තලෙයිබාන් සටන්කාමීන් මලාලා දැරියට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන රජය දැක් වූ ප්‍රතිචාරය ඉතා තීරණාත්මක සිදුවීමක් බව මලලා බැලීමට බි්රතාන්යයට පැමිණි ඇයගේ පියා පැවැසීය.
වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පහළොස් හැවිරිදි මලාලා දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා බි්රතාන්යයට රැගෙන ඒමෙන් පසුව ඇගේ සුවදුක් බැලීමට මව, පියා සහ සහෝදරයන් දෙදෙනා පළමු වතාවට බි්රතාන්යයේ බර්මිංහැම්හි පිහිටි ක්වීන් එලිසබෙත් රෝහලට පැමිණ සිටිති.
‘‘මලාලා වැටුණු අවස්ථාවේදී පාකිස්තානය සිට ගත්තා. ඒ සමඟ ලෝකය අවදි වුණා. එය තීරණාත්මක සිදුවීමක්. අප හිතුවාටත් වඩා ඉක්මනින් මලාලා සුවය ලබමින් සිටිනවා. ඇය මගේ දියණිය පමණක් නොව සැමගේම දියණියකි.’’ යැයි ඇයගේ පියා වන සියාඋද්දීන් යුසුෆ්සායි සඳහන් කළේය.
ක්වීන් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තම දියණිය නැගිට සිටිනු දුටු අවස්ථාවේදී සිය නෙතඟට කඳුළු නැඟුණු බව සියාඋද්දීන් හැඟුම්බරව පැවැසීය.
එම රෝහලේ කාර්ය මණ්ඩලයටත් බි්රතාන්ය හා පාකිස්තාන බලධාරීන්ටත් ඔහු ප්‍රශංසා කළ සියාඋද්දීන් කියා සිටියේ මලාලාට නිසි වේලාවේදී, නිසි ස්ථානයේදී නිසි ප්‍රතිකාර ලැබුණු නිසා සුවය ලැබීමට හැකි වූ බවයි.
මලාලාට වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව සිය දියණියගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වේ යැයි බිය වී අවමංගල්‍යයට අවශ්‍ය කටයුතු සූදානම් කරන්නැයි තම ඥාතියකුට පැවසූ බව සියාඋද්දීන් සිහිපත් කළේය.
මලාලා යූසාෆ්සා නමැති එම දැරිය පාසල නිම වී පාසල් බස්රියෙන් ගමන් කරමින් සිටිද්දී තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක් වූයේ ඉකුත් 9 වැනිදාය.
පාකිස්තානයේ ස්වාත් නිම්නයේ බාළිකා අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් ඇය 2007 වසරේ සිට හඬක් නගා ඇති අතර ඒ නිසාම ඇය පාකිස්තාන ජනතාවගේ ආදරය දිනා ගැනීමට ද සමත් වූවාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට සතුටුයි. (නි)
පවු පැටවු ටික. (නි)
මටත් හිරම සතුටුයි දෙවියන් මගේ කන්නලවුවට ඇහුම්කන්දීම ගැන. බුදු සරණයි. දෙවි පිහිටයි. (නි)
මාල දෙවියන් ස්තුති කරන්න (අ)
ලෝකයම ඔබ සමග වුවත් ඔය පරෙස්සම් වෙන්න. අන්තවාදීන් නිතරම ඔබ පසුපසයි. (නි)
දුවේ ඔයා ඉදිරියේදීත් ආරක්ෂා වෙන්න (ස)
ඔබ වැනි දැරියන් ලෝකයටම සම්පතක්. (නි)