අතුරුදන් වී මුහුදට කඩා වැටුණැයි අනුමාන කෙරෙන මලයාසියා ගුවන් සේවයට අයත් එම්.එච්. 370 ගුවන් යානය පිළිබඳ නව හෝඩුවාවක් ඉදිරිපත් කිරීමට ඇමෙරිකා ගුවන් නියමුවෙක් ඊයේ (29) සමත් විය.
නිව්යෝක් ජනපදයේ ටොනවන්ඩාහි පදිංචි මයිකල් හෝබෙල් නම් මෙම ගුවන් නියමුවා, මලයාසියා යානය සොයා ගෙන ඇතැයි පැවැසෙන්නේ ටොම්නොඩ් වෙබ් අඩවියේ ආධාරයෙනි.
යානය අතුරුදන් වූ පසු, ඒ අවට කලාපයේ චන්ද්‍රිකා ඇසුරින් ගත් ඡායාරූප අන්තර් ජාලයේ පළ විය. ලොව වෙසෙන ඕනෑම කෙනකුට ලක්ෂ ගණනක් වූ එම චන්ද්‍රිකා දසුන් පරීක්ෂා කර යානය සෙවීමට අවස්ථාවක් උදා විය.
යානය මුහුදු පතුළේ ඇති බව මයිකල් හෝබෙල් දැක ඇත්තේ එවැනි එක් ඡායාරූපයක් පරීක්ෂා කරද්දීය.
ඔහු ඒ බව ඇමෙරිකාවේ එෆ්.බී.අයි. පරීක්ෂකයන්ට සහ ජාතික ගමනා ගමන මණ්ඩලයේ පරීක්ෂකයන්ට දන්වා ඇත. බලධාරීන් පවසන්නේ 60 හැවිරිදි මයිකල් හෝබෙල් ලබා දුන් නව හෝඩුවාව සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවය.
එම ඡායාරූප අනුව, ඉකුත් මාර්තු 8 වැනිදා ක්වාලාලාම්පූර් සිට චීනයේ බීජීං බලා පියාසර කරද්දී අතුරුදන් වුණු යානය, කඩා වැටී ඇතැයි පැවසෙන්නේ තායිලන්ත බොක්ක ආශි‍්‍රතව දකුණු චීන මුහුදටය. මේවනවිට යානය සොයා සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙන්නේ ඉන්දීය සාගරයේ දකුණු දෙසිනි.
එම සෝදිසි මෙහෙයුම් 50 වැනි දිනට ළං වෙමින් පවතින නමුත් යානයේ කිසිදු කොටසක් මෙතෙක් හමුවී නැත.
239 දෙනකු සමඟ යානය අතුරුදන් වුණු අවස්ථාවේදී මුලින්ම එය සොයා සෝදිසි මෙහෙයුම් සිදු කැරුණේද ද දකුණු චීන මුහුදේදීය. නමුත් යානයේ මඟ වෙනස් වුණු බව තහවුරු වී සෝදිසි මෙහෙයුම් වෙනත් අතකට යොමු විය.
ඇමෙරිකාව, ඕස්ටේ්රලියාව ඇතුළු රටවල් රැුසක් යානය සොයා මෙහෙයුම් ඇරැඹීය.
කෙසේ නමුත් මේ වනවිට පෙනී ගොස් ඇත්තේ, එම්.එච්. 370 යානය, දකුණු දිග සාගරයට කඩා වැටී නැති බව යැයි මලයාසියාවේ ‘නිව් ස්ටේ්රට් ටයිම්ස්’ පුවත්පත ඉකුත් දා වාර්තා කර තිබුණි.
යානය ඉන්දියන් සාගරයේ පිහිටි දියාගෝ ගාසියා නමැති කුඩා ¥පතට පැහැරගෙන ගියා කියන කතාවේ සත්‍යයක් තිබිය හැකිදැයි එම පුවත්පත විමසා සිටියේය. පුවත්පත පෙන්වා දී තිබුණේ යානය සොයා මෙහෙයුම් සිදු කරන සෝදිසි කණ්ඩායම් පවා දැන් විශ්වාස කරන්නේ යානය එහි රැගෙන යන්න ඇති බවය.
යානයේ කළු පෙට්ටියෙන් සංඥා ලැබුණැයි පවසමින්, පසුගිය දින කිහිපයේ දී ‘බ්ලූෆින්’ නමැති කුඩා කුමුඳුව (සබ්මැරීනය) යොදා ගනිමින් ද මූදු පතුළ ගවේෂණය කළත් කිසිවක් හමු නොවිණි. යානය මූදට කඩා වැටුණේ නම් කිසියම් හෝ සාක්කියක්, යානයේ කැබැල්ලක්වත් හමුවිය යුතු යැයි ද මලයාසියා පුවත්පත කියයි.
එය ඉන්දියන් සාගරයට කඩා නොවැටුණු බවත්, ආරක්ෂිතව දුපතට ගොඩ බෑමට හැකිවන්න ඇති බවත් සෝදිසි මෙහෙයුම්වල නියැළෙන පිරිස් විශ්වාස කරන බව ද එම පුවත්පත පවසයි.
යානය දියාගෝ ගාසියා දුපතට ගෙන යන්න ඇත්තේ කවුදැයි මෙතෙක් අනාවරණය වී නැත. සැක කෙරෙන්නේ ඇමෙරිකාව ඒ පසුපස සිටින බවය.
කලක් මුරුසි දුපතට අයිත් දියේගෝ ගාසියා අද බි්රතාන්ය පාලනයට යටත් පාදයක හැඩය ගත් ඉන්දියන් සාගරය මැද (ශී‍්‍ර ලංකාවට දකුණු දෙසින්) පිහිටි කොරල්පරවලින් සුසැදි දුපතක්. මෙහි ජනගහනය 4,239 කි.
නිව්යෝක් නුවර - ටොනවන්ඩාහිදීය(පරිවර්තනය තුෂාර සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉතින් මොනවා කියන්නද? (නි)
ඒ යානයේ හිටි මිනිස්සු එතකොට (දී)
ටිකක් ඉන්න හොඳ සාස්තරයක් කියන්නම් තව ටික දවසකින්. (ස)
කෝ අර රූපවාහිනි නාලිකා ඉස්සරහට ඇවිත් කෙපර බාන සාස්තරකාරයෝ ටික (ස)
ලංකාවට එවපු භූමිතෙල් ගහල ගිහින් එන්ජිම හිර උනාද මන්ද? (ස)
මම කියන්නම් සිද්දිය. යානය දියාගෝ ගර්ෂිය පැත්තට ගමන් කලා. ඇමෙරිකන් හමුදාව එය වෙඩි තබා විනාශකලා. මතකනේ 9/11 සිද්දියේ 4 වෙනි යානයට උන වැඩේ? (ස)
අර ලංකාවේ එක්කෙනාගෙන් අහන්නකෝ. (නි)
මේක උපක්‍රමයක්. ඔවුන් දන්නවා ඔය යානයට වුණ දේ (නි)
ඕක තෙල් ඉවරවෙලා කොහේ හරි නතර කරගෙන ඇති. හැමදාම කියනවා ඇති වෙන්න තෙල් ගහගෙන යමන් කියල. කෝ අහව්වද අහව්වද අහව්වද ?? (ස)
අනේ කොහේ හරි කමක් නැහැ. ගමන් ගත් මගීන් සුවෙන් සිටිනම් ලොකු වාසනාවක්. (දී)
මේ කියන කතා දැක්කම යානය කඩාවැටී නොමැති බවකුයි පෙනෙන්නට තියෙන්නේ (නි)
ඕක තියෙන්නේ වෙන තැනක (නි)
ඕක තියෙන්නේ ඔය තැන් දෙකෙන් එකකවත් නෙමෙයි මම හිතන්නේ (නි)
කාටවත් හරියට මේ ප්ලේන් එකට මොකද වුණේ කියල හොයාගන්න බෙැහැනෙ. (ස)
ඕක ඇමරිකාව පැහැර ගත්තා (දී)
අහන්නකො ලංකාවෙ ජ්‍යෝතිෂවේදීන්ගෙන් (නි)
මාතෘකාවට අදාල උත්තරය මට දැනෙන ලෙසට දියාගෝ ගාර්ෂියා වේ. (නි)
ඔය යානයට මොකද උනේ කියලා අපි දන්නවා (දී)