අතුරුදන්ව වසරකටත් වඩා වැඩි කාලයක් ගතවූ එම්.එච් 370 මලයාසියා ගුවන්යානය සොයාගත නොහැකි වීම ගැන නව න්‍යායක් ඉදිරිපත් කිරීමට ගණිතඥයෝ පිරිසක් කටයුතු කරති.
ඔවුන් පවසන ආකාරයට යානය අංශක 90 ක කෝණයකින්,එනම් සිරස්ව මුහුදට කඩාවැටී ඇතැයි සැළකිය හැකිය.එසේ සැලැකූ විට යානයේ කිසිදු කොටසක් මේ දක්වාම සොයාගත නොහැකි වීමට පැහැදිලි කිරීමක්ද සිදුකළ හැකි බව කියන ඔවුහු යානය සිරස්ව ජලය හා ගැටීමේදී අන් අවස්ථාවලට වඩා ජලයෙන් එල්ල වන ප්‍රතිරෝධය අඩු නිසාවෙන් යානය නොකැඩී,නොබිදී සම්පූර්ණයෙන්ම ජලයේ ගිලී යන්නට ඇතැයි නිගමනයකට එළැඹිය හැකි බව පවසයි.
මෙම තොරතුරු ලබාගැනීමට ඔවුන් භාවිතයට ගෙන තිඛෙන්නේ සුපිරි පරිගණකයකි.යානයට අත්වන්නට ඉඩතිබූ ඉරණම සම්බන්ධයෙන් නිගමන 5 කට පමණ මුලින්ම එළැඹ තිඛෙන ඔවුහු එම නිගමනයන්ට අදාළ දත්ත සුපිරි පරිගණකයට ඇතුළත් කර යානයට අත්වන්නට ඇති ඉරණම වඩා හොදින් පැහැදිලි කර දීමේ සමත් නිගමනය තෝරාගැනීමට කටයුතු කර තිබේ.යානය අංශක 90 ක කෝණයකින් සයුරට කඩාවැටී ඇතැයි ඔවුන් පවසන්නේ ඒ අනුවය.
කෙසේවුවත් යානයේ අභිරහස හරියටම විසදාගත හැකිවනු ඇත්තේ කෙදිනක හෝ එහි කළු පෙට්ටිය සොයාගත් පසු බව ඔවුන්ද පිළිගනී.
2014 වසරේ මාර්තු මස 8 වැනිදා මගීන් හා කාර්යමණ්ඩලය 239 දෙනෙකු සමග අතුරුදන්ව ගිය එම්.එච් 370 අංක දරන ගුවන්යානය ගැන කිසිදු තොරතුරක් පුරා වසරක්ම දියත් කෙරුණු යානය සෙවීමේ මෙහෙයුම් වලින්ද සොයාගත නොහැකි විය.යානය අවසානයට දර්ශනය වූ ඉන්දියන් සාගර කලාපයේ වර්ග සැතපුම් 46300 ක ප්‍රදේශයක් ආවරණය වන පරිදි මෙහෙයුම් කටයුතු දියත් කර තිබුණි.
මෙම මෙහෙයුම් කටයුතු පසුගිය සතියේ සිට අත්හැර දමා තිඛෙන අතර බළධාරීන් පවසන්නේ වසරක් පුරා මෙහෙයුම් කටයුතු සිදුකෙරුණද එකදු සාක්ෂියක් හෝ සොයාගැනීමට නොහැකිවීම නිසා අවසානයේ මෙම තීරණයට එළැඹිීමට කටයුතු කරනවා හැරෙන්නට කළ හැකි කිසිවක් තමන්ට නොතිබූ බවය.
යානයේ අතුරුදන්වීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන නියමුවාටද චෝදනා නැගේ.ඔහු පළිගැනීමේ චේතනාවක් පෙරදැරිව යානය විනාශය කරා ගෙනයන්නට ඇතැයි මතයක්ද තිබේ.
කුමන චෝදනාව නැගුනද,කුමන න්‍යායක් ඉදිරිපත් කෙරුණද සියලූදෙනාට තේරුම්ගත නොහැකිවී තිඛෙන කරුණ වන්නේ යානය ගැන කිසිදු තොරතුරක් මේ දක්වාම සොයාගත නොහැකිව තිබීමය.

![29511E2800000578-3118002-A_new_picture_released_today_shows_the_extreme_weather_condition-a-15_1433930558860[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29511E2800000578-3118002-A_new_picture_released_today_shows_the_extreme_weather_condition-a-15_14339305588601.jpg)
![2951312A00000578-3108809-image-m-5_1433318404765[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/2951312A00000578-3108809-image-m-5_14333184047651.jpg)
![2981076000000578-3118002-Perfect_nose_dive_Researchers_believe_the_Malaysia_Airlines_plan-a-3_1433935338939[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/2981076000000578-3118002-Perfect_nose_dive_Researchers_believe_the_Malaysia_Airlines_plan-a-3_14339353389391.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේක ගැන හෙව්වා කියලා වැඩක් තිබෙනවද? (නි)
මම නම් හිතන්නේ කොහේහරි ගොඩබිමකට ගොඩබාලා ඇති කියලයි (නි)
දිමුතුගේ කතාව ගැන නම් හිතන්න පුළුවන්. එහෙම වුණාද කියලත් හිතෙනවා. (නි)
මේ ගැන හරියටම දන්නේ සීඅයිඒ එක..(බ)
දෙවියෝ දනී අපි නොදනී (නි)
ඕකත් උස්සන්න ඇත්තේ අරය තමයි කර්ල්ටන් වත්තේ බෙලුවනම් ෂුවර් එකටම ඇති.(ම)
බටහිර ගණන් කාරයෝ ඉතින් තමන්ට මොකක් හරි හොයා ගන්න බැරි උනොත් මොකක් හරි මගුලක් කියල ලැජ්ජාව වහ ගන්න හදනවා ..ලජ්ජා හිතෙනවා නේද යාලුවනේ (ම)
මෙම යානය පැය විසි හතරෙහිම ක්‍රියාත්මක චන්ද්‍රිකා වලින් එකකටවත් හසුනොවී තියෙන්න බැහැ. (නි)
ඇත්තටම මේකට මොකද වුණේ? (නි)
ලලිත්, අර සුමනදාසගෙන් නොවේ බණ්ඩාර හොයලා ඇහුවා නම් හරි. අපි එයාව හොයන්න සුමනදාසට කියමු. (නි)
මේ යානය ගැන හොයන්න දාලා තියෙන්නේ පිස්සෝ ටිකක්ද ??? එකට විශ්ලේෂණයට අරන් තියෙන්නේ පිස්සෝ වගයක් හදපු කොම්පියුටෙර් එකක්ද??? ඒ වාර්තාව හැටියට ප්ලේන් එක මුහුදට වැටිලා තියෙන්නේ අංශක 90 කෝණයකට ලු.... ඉතින් දෙවියනේ වේගයෙන් යන යානයක් කොහොමද මුහුදට 90 කෝණයකින් වැටෙන්නේ.... එක හඳට ගිහින් ආවානම් පිළිගන්න පුළුවන්..... පුදුම විශ්ලේෂණ තමා.... (ස)
මම නම් හිතන්නේ සුක්ෂමව මේක ගොඩබා ගත්ත කියලයි. මොකද මේකේ ඇතුලේ සුපිරි මොළ ටිකක් හිටියනේ.(ම)
මෙච්චර දියුණු ලෝකයක මේ යානයට කුමක් වුවාද යන්න සොයා ගන්න බැරි වුණ එක තමයි ලොකුම ප්රශ්නය.(හේ)
සමහරු කියන්නේ ඇමෙරිකානු ද්‍රෝන යානා රහස් චීනය දැනගනාවට ඇමරිකාව කරපු සුපිරි මෙහෙයවීමක් කියල..හොයල බලන්න චීන ඉංජිනේරුවන් කීයක් මැරුණද ..ඒ මොනවගේ අයද කියල...-රාජ්- (ස)
වෙච්ච දේ දන්නේ ඇමරිකාවයි චීනෙයි විතරයි සල්ලිකාරයන්ගේ ගෑණු පිටගියාට රහස් පොඩි වැඩකරන කොල්ලන්ට කියන්නේ නැහැ (බ)
මම නම් කියන්නේ මේක මත්තලට ගොඩබැහැල මැදමුලනට ගෙනියන්න ඇති බෙබිලට සෙල්ලම් කරන්න ...(බ)
මේ යානයේ ගෙනිච්ච ටොන් එකක් බර භාණ්ඩේ මොකක්ද කියල තාමත් හරියට කිවේ නෑ. ඇමරිකාවට අයත් යුධ උපකරණයක් චීනෙට ගිය කියලනේ කියන්නේ. එක නිසා උඩු ගුවනෙම යානය කුඩා අංශුවලට වෙනකම් කුඩු වෙන්න වෙඩි තිබ්බ කියල තම කට්ටියක් කියන්නේ. ඉතින් කොහෙද කැලි හොයන්නේ. (ම)
හොයාගන්න බැරිවුණාම විකාර කියවනවා. ඇයි මේ යානය අභ්‍යවකාශයේ ඉඳලා ආ එකක්ද අංශක 90 ක කෝණයකින් මුහුදට වැටෙන්න...??? (නි)
මුහුදු පතුලේ තිබෙන තෙල් නිධි සොයාගන්නා තරමට අද තාක්ෂණය දියුණුවට පත්ව ඇති වකවානුවක මේ ගුවන් යානය සොයාගැනීමට නොහකිවිම මහත් පුදුමයක්. මිනිසෙකුගේ රුධිර සාම්පලයකින් එම මිනිසා සිටිනතැන සෙවිමට තරම් දියුණුව ඇති ඇමරිකන් යුද තාක්ෂණයටද මෙය සොයාගැනිමට නොහැකිවීම මහත් අරුමයක්ම තමයි (නි)
මම නම් මේ යානයට සිදුවුණ දේ ගැන මොකුත්ම හිතන්න යන්නෙ නැහැ (නි)
අපේ ගාල්ලේ සුමනේගෙන් ඇහුවා නම් හරියටම කියයි (නි)
මුහුදු පතුලේ ඇති පැල්මක හෝ පැරණි ගිනි කඳු ආවාටයක පිරි ඇති මඩ පතුලට කිඳා බැස්සා වෙන්න බැරිද? (ර)
අර සුමනදාසගෙන් වත් ඇහුවානම්? (ර)
ෆිනෑන්ස් එකෙන් උස්සලාද මන්දා? (නි)
මේ යානයට කිසිදු අනතුරක් වී නැතිබවයි මට නම් හිතෙන්නේ (නි)
තරංග නොදන්න දේවල් කියන්න එපා. නියමුවාට ඔනෑනම් අංෂක 90 නෙමේ 100 හරි යානය වැටීමට සලස්වන්න පුලුවන්. නියමුවා විසින් සියදිවි හානිකර ගැනීමක් වෙන්න ඔනෑ.. (ර)
මහින්ද මහින්දගේ පුතාගේ රොකට් ඒකෙ හිරවෙලා (බ)
කෝ මේ මැටි පහන? එයාගේ විද්‍යාවට මේක හොයා ගන්න බැරි උනානේ තාම! (ස)
පහන් නසා එකෙන් කඩා වැටුන යාන ගැන සොයන්න (ම)
යානය යම් කිසි අපට වඩා දියුණු ජීවීන් කොටසක් විසින් පැහැර ගත්තා වෙන්න බැරිද .... (ම)
යානය හොයාගත්තේ නැති වුනාට මොකද අඟහරු ග්‍රහයාගේ විදුරු හොයාගත්ත තමාව මන්දාකිණියක් හොයා ගත්ත විශ්වයේම තියන ග්‍රහලෝක සොයා යනවා .මේ පෘතුවියට කඩාවැටුණු ගුවන් යානය හොයාගන්න බැහැ නාසා එක වහන්න ඕනේ (බ)
යානය කඩා වැටුනා නොව එම කෝණයෙන් මානසික අවුලෙන් පෙළුන ගුවන් නියමුවා යානය කිඳා බැස්සුවා වෙන්න බැරිද? ඊටපස්සේ අධි පීඩනයෙන් ආ වතුර වලට යානය නොකැඩී තෙරපුණා. (නි)
අපේ චන්දරේ අයියා මොකද දන්නේ නැහැ දැන් මේ ගැන කියන්නේ ? (ම)