තායිලන්ත රජු භූමිබෝල් ගේ ප්‍රියතම බැල්ල වන ඇයිලින් මොනාච් පසුගියදා මියගිය බව එරට රජය නිවේදනය කළේය. ඉන් දිනකට පසු එරට නීතිය අනුව රාජකීයයන්ට නිග්‍රහ කිරීමේ චෝදනා මත එම බැල්ලියට අන්තර්ජාලය හරහා අපහාසාත්මක අයුරින් චෝදනා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විදෙස් පුවත් සේවා පවසයි.
තොන්ග් ඩෙන්ග් නමින් හඳුන්වන රාජකීය බැල්ල සම්බන්ධයෙන් 2002 වසරේදී හෘදයාංගම කෘතියක්ද නිකුත් කැරිණි.
දෙසැම්බර් 26 වැනිදා පස්වරු 11.10 ට ක්ලායි කැන්ග්වොන් හිදී තොන්ග් ඩෙන්ග් සැහැල්ලුවෙන් නිදා සිටියදී සාමදානයේ සැතපුණු බව නිවේදනයක් නිකුත් කරමින් එරට රජය කියයි. එම බැල්ල තායිලන්තයේ ගෞරවනීය චරිතයක් කර ඇත. තොන්ග් ඩෙන්ග් බැල්ල සම්බන්ධයෙන් ලියවුණු ග්‍රන්ථය එරට වැඩිම අලෙවියක් සහිත කෘතිය වූ බවත් එය හැරී පෝටර් කෘතිය තායිලන්තයේදී අලෙවි වූ වාර්තා හා සමවන බවත් කියති. බැල්ල සම්බන්ධයෙන් සැකසුණු සජීවීකරණ සිනමා පටයක්ද මේ දිනවල තායි සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ.
බැල්ලට නිග්‍රහ කිරීමේ චෝදනාවට අත් අඩංගුවට ගැනුණු 27 හැවිරිදි තාන්කෝන් සිරිපායිබූන් නමැත්තා ෆේස්බුක් හරහා එසේ සිදුකර ඇති බව පැවසුවද ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු එරට රජය මෙතෙක් නිකුත් කර නැති බව විදෙස් ප්රවෘත්ති සේවා කියයි.
භූමිබෝල් රජු මේවන විට 88 වැනි වියේ පසුවෙයි. දීර්ඝ කාලයක් තායිලන්තයේ රජු ලෙස සිටිමින් වාර්තාවක්ද තබා ඇති ඔහු මේ වනවිට අසනීපයෙන් පසුවන බව එරට ආරංචි කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර උසාවියක් එන නිසා මොකුත් කියන්නේ නැහැ. (ර)
රෝයල් බැල්ලිය සාමදානයෙන් සැතපේවා ! (බ)
බැල්ලියට සාමෙන් සැතපේවා පතමු (ම)
බල්ලෙක් වුනත් රජ ගෙයි ඉපදීම වාසනාවක්. උපස්තම්ම්භක කාර්ම කිවේ බුදුදහමේ ඕවට තමයි. ජනක කර්මය හොද නැති වුනාට, ඊළගට ඉදිරියට එන්නේ මෙම කර්මයයි. දහසක් මිනිසුන් මළ පසු පොත් තියා ශෝක පණිවිඩයක් වත් නැතිවම භුමිදානය වෙනවා. (කෞ)
අම්මෝ අපිත් මොකුත් කියන්න හොඳ නැහැ. බයේ බැහැ මට නම් (නි)
එහෙ බල්ලාට අපහාස කරනවා. මෙහෙ සමහර මිනිසුන්ට බල්ලාට වගේ අපහාස කරනවා (නි)
අනේ ඇත්තට... එහේ බල්ලන්ට තිබෙන සැළකිළි දකිද්දී මිනිස්සු වශයෙන් අපිට අපි ගැන දුකයි (නි)
ඒ රටවල බල්ලන්ට තියෙන සැප? (නි)
නියමයි බලු සුරතලේ (බ)
ලෝකය දැන් යන්නේ කණපිටට බව අපිට දැන් පෙනෙනවා. මෙන්න තවත් එවැනි විහිළුවක්! (නි)
සුනඛයන්ට අපහාස කරන්න එපා. ඒ සත්තු මනුස්සයන්ට වඩා තමාගේ හාම්පුතාට හිතවත්. මිනිස්සු වගේ පස්සෙන් ගිහින් පිහියෙන් අනින්නේ නැහැ. කෙළෙහිගුණ හොඳටම දන්නා සත්තු තමා සුනඛයෝ. (නි)
තායිලන්තය කියන්නෙ බෞද්ධ රටක්. මේ රජතුමාට මිනිස්සු සළකන්නේ දෙවියෙකුට වගේ. මේ වගේ තැනක උපදින්න බැල්ලිත් ලොකු පිනක් කරලා ඇති. හුඟක් අයගෙ බුද්ධි මට්ටම පේනවා අදහස් වලින්. (නි)