බ්‍රිතාන්‍යයේ බකිංග්හැම් මාලිගයේ ආරක්ෂාවට යොදවා සිටියදී ‘‘නැටුම්‘‘ පෙන්වූ රාජකීය හමුදා භටයෙකු දින 21 කට අච්චු කිරීමට බළධාරීන් සැරසේ.
බකිංග්හැම් මාළිගය ඉදිරිපස රඳවා සිටින රාජකීය හමුදාවේ භටයින් පිළිමයන් සේ නිසොල්මන්ව සිටින්නන් ලෙස ප්රකටය.ඇතැම් විට මාළිගය නැරඹීමට එන සංචාරකයෝ ඔවුන්ව ඇවිස්සීමට නොයෙකුත් විකාර කරතත් ඒවායින් බිඳකුදු හෝ සැළෙන්නේ,සිනාවක් හෝ නංවන්නේ ඔවුන් නොවේ.
එසේ නමුත් මේ රාජකීය හමුදා භටයා නම් තම සගයින්ට වඩා හාත්පසින්ම වෙනස් බව පෙනේ.රැස්ව සිටින සංචාරයින්ගේ ප්‍රීති ඝෝෂා මැද ඔහු නටනු අන්තර්ජාලයට එක්කර ඇති වීඩියෝවක දැක්වේ.
බොහෝ දෙනා මේ සිදුවීම හාස්‍යයෙන්ම භාර ගත්තද හමුදාවේ බළධාරීන් නම් එසේ කිරීමට සූදානම් නැත.ඔවුන් දැන් කටයුතු කරමින් සිටින්නේ අදාළ හමුදා සෙබලා දින 21 ක කාලයකට දැඩි නීති රීති ඇති සිරගෙදරකට යැවීමටය.ඔහුගේ මාසික චේතනයද කපා හැරෙනු ඇත.
හමුදා භටයින් විනයානුකූල ලෙස හැසිරිය යුතුයැයි ආරක්ෂක අංශ පණතේ සදහන්ව ඇති බැවින් ඒ ප්‍රකාරව ඔහුට එරෙහිව පියවර ගන්නා බව බලධාරීන් කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා ලොකුවට මානව හිමිකම් කතාකලට කොටි ලංකවට කරපු අපරාද මේ රටේ කලානං එක ද්‍රවිඩ වැසියෙක් ලන්ඩනයෙන් සොයාගන්න බරිවෙවී (දී)
රජ පවුලේ උදවියත් පිස්සු කෙළි වාර අනන්තයි,අප්‍රමාණයි.සෙබලෙක් සංචාරකයින් සමග පොඩි විනෝදයක් ලබා ගැනීම මහලොකු වරදක්ද ? (අ)
ලංකාවේ හමුදා නිලදාරීන් සීරුවෙන් පාලකයා තමයි පිස්සු නටන්නේ (නදී)
පොඩ්ඩක් නැටුවම මොකද ? විනෝදෙන් ඉන්න හැමෝම කැමැතියි. මේ සෙබළා හමුදා නැටුම් අංශයට යොමු කරන්න ඕන සල්ලි නැති කමට මේ වගේ එක එකාගේ රූකඩ වෙන්න අපි හැමෝටම සිදුවෙලා තියෙනවා (නදී)
එංගලන්තේ මිනිස්සු රජ පවුල නඩත්තු කරන්නේ සංචාරක කර්මාන්තය සහ ඒ රටේ පුරා වස්තුවක් රැක ගන්න. අපේ රටේ රජ පවුල් ටික රකින්න අපි මෙච්චර වියදම් කරන්නේ ඇයි? පාලකයන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට වියදම් කරනවා හොදටම වැඩියි. එක ඇමතියෙක් කියන්නේ මාසෙකට මිලියන කීයක්ද? එක මන්ත්‍රී කෙනෙක් මාසෙකට ලක්ෂ කීයක්ද? ඇයි මේගොල්ලන්ට අපි වගේ සාමාන්‍ය වාහන වල යන්ඩ බැරි. සාමාන්‍ය විදියට ජීවත් වෙන්න බැරි. ඇයි සාමාන්‍ය මිනිස්සුන්ව මෙච්චර හුරගෙන කන්නේ? (ස)
අනේ පව් අහිංසකයා(අ)