අතුරුදන් වූ මැලේසියා ගුවන් යානය පැහැරගන්නට ඇතැයි ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවය ඇතුළු පරීක්ෂකයෝ පවසති. මැලේසියාවේ බලධාරීන් ද දැන් ඒ මතයේ සිටිති.
මගීන් හා කාර්ය මණ්ලලයේ 239 දෙනෙක් සමග පසුගිය 08 දා අලුයම අතුරුදන් වූ එම්.එච්.370 නමැති යානය පැහැරගන්නට ඇතතේ එහි ප්‍රධාන නියමුවා වූ කපිතාන් සහාරි අහමඩ් ෂා විසින් විය හැකියැයි මැලේසියා බලධාරින්ගේ වී ඇත.
මාර්තු 07 දා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් වසර පහකට සිරදඩුවම් නියම වූ මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහිම්ගේ ප්‍රබල ආධාරකරුවකු වන කපිතාන් ෂා දේශපාලන පලිගැනීමක් ලෙස මේ යානය පැහැරගන්නට ඇතැයි දැන් සැකයක් මතුව තිබේ.
මැලේසියාවේ පුත්රජයා නගරයේ අධිකරණයක පසුගිය මාර්තු 07 දා විපක්ෂ නායකට එරෙහි නඩුව විභාග වෙමින් තිබියදී කපිතාන් ෂා එහි ගිය බවට තොරතුරු අනාවරණය වී ඇත. විපක්ෂනායක වරයාගේ සමීපතමයකු මෙන් ම පිස්සුවකින් මෙන් ඔහු අදහමින් සිටි කපිතාන් ෂා විපක්ෂනායක වරයාට සිරදඩුවම් නියම වීමෙන් පසු කෙලින්ම ක්වාලාලම්පූර් ගුවන්තොටු පොළට පැමිණ ඇත. ඔහු එන්නට ඇත්තේ සිය නායකයාට සිර දඩුවම් නියමවීම ගැන කෝපයෙන් හා දැඩි කනස්සල්ලකින් විය යුතුයැයි පරීක්ෂකයෝ පවසති.
1981 සිට මැලේසියා ගුවන් සමාගමේ නියමුවකු ලෙස සේවය කරන කපිතාන් ෂා බොයිං 777 වර්ගයේ එම්.එච්.370 යානයෙන් මාර්තු 08 අලුයම 12.41 ට ගුවන් ගත වන්නේ කිලෝ මීටර 2,700ක දුරක් ගෙවා චීනයේ බීජිං නගරයට යාමේ අපේක්ෂාවෙනි.
නමුත් අලුයම 1.33 ට යානයේ නියමුවා කීවේ ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන්න පමණි. යානයට ඉන්පසු සිදුවූ දෙයක් තවමත් කිසිවෙකුත් දන්නේ නැත. රේඩාර් තිරයෙන් යානය අතුරුදන් වීමට පෙර අඩි 35,000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබිණි. මැලේසියා ගුවන් සේවය පවසන්නේ නියමුවා මේ යානය හදිසියේම අඩි 45,000ක් දක්වා ඉහළට ගෙන ඇති බවයි. ඉන් අනතුරුව යළි වේගයෙන් අඩි 23,000ක් දක්වා යානය පහළට ගෙන ඇති බවත් එසේ පහළට ගනිමින් යානය බටහිර දෙසට හරවා ඇත.
වෛද්‍යවරු පවසන්නේ අඩි 35,000 සිට හිටිහැටියේ අඩි 45,000 දක්වා යානය ඉහළට ගැනීමේ දී ඇතිවන පීඩන වෙනස හේතුවෙන් මගීන් සිහිසුන් වන බවයි. එවැනි විටෙක ඔක්සිජන් සැපයුම් පැළ
ද ගන්නා ලෙස නියමුවන් හා කාර්ය මණ්ඩලය විසින් මගීන්ට දැනුම් දෙයි. මෙය ඇතැම් විට මගීන් සිහිසුන් කිරීමට නියමුවා විසින් හිතාමතා කරන ලද්දක් විය හැකියැයි ද පර්යේෂකයන්ගේ මතය වී තිබේ.
යානය අතුරුදන් වන අවස්ථාවේ තවත් පැය හතක පියාසර කාලයකට ප්‍රමාණවත් ඉන්ධන එහි ඉතිරිව තිබිණි. ඒ මොහොතේ යානයේ පිහිටීම සම්බන්ධ සංඥා නිකුත් කරන 'ට්‍රාන්ස්පොන්ඩරය' අක්‍රිය කැර තිබිණි. බලධාරීන් පවසන්නේ නියමුවා ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන වදන් පවසා ඇත්තේ සන්නිවේදන පද්ධති සියල්ල ක්‍රියාවිරහිත කිරීමෙන් පසුව බවයි. බොයිං සමාගම පවසන්නේ මේ යානයේ ඇති සියළු සන්නිවේදන යන්ත්‍ර පළපුරුදු අයකු විසින් ක්‍රියාවිරහිත කර ඇති බවයි. යානයේ නියමුවන් දෙදෙනා හැර එවැනි දස්කමක් කළ හැකි වෙනත් කිසිවකු යානයේ නොසිටි බව මැලේසියා ගුවන් සමාගමත් රජයත් පුන පුනා පවසන්නේ යානයේ ගමන්ගත් සියළු දෙනාගේ තොරතුරු සොයා ගැනීමෙන් පසුවය.
කිසියම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් යානය පැහැර ගන්නේ නම් ඒ පිළිබ
ද අනතුරු හැගවීමේ සංඥා නිකුත් කිරීමට නියමුවන්ට හැකියාව ඇත. මේ අවස්ථාවේ එවැනි සංඥාවක් ද නිකුත් කර නැත.
කෙසේ වෙතත් පර්යේෂකයන් පවසන්නේ යානය පකිස්ථානය හා ඉන්දියාව දෙසට යොමු වී ඇති බවයි. මේ හේතුවෙන් පකිස්ථානය, ඉන්දියාව දෙසට ඇති ඉන්දියන් සාගරයේ හා බෙංගාල බොක්ක ආශ්රිත ප්‍රදේශයේ සෙවුම් කටයුතු ආරම්භකර ඇත.
බලධාරීන් පවසන්නේ යානය හැරී ගමන්ගත් දිශාවේ මේ යානය ගොඩබැස්සවිය හැකි ස්ථාන 634ක් දැනටමත් හදුනාගෙන ඇති බවයි. ඊට අමතරව ඉන්දියන් සාගරයේ ජනාවාස නොමැති දූපත් ගැන ද අවධානය යොමු කළ යුතු බව ඔවුහු කියති.
බලධාරීන් පවසන්නේ යානයේ සන්නිවේදන පද්ධතිය හිතාමතා ක්‍රියාවිරහිත කළේ නම් යානයේ කළු පෙට්ටිය ද ක්‍රියාවිරහිත කරන්නට ඇති බවයි.
මැලේසියාවේ විපක්ෂ නායකවරයාට සිරදඩුවම් නියමවීමේ සිද්ධිය හා යානය පැහැර ගැනීම අතර සම්බන්ධයක් ඇත්නම් එය මැලේසියාවේ දේශපාලනය උණුසුම් කිරීමට හේතුවනු ඇතැයි බලධාරීන් පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලොක්කන්ගේ උගුලක් පව් මේ යානයේ හිටපු අහිංසක ජනතාව අනිවාර්යයෙන් මේ ගුවන්යානය කොහේ හෝ සගවගෙන පල් හොරු (දී)
සහයක නියමුවත් ක්‍රියාවිරහිත කරන්න ඇති (අ)
ලෝකය පුදුමයි. හැම රටකම දේශපාලන බලවේග. මගීන් හරි අමාරුවක වැටිලා තියෙන්නේ.(නදී)
අපේ අමතිතුමානම් කියනවා "ඕල් රයිට් ගුඩ් නයිට්" කිව්වේ කියපු කෙනාගේ ස්වාදීන මතය මිසක් ගුවන් නියමුවන්ගේ ප්‍රකාශයක් නෙමෙයි කියලා.(නදී)
මම සිටින්නේ මලයාසියාවේ, දැන් ඉන්න ආණ්ඩුව කරන්නෙම හොර වැඩ. වෙච්ච්ච වැරෙද්දට දැන් බොරුවට විපක්ෂයට බනින්න පටන් අරන්. 1. අඩි 45,000 උඩට ගත්තාම , මිනිස්සු සිහිසුන් වෙනවනම්, එතකොට ගුවන් නියමුවා මිනිහෙක් නොවයිද ? ගුවන් නියමුවාත් සිහසුන්. 2. මිලිටරි රේඩාර් වලට අහු වෙලා තියෙනවා ගුවන් යානය මලකක්කා මාර්ගය ඔස්සේ ගමන් කරනවා. ඒත් ඒක කිව්වේ දවස් ගානක් පරක්කු වෙලා. එක ඒ වෙලාවේ හරියට තේරුම් ගියේ නෑලු. 3. අනෙක ගුවන් නියමුවා හිතාමතා මොනවා හරි කලානම් , එතකොට අනෙක් සහයක ගුවන් නියමුවාට මොකෝ උනේ. එයත් විපක්ෂයේ ආධාර කරුවෙක් ද? මේවා ඔක්කොම බොරුවට මලයාසියානු ආණ්ඩුවෙන් ගොතන දේවල්. මෙතන මොකක් හරි අපි නොදන්නා දෙයක් තියෙනවා. මේ ආණ්ඩුවට කිසිම දෙයක් හරියට කරගන්න බෑ. මහ කම්මලිම ජාතියක්. චීන මිනිස්සු නැත්නම් මේ රට කැලේ. (නධී)
හැම දේ ටම ඔලුව දාන ඇමෙරිකන් අයියල කෝ? (නදී)
මම හිතන්නේ මේක අපිට දීපු හොද පණිවිඩයක්.කොච්චර තාක්ෂණය දියුණු වුනත් ඕනෑම දෙයක් ඕනෑම මොහොතක සිදුවිය හැකි බවට..ඒක වලක්වන්න තාක්ෂණයට බැහැ..මේකෙන් පාඩමක් ඉගෙන ගෙන දැන්වත් මේ රටේ සම්පත් විශේෂයෙන් ක්‍රීඩකයින් කණ්ඩායම් පිටින් එක ගුවන්යානයට නගන්නේ නැතුව කොටස් වශයෙන් ගමන් කරන්න පහසුකම් සැපීමට බලධාරීන් සැලකිලිමත් විය යුතුයි.(දිල්)
බන්දුල පෙරේරාගේ කතාවට මම එකග වෙනවා. අපේ වටිනා පුද්ගලහින් ගැන අවදානයෙන්.(නදී)
තාම හරියටම හේතුවක් දන්නේ නැහැනේ (දී)
මමත් ඉන්නේ මලයාසිය වල මේ මිනිස්සු හරිම කම්මිලියෝ ...චීන්නු නැත්තං 8 වෙනිදාම මේ ප්‍රස්නේ අමතක කරනවා(දී)
ගුවන් නියමුවා : මට මුකුත් මතක නැහැ.(නදී)
නැති උනේ සෙල්ලම් බඩුවක් නෙමෙයි. ඇයි හොයාගන්න බැරි.(නදී)
සියළු දෙනාට බුදුසරණයි.(නදී)
මට නම් සැකයක් තියෙනවා. මේක හඳේ හංගලා කියලා. කාටවත් ඒ ගැන සැක පහල වෙලා නෑ. කට්ටියක් යවමු හඳට.(නදී)
හොඳ ලිපියක්. හොඳට කරුණු ගොනු කරලා තියෙනවා.(නදී)
ලංකාවේ ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍ර නිපුන මත්වරුන්ට නිකරුනේ අවලාද නගන්න එපා. යානයේ සිටි අයගේ හඳහන් හෝ යානයේ හඳහනක් නැතිව එසේ කරන්න බැහැනේ. සමරේ ට නම් පිල්ලියක් එවන්න හොඳටම ලෙහෙසි නිසා ඔබ ආරක්ෂා නූලක් වත් දා ගන්න. කෙම්මුර දවස් වල වැඩට යනකොට කෝකටත් කුස්සියේ දොරින් යන්න. නූලක් පන්නවගන පිල්ලි එවීමේ හැකියාව උතුරු මැද පළාතේ තවමත් පවතිනවා.(නදී)
කාගේ වැඩක් උනත් අහිංසක මිනිසුන් දෙසිය ගණනක ගේ ජීවිත රැක දෙන්න (දී)
උපාලි විජේවර්ධනත් අතුරුදහන් වුනේ මේ ප්‍රදේශයේ නේද? (නදී)
නියමුවා නැතිව අපිද ඕක එලවාගෙන ගියේ (දී)
මම ප්‍රාර්ථනා කරන්නේ කොහේ හරි මේ හැම දෙනා ජිවතුන් අතර ඉදන් හෙට අනිද්දාම නිරුප්රතව එන්න ලැබේවා කියායි.(නදී)
ඉක්මනින්ම සියලු කරදරවලින් මිදී සියලු දෙනාට තමුන්ගේ ගෙවල් වලට එන්න වරම් ලැබේවා (දිල්)
මෙච්චර දියුණු ලෝකේ ඇයි තාම මේක හොයාගන්න බැරි. මේ තාක්ෂණ දියුණුව බොරුවක්ද ?(දිල්)
කළු පෙට්ටියත් ක්‍රියාවිරහිත කරන්න පුලුවන්නම් එකෙන් ඇති වැඩක් නැහැනේ (අ)
මම අහලා තියෙන විදියට නම් කළු පෙට්ටිය කාටවත්ම අක්‍රීය කරන්න බැහැ වගේ දෙයක්.(නදී)
ඔන්න ආසියාවේ දේශපාලනේ තරම. හැබැයි අර අපේ පුරාජේරු කාරයෙක්ගෙන් ආසියාවේ සංස්කෘතික වටිනාකම් ගැන අහල බලන්න මොනතරන් උතුම්ද කියල....(අ)
අනාගතයේදී හොඳ චිත්‍රපටයක් හදයි වාගේ. (අ)
දැන් නම් ගුවන් ගමනක ට කලින් අන්තිම කැමැත්ත ලියල යන්න වෙනවා. (අ)
දෙවියන්ගේ නාමෙන් නැවත එන්න ලැබේවා සියලු දෙනාට (දී)
හොඳ වාර්තාවක් .මේ වගේ විස්තරත් එක්ක කියවන්න ලැබෙනවා අඩුයි.(දිල්)
හොද ලිපියක් (දිල්)
අනේ ඒ අයට ඉකමනින් ආපසු එන්න ලබේවා. (දී)
නියමුවා ඕක කරන්න ඇත්තේ කගේ හරි අනුදැනුම කියලයි මට හිතෙන්නේ. පිටින් දල දැන් යුද්ධ නැව් කීයක් නම් ඔයපැත්තට රින්ගගත්තද. ඉදිරියේදී ක්‍රිමියාවේ යුද්ධයක් අවොත් එකේදී ඉන්දියාවයි චීනයයි ආධාර කරන්න ඉඩ තියෙනවා. මේ ගුවන්යානය පිටින් දාලා ඒ රටවල්වල යුධ මර්මස්ථාන වලට ප්‍රහාර එල්ල කළහැකි දුරකින් දැන් යුධ නැව් ස්ථානගත කරලා. (දී)
මේවා අපේ රටවල් වලටත් වක්‍රව හෝ ඍජුව බලපාන්න ඉඩ තියෙනවා.(අ)
මගීන් සියලු දෙනා හොදින් ඉන්නවා කියල හිතනවා.(නධී)
කලු පෙට්ටිය හම්බ වෙන්න එපැයි දත්ත ගන්න. ඒක මොබයිල් ඩිවයිස් එකක් නෙවෙයි. අපේ අර හොර ජෝතිෂ කාරයන්ගේ ඇහුවනම් කියයි.(නදී)
අසරණ මගීන්ට ඉක්මනටම ගෙදර එන්න ලැබේවා.(නදී)
මේක ෂුවර් එකටම ඇමරිකන් සැලසුමක්. ඔත්තු බලන්න හා යුද නැවි මේ කලාපයේ ස්ථානගත කරන්න කරපු වැඩක්. ලංකාවටත් මේක බලපානවා. තිරිකුණාමලේත් ඉල්ලයිද දන්නෙ නැහැ පරීක්ෂණ වලට.(නදී)