ෂැංහයි නගරයේ සිට සැන්ෆ්රැන්සිස්කෝ නගරය දක්වා පැය දෙකකටත් අඩුකාලයකින් ගමන් කළ හැකි අධිවේගී සුපර් සොනික් සබ්මැරීනයක් නිපදවන බව චීනය පවසයි. සැබ්මැරිනය වටා බුබුළක් සාදා ගැනීමෙන් එය වේගය ලබාගන්නා බව ද නිෂ්පාදකයෝ කියති. හාබින් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගත් මේ නව තාක්ෂණය අනුව ඉදිකරන සබ්මැරිනයට ශබ්දයේ වේගය හෝ පැයට කිලෝ මීටර 5800ක වේගයක් ලබා ගත හැකිවේ යැයි අපේක්ෂිතය.
මේ නගර දෙක අතර ගුවන් දුර කිලෝ මීටර 9922 කි. එම දුර යාමට ගතවන කාලය පැය 12ට ආසන්නය. එසේ වුව ද විද්‍යාඥයන් පවසන්නේ සුපර්සොනික් සබ්මැරිනයට ඒ දුර ගෙවා දැමීමට ගතවනු ඇත්තේ විනාඩි 100ක් පමණ කාලයක් බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන්,නාවික, මාර්ග සැතපුම් වල උපරීම හා අවම වේගයන් සඳහන් කර ඇත්තේ වාතයේ හෝ ජලයේ ඇති ඝනත්වය මත ගමන් කළහැකි වේගයන්ය. ගුවන් ගමනකට වඩා මුහුදු ගමන මන්දගාමී බැවින් චීනුන්ගේ සුපර් සොනික් වේගය ,බලවත් ජාතීන් අතර සුපර් ලැජ්ජාවකට බඳුන්වීමකැයි මට සිතේ (නි)
චීනය දෙවැනි ටයිටැනික් එක හදාගෙන යනවා මේ දවස් වල. ඇත්තටම ඒක පරණ ටයිටැනික් එකට වැඩිය විශාලයිලු. ඕස්ට්‍රේලියානු කෝටිපතියෙකුගේ ඇණවුමකටලු හදන්නේ. ගතවන කාලය අවුරුදු දෙකයි,වියදම ඩොලර් බිලියන 5 යි. (නි)
අම්මෝ.....ඕව මොනවද චීනෙට ඕව අලුත් දේවල් වුණාට ලංකාවේ නම් ...ඔයිට වඩා වේගයෙන් දිය යටින් ගින්දර ගෙනියන්න පුළුවන් උදවියත් ඕන තරම් ඉන්නේ..... නේද මෙයාලා.(අ)
මේකට බයවෙන්න එපා. පළවැනි දවසෙම මේ ගැන තීරණය වෙයි (නි)
සාගර පද්ධතියට කිසියම් බලපෑමක් නොවී වැඩේ වෙන්න ඕනෑ. එහෙම නැත්නම් මොන තාක්ෂණය යොදලා හැදුවත් වැඩක් නැහැ. (නි)
කුමාර් , මෙතන නොදන්නා දේවල් කියලා මෝඩයා කියලා අහගන්න එපා (නි)
මේක නම් හොඳ වැඩක් කියලා කියන්න අමාරුයි (නි)
චීනය කියන්නේ තාක්ෂණය අතින් දියුණු රටක්.එයාලට ඕක නිපදවන්න මහා කාලයක් යන්නේ නැහැ. (නි)
ලොකයේ ඔක්කෝම අය කුමාර වගේ නම් තවම මනුස්ස ජාතිය ඉන්නේ කැලේ ගල් ගුහා ඇතුළේ. අලුත් දෙයක් කරන්න දරන උත්සාහය ඉතාම වටිනවා. නමුත් මෙපමණ වේගයෙන් ගමන් කරනවිට මුහුදු සත්වයන් හා ගැටී අනතුරු ඇතිවිය හැකිවා මෙන්ම එම සත්වයන් විනාශ වීමේ අවදානමකුත් තිබෙනවා (නි)
කුමාර් වගේ හිතන අය චීනයේ නැති නිසා තමයි අද චීනය දියුණුවේ හිනිපෙත්තෙම ඉන්නේ. (නි)
චීනයට ඕවා කරන්න තරම් තාක්ෂණයක් තිබේද? (නි)
ඇමෙරිකාවයි චීනයයි අතරනේ.හොඳයි.මුහුද යට අපායට ළඟයි වගේ (නි)
මාළුන්ට යන කලදසාව මොකක්ද ? පරිසර හානිය කොපමණද? (නි)
අම්මපා! අපේ දේශපාලන කට්ටියක්වත් චීනයට ගිහිල්ලාද? (නි)
නොරොච්චෝලෙත් හැදුවේ මෙයාලා නේද? එයාලා හැදුවොත් ඔය සබ්මැරීනයටත් වෙන්නේ දෝෂයක් නිසා ක්‍රියාකාරීත්වය අත්හිටුව ඇත කියලා මාසෙට දවස් කීපයක් කියා කියා ඉන්න. (නි)
තාම චීනයේ ගම් වල උයන්නේ දර වලින්, භූමිතෙල් වලින්. රටේ බහුතරයකගේ දුප්පත්කම නැතිකිරීම හා ඔවුන්ට පහසුකම් දීම මීට වඩා කොච්චර වටිනවද? (නි)
ඇත්තටම යයිද ? (නි)
මේ වගේ සැලසුම් කොලවල අදින්න ලේසි නමුත් ක්‍රියාවට නංවන්න අමාරුයි, (දිල්)
බොහොම හොඳයි. හැබැයි සාගර පරිසර පද්ධතියට සිදුවන හානිය ගැනත් හොයා බලන්න ඕනෑ (නි)
අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී, හිගා කෑම බැරිවුණදා ලගී ගයා මරගී. ලංකාව ආශ්චර්ය මාවතට පිවිසීමට අවශ්‍ය නම් ආදර්ශයට ගත යුතු රටක්. (නි)
ගඟේ බෝට්ටුවක් ගියත් ඉවුරු සෝදාපාලු වෙන එකේ මේකෙ අතුරු ප්‍රතිඵල ගැන සොයාබැලුවාද? පැයට කිලෝමීටර් 6000ක වේගයෙන් විනාඩියට කිලෝමීටර් 100 ක වේගයෙන් ගමන් කරන්න පුලුවන් නම් මුහුදු ජීවීන් කොච්චරක් විනාශ වෙයිද? මුහුද කොච්චර ප්රචණ්ඩ වේවිද? මුහුදු ජීවින්ට බියකරු අත්දැකීමක් එක්ක අපේ ලෝකයේ අවසානය තව ටිකක් වේගයෙන් ළං වෙනවා කියලයි මට හිතෙන්නේ... (නි)