් ශාරීරික දුබලයනුත් ඒ 2025 වෙන විට බලපාන්න ඉඩ තියෙනවා. ඒ නිසා නාසා ආයතනය, රතුග්රහයගේ අයදුම් කරුවන්ට ගොඩාක් ලාබාල වයසේ අයටයි ඉහල ඉල්ලුමක් දී ඇත්තේ නව ජනා වාසයක් සදහා (නදී)
සුභ පැතුම්! (නි)
මර්වින් සිල්වා යවන්න පුලුවන්ද දන්නේ නැහැ (නදී)
රොෂාන් ප්‍රනාන්දු - ඇමෙරිකාව තම ලෝකෙට වැඩ කරන්නේ කියන කතාවේ තේරුම මොකක්ද ? ඔය කියන්නේ ඇමෙරිකාව නැත්නම් මේ ලෝකය නැහැ කියලද? ඔයා දන්නවද යම් පුද්ගලයෙකුට අසීමිත බලයක් / ජනප්‍රියත්වයක් ලැබුණු විගස බොහෝවිට ඔහු අත්මාර්තකමී වෙනවා. ඒ ජනප්‍රියත්වය හා බලතන්හාව රැක ගන්න ඕනෙම දෙයක් කරන්න සූදානම් වෙනවා. අමෙරිකාවත් එහෙම තමා ඔවුන් දැන් ලෝකයේ සිටින සුපිරිබලවතුන් 5 දෙනා අතරින් හැමදාම ඉහලින් ඉන්න තමා උත්සාහ කරන්නේ, ඔවුන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය අවි ආයුධ හා පරිඝනක, තිරිඟු පිටි හා රථ වාහන හා පරිඝණක වැනි දේවල්, අපේ රටට ජපානෙන් හා ඉන්දියාවෙන් වාහන ගෙන්වනවා, අනුන්වමරන්න අපිට ආයුධත් අවශ්‍ය නැහැ අමෙරිකාවෙන් විතරක් අපි යැපෙන්නේ නැහැ. ඔවුන් හොඳ දේවල් කරනවාට වඩා ලෝකයට කරන්නේ වැඩිම අයහපත් දේවල් තමා. (අ)
මෙයින්ම පේනවා. මේ රටවල දරුවන් කුඩා කාලයේ සිටම යම් අරමුණක් කරා ස්වාධීනව සිතාගෙන මහන්සි වෙන හැටි. අපේ රටේ ගැහැණු ළමයින්ට වයස 25 /26 දීත් අම්මලා "බෙඩ් ටී" එක අතටම ගෙනත් දීල බැන්දට පස්සේ ළමයිනුත් බලල දෙනවා. ඉතින් සමහරු හැම දෙයක්ම අතට ලැබෙන කන් බලාගෙන ඉන්නවා. (නදී)
ඕකත් අර හඳට ගියා වගේ ස්ටුඩියෝ එක ඇතුලේ වැඩක්ද දන්නේ නැහැ. මතකද හඳේ ඇමරිකන් කොඩිය ළෙලදෙනවා (නදී)
අම්මෝ මර්වින් සිල්වා අරින්න එපා. එහේ ඉන්න අයත් ගස් බදීවි (නදී)
අපේ සමහර අයට නම් එහේ යන්න ඕන නෑ. දැනටමත් ඉන්නේ අඟහරුවලින් ගොඩබැහැපු විදිහට තමයි. දියණියනි, මිනිස් වර්ගයා වෙනුවෙන් කරන මෙහෙයට තුති. (අ)
සුභ පැතුම්! (අ)
ඇමරිකාව මේ වගේ පරීක්ෂණ කරනවා ,එයින් ලෝකෙට පණිවිඩයක් දෙනවා.තව රටවල් වලිනුත් මේවගේ පරීක්සන කරනවා තමයි නමුත් ඇමරිකාව ඉදිරියෙන් ඉන්නවා.(හේ)
තවත් සොයා ගැනීමක් ලගදීම.(හේ)
මේ ලෝකය තුල සිද්ධවෙන්නා වූ ඕනෑම දෙයක ඇති යථානුරූපීබව වෙනත් ලොවක නැත. මිනිසා බිහි වුයේ පෘථිවියට ඔබින ලෙස විනා පරලෝකවලට ඔබින ලෙස නොවේ. එහෙයින් මේ පෘථිවියෙන් එහා කිසිදු මනුෂ්‍යයෙකුට පැවතිය නොහැක. (නි)
අපේ අය කීපදෙනෙක්වත් ඔය එක්කම යවන්න බැරිවෙයිද? (නි)
ආඩම්බරයි. ඔයාට අඟහරු ලෝකෙට ගිහින් කරදරයක් නැතුව එන්න පුළුවන්. බැරිවෙලාවත් ලංකාවට ආවොත් තංගල්ල පැත්තේ නම් යන්න එපා (නි)
පුදුමාකාර ආත්ම ධෛර්යක් ඇති දරුවෙක් නාසා ආයතනයේ අපේ අයත් සේවය කරනව. පුලුවන් නම් මෙි ග්රහතරනයට කලික් මේ දරුවට බුදුදහමේ උගන්වන භාවනා ක්‍රමවලට යොමුවීමෙි ක්‍රමයකුත් සලසාදෙන්න. (අ)
මාත් ආසයි යන්න.ඒත් නැවත පෘථිවියට ඔවුන් අපිව ගෙන්වීමෙන් වැළකී සිටින නිසා යන්න ඉදිරිපත්වීමට අකමැතියි.මට මගේ දරුවන් දමා යන්න බැහැ. මා අවිවාහක කාන්තාවක් වුණා නම් එක සිතින් මාද ඉදිරිපත් වෙමි (නි)
සමරේ, මේ ග්රහතරණ වලට යනකොට මොන භාවනා ක්‍රමද මාමේ? (නි)
සමරේගේ කතාව නම් හරියට හරි (නි)
අපෙත් ඉන්නේ ඒ වගේ දක්ෂ දරුවෙක් අභ්‍යවකාශයට චන්ද්‍රිකාවක් යවපු... හැබැයි ඒක ගැන කතාවක්වත් නැහැ දැන්. (නි)
අනේ මේ රූපවතියෝ ඔයයි මමයි යන අගහරු. ගෙදර තියන වැඩක් පලක් කරගෙන නහින දෙහින කලේ බණක් බාවනාවක් කරගෙන ඉන්නේ නැතුව (නදී)
විරාජ් අැයි දන්නේ නැද්ද එ්ක අභ්‍යවකාශයේදී විනාශ වුනා කියලා. (නදී)
රෝහණ ඒක විනාශ උනා නම් කට්ටියම අඬනවනේ. මම දැනුවත්ව නම් එහෙම විනාශයක් උනේ නැහැ (නදී)
අපි හිටපු ජනාධිපතිනි කුමාරතුංග මැතිනිය යවමු පොදු අපේක්ෂක විදියට රතු ග්‍රහයාගේ ඡන්දෙ ඉල්ලන්න. (නදී)
වාර්ථාවලට මුල් තැන දුන්නට පුංචි ළමයෙකුගෙන් ලැබෙන ප්‍රථිපල සාර්තකද කියා හිතන්නවත් බැරි තරමට ඇමරිකාව මෝඩද ? (නදී)
ගැහැණු දරුවෙක් වෙලත්,තමන් තුළ ඇති උට්ඨාන වීර්යයටත් ,දැඩි අධිෂ්ටානයටත් සුභ පතමු! (නි)
මංජුද මෝඩ ඇමෙරිකාවද මෝඩ කියල කියන්න .(අ)
ඔබට සුබ පැතුම් අපෙන්! (නි)
රතු ග්‍රහයාට යෑම ඔන්ලි වන් වේ. මිනිස්සු ගියාට පසුව අම්ම තාත්තා ,නෑදෑයන් හොයලා පිස්සු හැදිලා නිකන්ම මැරී යාවි ( මිනිස්සු අාසාවන්ට යටත් වීම තමන් විසින් විනාශය සොයාගැනීම මිස වෙන මොකුත් නැහැ ( අල්ලාහ් දෙවියන් විසින් සුද්ද කුරානය මඟින් මේ පෘතුවිය හැර අන් කිසිම ග්රහකයක මිනිසාට වාසය කිරීමට නොහැකි බව අපි වන මානවයාට කියා දී ඇත .....(අ)
ඉල්ලන් කන්න හදනවා වගෙයි.(අ)
අපේ කට්ටියත් පහුගිය දවස්වල චන්ද්‍රිකාවක් යැව්වා නේද? (නදී)
සමහරු බොරුවක් උනත් ඇත්ත වගේ කියන්න දක්ෂයි. ඒ උනාට බොරුවක් බව ඕනෑම ගොනෙකුට තේරෙනවා. (තොප්පිය හරිනම් දා ගන්න. හැබැයි දා ගෙන මට බනින්න එපා.) (නදී)
ඔබට ජය! (නි)
අපේ බන්දුල පෙරේරාවත් කඩේ යන සීමාව පුළුල් කරගන්නත් එක්ක ඔය අභ්‍යාවකාශ යානාවක දාලා යවන්න තිබුනා. ඒත් ඉතින් වෙන කිසිම ග්‍රහ ලෝකයකින් භාරගනීවිද කියලා තමයි සැක. (නි)
විරාජ්, ඔයා පත්තර බලන කෙනෙක් නෙමෙයි වගේ. (නි)
පුලුවන්කමක් තිබුණා නම් මම අර 'බට්ටිවත්' අරිනවා (නි)
මොකද කියන්නේ කට්ටිය, අපේ කෙනෙක්වත් මේකටම නග්ගමුද ? (නි)
අපේ රටේ ඉන්න සමහර මිනිස්සු කරන සහ කළ වැඩ දකිද්දී මේවත් වැඩද කිවුවලු (නි)