උතුරු ඉන්දියාවේ රාජස්තාන් ප්‍රාන්තයේ "සර්දුල් කේඩා" ගමට අහාර හෝ ජලය සොයා පැමිණි දිවියෙකු ලොකු අකරතැබ්බයක මුහුණ පෑවේය.
නිවසක් අසල තිබු ඇලුමිනියම් මුට්ටියක දිවියාගේ හිස හිරවීය.
මුට්ටියේ පිසින ලද මස් ව්‍යංජනයක් තිබෙන්නට ඇතැයි දිවියා දුටු අසල්වැසි ගැමියෝ අනුමාන කළහ.
මුට්ටියේ හිරවූ හිස එලියට ගැනීමට නොහැකිව අසරණ බවට පත්වූ දිවියා යන එන මං නොදැන ඉබාගාතේ ඇවිද යනු ගමේ මිනිසුන් වටවී බලා සිටිනු කිහිප දෙනෙක්ම ඡායාරූප ගත්හ.
දිවියා නිර්වින්දනය කර මුට්ටිය ඉවත්කිරීම සඳහා පොලිසිය සහ වන සත්ත්ව කාර්යාංශ නිලධාරින් පැමිණ ඇත්තේ පැය පහකට පමණ පසුවය.
දිවියා අසල වනයේ සැරිසරන දිවි රංචුවකට අයත් අවුරුදු තුනක් පමණ වයස පිරිමි සතෙකු බව වනසත්ව නිලධරයෝ කියති.
පශු වෛද්‍ය වරයෙකු විසින් පරික්ෂා කිරීමෙන් අනතුරුව කිලෝමීටර් 14 ක් පමණ අතින් පිහිටි මහා වනයට එම සතා මුදා හරින ලද බවද එම වාර්තාවෙහි සඳහන්ව තිබුණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවන් ගජධීර එතකොට ඇයි ඔයා හොඳ උඩරට කියන්නේ ? පහත රට නරකද නැතිනම් උඩරට අනික් සිංහල බෞද්ධ අය නරකද ? ඔයා ජාතිවාදය ගැන බණ කියන කොට ඔයාගේ ඔලුව පළාත් වාදයට ඇදිලානේ. (ස)
මොනවා වුණත් වාසනාවන්ත දිවියෙක් (නි)
දිවියාගේ දිවි බේරීම මහත් සේ අගය කරන්නෙමු. ලංකාවේදී සිදුවුණා නම් අනිවාර්යයෙන් දිවියා එක්කෝ පුළුන් පුරවා විසිත්ත කාමරයක. නැත්නම් සපත්තු කුට්ටමක් බවට පත්වෙලා (නි)
ලංකාවේ මේ කියන තරම් වනචාරි මිනිස්සු නැහැ. එකෙක් දෙන්නෙක් එහෙම වැඩක් කළාට ඕනෑතරම් මිනිස්සු ඉන්නවා සතුන්ට ආදරය කරුණාව දක්වන (නි)
අපිත් මේ වගේ හොඳ වැඩ ඉගෙනගෙන රටේ මිනිසුන්ට සතුන්ට ගහකොළ වලට ආදරේ කළොත් නැවතත් ලෝකය බබළවන රටක් වේව් (නි)
ලංකාවේ දඩයක්කාරයෝ තමයි සතුන් මරන්නේ බොහොමයක් සිංහල බෞද්ධයන් සතුන්ට ආදරය කරනවා (බ)
ලංකාවේ නම් මහදැනමුත්තගේ පරම්පරාවේ අය යහතින් තවම ඉන්නවා. (නි)
සාලිය දාන හැම අදහසකටම 'සිංහල-බෞද්ධ' කම ගාවගන්න එපා. ඒකෙන් ඉබේටම ජාතිවාදය පැත්තට ඔලුව ඇදෙනවා නොදැනීම. මමත් උඩරට හොඳ සිංහල බෞද්ධ අයෙක්.අපේ රටේ ජාතිවාදය නවත්තන්න පටන්ගන්න ඕනෑ එක තැනක් තමයි මේ (නි)
සාලිය, ඇත්තද? මීට් බෝල්ස් නැත්නම් උගුරෙන් පහළට බත් යන්නේ නැත්තේ කාගේද මන්දා? (නි)
කපිල, ලංකාවේ අභය භුමි වල ඉන්න දිවියන්ගේ ඉරණම නොපෙනේද? (ස)
පවු අහිංසක සත්තු! (නි)
මම නම් බෞද්ධ ධර්මය අනුව වැඩ කරන කෙනෙක් සත්ව ජාතියේ, මනුස්ස කුලයේ, සිංහල භාෂාව කතා කරන්නේ. (අ)
සතාව නිරුපද්‍රිතව බේරාගත් එක ලොකු දෙයක්. ඌව සත්තු වත්තක සිරනොකොට කැළයටම මුදාහැරීම ඊටත් වඩා උතුම්. (නි)
හුඟ දවසකින් දිවියෙකුගේ කතාවක් අහන්න ලැබුනේ, පහු ගිය කාලේ නම් අපේ රටේ දිවි නැගුම තිබුණා හැබැටම මොකද වුණේ දිවි නැගුමට? (ම)
ලංකාවේ දිවියන් කීයක් විතර ඉන්නවද? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න (නි)
පසුගිය ආත්මයේ මුට්ටිය අල්ලා පුරුදු කෙනෙක්ද මන්දා? මේ ආත්මයේ දඬුවම් ලබන හැටි... (නි)
නුවන්,ඔබ එසේ සිතුවාට අනෙක් අය ජාතිවාදය අතහැරියද?නැහැ නේද? ඔබ වැනි අයුරින් එදා මුතුන් මිත්තන් සිතුවා නම් ඔබත් මමත් ජීවත්වන්නේ තවත් අරාබියක හෝ තමිල්නාඩුවක බව මතක තියාගන්න. (නි)
මුට්ටිය බින්දේ නැතුවට පින් (බ)
නුවර රාලගේ අදහස නියමයි (නි)
ලස්සන දිවියෙක්. (ර)
සාමා,ලංකාවේ වුණා නම් දිවියා බේරාගැනීමට පැය 5ක් යන්නේ නැහැ (නි)
ඔව් කපිල. (ර)
මීට වඩා දිවියන් ආරක්ෂා කර ගත යුතුය. (ර)
දැන් අර ගෙදර එවුන් මස් උයන්නේ මොකෙන්ද? (අ)
අනේ පව් ! අසරණ සතා. හුඟාක් දෙනෙකුට දැන් මහදැන මුත්තාගේ කතාවත් මතකයට නැගෙයි. අලුත් පරම්පරාවට නම් දැන් මහදැන මුත්තා කව්ද කියලා දන්නේවත් නැතිව ඇති. (ර)
මිනිස්කම උතුම්කම. (ස)
ලංකාවේ වුනානම් දිවියට අබ සරණයි ! (බ)
බණ්ඩයියා සහ සාමක්කා වගෙ අයට අහු වුණා නම් තමා "ඉවර"වෙන්නෙ. ලංකාවෙ වුවා නම් පැයක් යද්දි දිවියා නිදහස් වෙලා.(අ)
ලංකාවේ වුණා නම් දිවියාට දෙවියන්ගේම පිහිට තමා. (නි)
මිනිසුන් කරගත් කුසල කර්මයක්. (ර)
ලංකාවේ වුණා නම් පැයක් යන්නත් ඉස්සර දිවියාගේ හමත් හොයාගන්න වෙන්නේ නැතිවෙන්නත් පුළුවන් (නි)
තරිඳු, ලංකාවේ එහෙම වුනාට ඉන්දියාවේ එහෙම වෙන්නේ නැහැ. ලංකාවේ මිනිසුන්ට පුළුවන් ඉන්දියානුවන්ට බනින්න විතරයි. (බ)
පවු අහිංසක සතා! (නි)
අද ලංකාවේ නම් පැය පහක් ඇතුළත මේ සතාට වෙන්දේසියේ වුණත් යන්න තිබුණා (නි)
අපේ රටේ අය අතරේ 95 % ක් හොඳ අය වගේම 05% නරක අය ඉන්නවා. මොකද අපේ රටේ නැද්ද වන සතුන්ට ආදරේ කරන අය. වන සතුන් අසරණ වුණාම ප්‍රතිකාර කරන අය නැද්ද? වනජීවී එකේ අය වනය ඇතුළට වෙලා බොහෝ දුෂ්කරතා මැද ඔවුන්ගේ කාර්යය ඉෂ්ට කරනවා. අපි ඒවා අගයන්න ඕනෑ. (නි)
සනත් ඒකනායක මහතාගේ ප්‍රතිචාරය අගය කරමි. (නි)
මෙයා ඇලුමිනියම් මුට්ටිය ඇතුළට ඔලුව දාලා මොනවා බලන්න ගියාද? මදැයි වෙච්ච දෙයක්....! (නි)