2014 වසරේදී අතුරුදන්වූ මැලේසියා එම්එච් 370 යානයේ කොටස් බවට සැකකරන අප්‍රිකාවෙන් හමුවී කොටස් එම යානයේම බව තහවුරු කරගෙන ඇතැයි මැලේසියා රජය පවසයි.
2014 වසරේදී මලයාසියාවේ සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබූ එම යානය අභිරහස් ලෙස එහි සිටි මගීන් 239 ක් ද සමග අතුරුදන්වූ අතර පසුව යානය මුහුදට කඩා වැටී ඇතැයි අනාවරණය කර ගැනුණි.
ඕසට්‍රේලියා මුහුදු තීරය හා ඉන්දියන් සාගරය ආශ්‍රිතව වර්ග කිලෝමීටර් එක්ලක්ෂ පන්දහසක මුහුදු තීරයක් මෙම යානය සොයා පරීක්ෂාවට ලක්කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ දැනුමේ හැටියට නම් මෙම ගුවන් යානය අවසන් ගුවන් ගමන් පාලක මැදිරියෙන් සමු ගැනීමෙන් පසු මොහොතකින් මෛක්‍රෝ බර්ස්ට් වායු ධාරාවකට අසුවී ක්ෂණයකින් මුහුඳුබත් වී ඇති බවයි. මෛක්‍රෝ බර්ස්ට්යනු පොළොවේ උණුසුම් වාතය අහසේ ඉහලට වේගයෙන් ගමන්කිරීම නිසා ඉහල අහසේ උෂ්ණත්වය ඉතාමත්ම අඩු අවස්ථා වලදී එම වාතය වේගයෙන් සිසිල්වීම හේතුකොටගෙන ක්ෂණිකව අධික වේගයකින් පොලොව දෙසට ගමන් කිරීමයි. මෙය \'ටොර්නාඩෝ\' කුණාටුවක විරුද්ධ සංසිද්ධියයි. (බ)
පිටිගල අයියේ ඉස්කෝලේ මේවත් උගන්නනවද? (අ)
තාමත් මෙය අභිරහසක්.(හේ)
මට නම් තාම විශ්වාසයක් නැහැ හමුවුණා කියලා (නි)
අපරාදේ! මේ පිටිගලව ගන්න තිබුණේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න (නි)
ඉතාලියානෝ බොන්ජොර්නෝ.(බ)
මේ කතාව සම්පුර්ණ ඇත්ත (නි)
මැලේසියාව කොහේද බීජින් කොහේද අප්‍රිකාව කොහේද සිතියමක බලන්න. මේක වෙන්න බෑ. (ර)
පව් ව්ජේ වගේ මිනිස්සු තාම ඉන්නවා ලංකාවේ නේද. ඉතින් අපි රටක් ජාතියක් විදියට කොහොමද ඉදෙරියට යන්නේ. (ර)
පිටිගල ගුවන් යානයක ගිහින් තියෙනවද ? (ර)
දැන් තහවුරු වුනා නේද?(හේ)
පිටිගල මිලානෝ, ලැජ්ජා හිතෙනවා සහෝදරයා ඔයාගේ කතාවට. ඔය කියන කාලගුණ සංසිද්ධිය වෙන්න බැහැ කියලා කියන්නේ නැහැ. ඒ වුණාට ඔය ගුවන් යනවා අතුරුදහන්වුණ දවසේ ඒ වෙලාවේ ඔහොම දෙයක් ගැන කිසිම සාක්ෂියක් නැහැ. ඒ වගේම එහෙම වුණානම් ගුවන් යානාව වියට්නාමය අවට මුහුදේ වැටෙන්න ඕනෑ. නවීන ක්‍රම වලින් ඔප්පු වුණානේ ගුවන් යානාව ගිය දිශාව සහ ගමන් කළ වෙලාව. ඉතින් තව මොන කතාද. (නි)
අනිවාර්යයෙන් ගුවන් යානය පොළොවට වැටිලා නැහැ. එ්ක අහස උඩට රොකට්ටුවක් වගේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගිහින් දැන් වෙන ග්‍රහලෝකයක ගොඩබාලා තියෙන්නත් පුළුවන් (නි)
සාමා, මෙවන් කාලගුණ තත්ත්ව ක්ෂණිකව ඇතිවනවා මිසක් ගුවන් මාර්ග පුර්ව කාලගුණ දත්ත වලට අසුවන්න් නැහැ. පුර්ව කාලගුණ දත්තවල ඇති රතු කලාප තුළින් යානය පැදෙව්වොත් විය හැකි සම්භාවිතාව වැඩියි. ඔබ පවසන ලෙස මුහුදට වැටුනා නම් කැබලි හමුවිය යුතුයි. එ්ත් අමතක කරන්න එපා ඔය අවට මුහුඳේ සාක්ෂි නොමැතිව ගුවන්යානා සහ නැව් අතුරුදහන් වී ඇති බව. (නි)
මේක පිටසක්වල ජීවීන්ගේ වැඩක්. මේකෙන් ඔප්පු වෙනවා ඔවුන්ට අපිට වඩා කොච්චර දියුණු තාක්ෂණයක් ද තියෙන්නේ කියලා. යානාව පැහැරගෙන දැන් එකේ හිටපු මිනිස්සු අධ්‍යයනය කරලා අනාගතේ හොයාගන්න බැරි විදියට ලෝකේට එයි (කෞ)
පිටිගල, අඩි 33,000 උඩ ඉදල ගුවන් යානයක් බිමට වට්ටන්න මයික්‍රෝ බර්ස්ට් එකකට බැහැ. මයික්‍රෝ බර්ස්ට් වලින් හානියක් වෙන්න පුළුවන් අඩි 3,000 විතර අඩු උසකදී විතරයි. 33,000 උසක මයික්‍රෝ බර්ස්ට් ඇතිවෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. ඇතිවුණත් අඩි 2000 - 3000 වඩා වැටෙන්න කලින් ගුවන් යානය මයික්‍රෝ බර්ස්ට් කලාපය පහුකරනවා. (ර)