උතුරු කොරියා රජය තම මිසයිල ගැන පුරසාරම් නොදොඩා රටේ ජනතාවගේ කුසගිනි නිවීම කෙරෙහි අවධානයක් යොමු කරන්නේ නම් මැනැවි යැයි ඇමෙරිකාව පවසයි. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි ප්‍රකාශිකා වික්ටෝරියා නූලන්ඞ් මේ බව කියා සිටියේ, ඇමෙරිකාවට විදිය හැකි න්‍යෂ්ටික බලැති මිසයිල තමන් සතුව ඇතැයි උතුරු කොරියා රජය පෙරේදා (09) කළ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමිනි. ”උතුරු කොරියාවේ මේ තර්ජන ජාත්‍යන්තරයේ අවධානයට ලක් විය යුතුයි. ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට කොතරම් තර්ජනයක් ද යන්න දැන් පැහැදිලියි. මිසයිල ගැන පුරසාරම් දොඩනවාට වඩා, උතුරු කොරියා රජය කළ යුත්තේ ඔවුන්ගේ රටේ ජනතාවගේ කුසගිනි නිවීමයි.” යැයි නූලන්ඞ් පවසයි. උතුරු කොරියාවේ හිතුවක්කාර සහ තර්ජනාත්මක න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය දක්වමින්, ඇමෙරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක් වී උතුරු කොරියාවට ආර්ථික, වෙළෙඳ සහ දේශපාලන සම්බාධක පනවා ඇත. එම හේතුව නිසාම උතුරු කොරියාව ලොවෙන් හුදෙකලා වී තිබේ. සම්බාධක හේතුවෙන් රටේ සියලූම කටයුතු, විදෙස් ආධාර නොමැතිව තනිවම කරගෙන යෑමට උතුරු කොරියා රජයට සිදුවී තිබේ. මීට වසර කිහිපයකට පෙර උතුරු කොරියාව මහා සාගතයකට ද මුහුණ දුන්නේය. එම අවස්ථාවේදී ජනතාවට ප්‍රමාණවත් තරම් ආහාර සැපැයීමට එවකට උතුරු කොරියාවේ නායකයා වූ කිම් ජොං ඉල් අපොහොසත් විය. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනයේ වාර්තාවලට අනුව මේ වසරේ උතුරු කොරියානුවෝ මිලියන 3 ක් උග්‍ර ආහාර අර්බුදයකට ලක් ව සිටිති. 2011 වසරේ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පැවැසුවේ උතුරු කොරියා දරුවන්ගෙන් තුනෙන් එකක් මන්දපෝෂණයෙන් පසුවන බවය. මන්දපෝෂණයෙන් පෙළෙන්නේ වයස අවුරුදු 5 ට අඩු දරුවන් බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දුන්නේය. උතුරු කොරියාව පෙරේදා එම අනතුරු ඇඟවීම කළේ තම අසල්වැසියා වන දකුණු කොරියාව, ඇමෙරිකා හමුදාව සමඟ එක් වී මිසයිල ආරක්ෂක වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමට තීරණය කිරීමත් සමඟය. උතුර සහ දකුණ වශයෙන් කොරියාව දෙකඩ වුණු කොරියානු යුද්ධයෙන් පසු, ඇමෙරිකාව දකුණු කොරියාවේ සමීපතම මිතුරා වූ අතර ආසියා කලාපයේ බලය තහවුරු කර ගැනීමට ද එම මිතුදම ඇමෙරිකාවට වාසියක් විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවට ඕන ලංකාවත් දෙකට බෙදලා ඊළාම් රාජ්‍යය සමග මිතුදම් හදාගන්න..!(නු)
බඩගින්නෙන් පෙලෙන්නේ වැඩිපුරම ඇමරිකානු රටවල් තමයි (ස)
ඔය ටික ඇමරිකාවට නියෙමෙට ගැලපෙනවා (ස)
ඇමෙරිකාව ටිකක් බයවෙලා වගෙයි. (නි)
සිල්වා, ඔහේ මොනවද කියවන්නේ? (නි)
උතුරු කොරියාවේ අසල්වැසියා ප්‍රභල චීනයයි. මේ රටවල් දෙකේ දේශසීමා හරහා අවශ්‍ය තරමටත් වැඩියෙන් භාණ්ඩ ගලාගෙන එන බව ඇමෙරිකාව දන්නේ නැති හැඩයි. (නි)
උතුරු කොරියාව අදටත් කන්නෙ දකුනු කොරියාවෙන් එවන හාල්.එවනවයි කියන චීන බඩු වල තත්වය කියන්න ඕන නැහැනෙ.උතුරු කොරියාව කියන්නෙ ලෝකෙ තියෙන දූෂිතම රටක්,පාලකයො සුර සැප විඳිද්දි මිනිස්සු දුක් විඳිනවා. (ස)