රුපියල් 23000ක් වැනි සොච්චම් වැටුපකට සෞදි අරාබියේ කම්කරු රැකියාවක් සඳහා පැමිණ කබලෙන් ළිපට වැටී සිටින ලාංකක තරුණ කණ්ඩායමක් පසුගිය සිකුරාදා (2) අල්කොබාර් තානාපති ජංගම සේවා පරිශ්‍රයට පැමිණ සිටියේ තම දුක් ගැනවිල්ල තානාපති නිලධාරින් වෙත ඉදිරිපත් කිරීම සඳහායි.
එම කණ්ඩායම පවසන පරිදි මීට මාස පහකට පමණ පෙර කොළඹ 12 පිහිටි එක්තරා විදේශ රැකියා ආයතනයකට රුපියල් ලක්ෂයේ සිට එක ලක්ෂ පනස් දහසක පමණ මුදලක් දී සෞදි අරාබියේ රෝහල් පිරිසිදු කරන්නන් ලෙස රියාල් 700 +200 (ආහාර දීමනා)සහ ඇති තරම් අතිකාල දීමනා ද පවසා ගිවිසුම් ගතකොට මෙරටට පැමිණ ඇති මොවුන් හට රැකියාව වශයෙන් ලබාදී ඇත්තේ මාර්ග දෙපස පිහිටි අලංකාරයට සිටුවා ඇති ගස්වල කොළ අතු කපා ඉවත් කිරීම බව පවසන අතර වැටුප ලෙස පොරොන්දු වූ වැටුප වෙනුවට රියාල් 50 ද අඩු කර 650 ක් සහ ආහාර දීමනා 200 ක් ලෙස බවද පවසයි.රැකියා ආයතනය පැවසු පරිදි කිසිදු අතිකාල දීමනාවක් නොලැබෙන මොවුන්ට නිදා ගැනීම සදහා 8 දෙනෙකු සදහා කුඩා කාමරයක් ලබාදී ඇති අතර කාමර 3 ක් සදහා එක වැසිකිලියක් දී ඇත. මෙතෙක් රටේ රැදී සිටීමේ හැදුනුම්පත පවා ලබාදී නොමැති බවත් ඔවුන් පැවසුවේය.
පිරිස කදුළු සලමින් පවසනුයේ ලංකාවේ රැකියා ආයතනය තමන් මුලා කොට විශාල මුදලක් අයකර විදෙස් ගත කළද රුපියල් 23,000 ක් වැනි මුදලකින් අපේ දරු පවුල් නඩත්තු කිරීම කෙසේ වෙතත් මේ රට ජිවත් වීමටවත් මෙම මුදල නොසෑහෙන බවයි. ජංගම සේවයට පැමිණියේ කුමන කරුණක් සදහා ද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ඔවුන් පැවසුවේ අදාළ ආයතනය සමඟ කතා කොට නියමිත රැකියාව සහ නියමිත වැටුප ලබාගැනීම උදෙසා තානාපති නිලධාරීන්ගේ අවධානය යොමු කිරීම පිණිස බවයි. ඒ අනුව තානාපති නිලධාරින් අප වෙත පැවසුවේ අදාළ ගිවිසුම් ප්‍රකාරව තානාපති කාර්යාලයට කිසිවක් කිරීමට නොහැකි බවයි.
මෙම ප්‍රශ්නයට මුහුණදී අසරණව ඇති මෙම තරුණයින් පවසනුයේ මෙම ගැටලුවට විසදුමක් සොයා පැමිණිය ද සිදුවී ඇත්තේ කබලෙන් ළිපට වැටීමක් පමණක් බවත් ණය බරින් මිරිකී ඇති බැවින් ලංකාවට යාමෙන් තවත් අසරණ වන බවත් මේ පිළිබඳව තලතා අතුකෝරල අමාත්‍යතුමියගේ අවධානය යොමුකර අප හට සහනයක් ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටියි.
මෙම පිරිස පැමිණ සිටිනුයේ “සාමාන්‍ය කම්කරු” රැකියාවකට නිසා මේ රටේ පවතින නිතිය අනුව ඕනෑම කම්කරු රැකියාවක් කිරීමට ඔවුන්ට සිදුවනු ඇති බවයි. අනුරාධපුර, ගම්පොල , බදුල්ල, මඩකලපුව සහ කොළඹින් එහි ගිය මේ පිරිස අතර සිංහල හා දෙමළ තරුණයෝ වෙති.

![DSC05119[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/DSC051191.jpg)
![DSC05120[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/DSC051201.jpg)
![DSC05122[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/DSC051221.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෝර්දාන්. සයිප්‍රස් යන හැමෝම හරි දුක් විදිනවා. අප යන නෑ. (අ)
සෞදි එම්බසිවල නිලධාරීන් ලංකාවේ මිනිස්සු වෙනුවෙන් නිසියාකාරව පෙනීහිටින්නේ නැහැ. මොකද මමත් ඉස්සර අමාරුවේ වැටුණ ලාංකිකයන් කීපදෙනෙක් එක්කගෙන ගියා. සැළකීම නම් අන්තිමයි (නි)
සමාවෙන්න මම මේක කිව්වට මම ඉන්න රටෙත් එහෙම තුට්ටු දෙකේ පඩියට ඒජන්සි වලින් බොරු කියල එවපු අය ඉන්නවා පවූ ඒ මිනිස්සුත් ඒ ගැනත් චුට්ටක් සොයල බැලුවොත් ලොකු දෙයක් (අ)
මොනවට ඔය රටට යනවද මන්ද එහෙ කිසිම ප්රජාතන්ත්ර වාදයක් නැහැ හරි හමන් පඩියක් දෙන්නේ නැහැ හැමදාම මැද පෙරදිග රටවලට යන අය දුක් විදිනවා ඒවා පත්තරවල දානවා ඒවා කියවල අයෙත් මැදපෙරදිග රටවලටම යනවා කවද හැදෙයිද අපේ මිනිස්සු (බ)
උපන් රට මිහිපිට සුර පුරවේ (බ)
මරදානේ ඉන්න ඒජන්සි කාක්කෝ රට අතේ මවල පෙන්නන්නේ ඉතින් අපේ ගැණු මිනිස්සු අහුවෙනවා තමන්ගේ වෙලාව හොදනම් හොද තැනක් ලැබුනොත් ගොඩ නැත්තන් දුක තමා (අ)
මෙන්න නව ඇමතිනිය අවධානය යොමු කලයුතු තැනක්. මේ රියාල් 650 සොච්චම් පඩියෙනුත් ටිකක් එකතුවෙනවා අර මහා ලොකුවට වේදිකා ගානේ කියන විදේශ විනිමය අදායමට. කරුණාකර මේ මිනිසුන්ට පිහිටවෙන්න. (අ)
මේ හොර ඒජන්සි වලට නඩු පවරලා අහිංසක මිනිසුන්ගේ සල්ලි ආපසු ලබා දෙන්න (බ)
වේදිකාවේ වීරයන්ට වැඩ පෙන්නන්න පුළුවන් වෙලාවක්,එ්ත් ඡන්දෙට කියන කතා ,කාපු බීපු වෙලාවට කියපු කතාවක් වගේ ලංකාවේ දේශපාලුවන්ට (බ)
කටාර් එම්බසි එක ගැනත් කියන්න තියෙන්න ඕකම තමා , අපි මොනවා හරි ඇහුවොත් කියන්නේ අපි නම් දන්නේ නැහැනේ එහෙම දෙයක් , ඕගොල්ලන්ට අාරංචිද ? එහෙනම් හොයල බලන්නම් , ඕක තමා සරලම පිළිතුර. (බ)
ගොඩක් වෙලාවට ඒජන්සි වලින් ගන්නේ අන්තිම ජරා ජොබ්ස් වලට. මේ රටවලින් මිනිස්සු හොයා ගන්න බැරීම ඒවාට. (බ)
පවු අහිංසක මිනිස්සු! (නි)
මමත් සෞදියේ. ඔවුන්ට උදවු කරන්න ක්‍රමයක් කියන්න (නි)
23000 ට මොකටද අනේ රට යන්නේ? (නි)
සොච්චම් පඩියට මොකටද පිටරට යන්නේ? (නි)