ට්විටර් ඔස්සේ ප්‍රසිද්ධියට පත් බානා ඇලබඩ් නම් ඇලෙප්පෝවේ හත් හැවිරිදි දරුවකු ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට විවෘත ලිපියක් යවා ඇත.
“ඔබ සිරියාවේ දරුවන් වෙනුවෙන් යම් දෙයක් කළ යුතුයි.ඔවුනුත් ඔබගේ දරුවන් වැනිය.ඔවුන්ට ද සාමය හිමි විය යුතුයි.“යැයි ඇය එම ලිපියේ සඳහන් කර තිබිණි.
ට්‍රම්ප් ජනපතිවරයා රූපවාහිනිය ඔස්සේ දැකීමෙන් පසු ඇය මෙම ලිපිය ලියු බවත් එය ට්‍රම්ප් මහතාගේ දිවුරුම් දීමට පෙර යැවු බවත් ඇගේ මව පවසයි.
එම ට්විටර් ගිණුම තමාගේ අධීක්ෂණය යටතේ සිදුවෙන බව ද මව කියයි.
බානා හා ඇගේ පවුලේ අය පසුගිය දෙසැම්බර් මාසයේදී ඇලෙප්පෝවෙන් පලා ගිය අතර දැන් ඇය තුර්කියේ ජීවත් වෙයි.ඇගේ ට්විටර් ගිණුම ප්‍රසිද්ධියට පත් වූයේ ඇය ඇලෙප්පෝව සම්බන්ධයෙන් නිකුත් කළ පණිවුඩ හේතුවෙනි.
සිරියා රජයේ විරුද්ධ පාර්ශව වලට තුර්කිය සහයෝගය දක්වන අතර සිරියාව සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්ථාවරය මෙතෙක් ප්‍රකාශ කර නොමැත.
ඇය විසින් ට්‍රම්ප් මහතාට යැවු ලිපිය
“දයාබර ඩොනල්ඩ් ට්‍රම්ප්,
මගේ නම බානා ඇලබඩ්.මගේ වයස අවුරුදු හතක් වන අතර මම ඇලෙප්පෝවේ ජීවත් වූ සිරියා ජාතික ගැහැණු ළමයෙක්.
මම දෙසැම්බර් මස සිරියාව හැර එන්නට පෙර මගේ ජීවිතයම ගෙවුණේ සිරියාවේ .මමත් සිරියානු යුද්ධයෙන් දුක් විඳපු දරුවෙක්.නමුත් දැන් මම මගේ අලුත් නිවසේ සාමයෙන් දිවි ගෙවනවා.
මම සිරියාවේ පාසලක හිටියේ.නමුත් බෝම්බ ප්‍රහාර නිසා ඒකත් විනාශ වුණා.මගේ යාලුවෝ ගොඩක් අය මැරුණා.
මට එයාලා ගැන දුකයි.එයාලා මාත් එක්ක හිටියානම් කියල හිතෙනවා.එහෙම වුණානම් මට එයාලා එක්ක සෙල්ලම් කරන්න තිබුණා.ඒත් සෙල්ලම් කරන්න බැරි වුණා.ඇලෙප්පෝ කියන්නේ ‘මරණයේ‘ නගරයක්.
නමුත් දැන් තුර්කියේ ගෙදර දී මට එළියට ගිහින් විනෝද වෙන්න පුළුවන්.මට පාසල් යන්නත් පුළුවන්.ඒ හින්දා තමයි ඔබ ඇතුළු හැමෝටම සාමය වැදගත් වෙන්නේ.
ඒත් සිරියාවේ එක එක පලාත් වල මිලියන ගණන් දරුවන් යුද්ධය නිසා විඳවනවා.ඔවුන් විඳවන්නේ වැඩිහිටි අයගේ වැඩ නිසා.
මම දන්නවා ඔබ ඇමෙරිකාවේ ජනාධිපති වෙනවා කියලා.ඒ හින්දා ඔබට සිරියාවේ දරුවන් ඇතුළු සිරියා වැසියන් බේරාගැනීමට පුළුවන්ද? ඔබ සිරියාවේ දරුවන් වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න ඕනෑ.ඔවුනුත් ඔබගේ දරුවන් වගේමයි.ඔවුන්ටත් සාමය ලැබෙන්න ඕනෑ
සිරියාවේ දරුවන් වෙනුවෙන් යම් දෙයක් කරන බවට ඔබ පොරොන්දු වුවහොත් මම ඔබේ අලුත් යාලුවෙක්.මම ඔබ කරන දේ ගැන බලා සිටිනවා.“
(ඡායාරූපය-ඒඑෆ්පී)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගම් දෙකක් අදහපු ලෝකයේ එකම රට එකම ගොඩනැගිල්ලක තුළ. තෙල් වලට තිබු කෑදරකම නිසා අද ඇමරිකාව විනාශකර දැමුවා. මොනතරම් ළමුන් හා වියපත් වැඩිහිටියෝ දුක්විදිනවද (නි)
ට්‍රම්ප්ට කියන ඇමෙරිකානු නායකයා රට භාර ගත්තේ ඔහුගේ අවුරැදු හතරෙ කාලසිමාව තුල ඇමෙරිකාව විනාශ කරන්න මිස රට හැදිමට නොව නියත වශයෙන්ම මෙය සිදුවේවි. (ර)
මෙවන් වදවේදනා සඟවාගත් මිනිසුන් තව කොපමණ ඇද්ද? (නි)
අජිත් ඔබට විස්තර අන්තර්ජලයෙන් බලාගන්න පුළුවන්. මෙය 2016 පළවුණු බොහොම ප්‍රසිද්ධ ලිපියක් හැටියට ගණන්ගන්නේ. පත්තර මහත් වරුනී මේවා පල කොරන්න හුදෙක්ම දැනුම වැඩි කර ගැනීම සඳහායි මේවා ලියන්නේ. (බ)
බමුණු, අයිඑස් ගරිල්ලන් හැදුවේ ඇමෙරිකාව නොවේ. අල්කයිඩා සංවිධානය ඉරාකයේ පරාජය වෙනකොට එයට අනුරූප ත්‍රස්තවාදී සංවිධානයක් ඉරාකයේ බිහිවුණා. ඔවුන්ට ආයුධ සපයන්න ඕනෑතරම් අය මුදල් තියනවා නම් හොයාගන්න පුළුවන්. කොහොම වුණත් අයිඑස් අරාබිකරයේ පතුරුවන්නට නම් ඇමෙරිකාව ලිබියාවේ සහ සිරියාවේ කළ මෝඩකම් උදව්වුණා කියන එක නම් ඉතා පැහැදිලියි. ට්‍රම්ප් කරන මේ වැඩ නිසා ඔවුන් ඉතාම පහසුවෙන් ඔවුන්ගේ ඉලක්ක වලට යනවා සිකුරුයි (නි)
බමුණු, ඔයා කියන දේ හරියටම හරි. (නි)
සමාධි, අයිඑස් ගරිල්ලන් හැදුවේ කව්ද? ආයුධ ලැබුනේ කෙසේද? ලෝකේ ගරිල්ලා සංවිධාන වලට ආයුධ ලැබෙන්නේ කෙසේද? ඇමරිකාවේ හදපු ආයුධ එල් ටී ටී ඊ එකට ලැබුනේ කෙසේද? ඕවා ගැන ඉගෙනගන්න ඔයා බලන මේ අන්තර්ජාලයෙන් බැරිය. (නි)
බමුණු, මෝඩ කතා කියන්න එපා. ඇමරිකානුවන්ට ආයුධ විකුණන්න පුලුවන් නීත්‍යානුකූල හමුදා වලට පමණයි (නි)
හැම දෙයක්ම කරන්නේ අල්ලාගේ කැමැත්ත අනුවනේ. වෙනසක් කරන්නම ඕන නම් එයාටම තමා කියන්න ඕන. (බ)
සමහර දේවල් තේරුම් ගන්න ඔබ තාම පුංචි වැඩියි. ඇමරිකාවේ ප්‍රධාන අාදායම් මාර්ග වලින් එකක් තමයි යුදායුධ විකිණීම. ලෝකේ යුද්ධ නොපවතින්නේ නම් ඇමරිකාව කාටද ඒවා විකුණන්නේ. මිනිස්සු චිත්‍රපටි නරඹන්නේ නැත්නම් හොලිවුඩ් මොකටද. අරාබි රටවල් යුද්ධ වලට පටලවාගත්තොත් විශාල අාදායමක් සමඟ කුණුකොල්ලයට තෙල් ටික ලබාගන්න පුළුවන් බව ඇමරිකාව දන්නවා. ඇමරිකාවේ ඔය ප්‍රතිපත්තිය ට්‍රම්ප් මහතා වෙනස් කළොත් ලෝකයට සහනයක් වේවි. (නි)
ට්‍රම්ප්ට ලියුම් යවලා වැඩක් නැහැ, අසාද්ටනේ යවන්න ඕනෑ. වෙන රටක නායකයෙක් යාලු කරගෙන වැඩක් නැහැනේ. (නි)
දයාබර දියණියේ,ඔබ තාම නොදන්නා දෙයක් මා ඔබට කියන්නම්. ඇමෙරිකාව කෙනෙකුට උදව්කරන්නේ කෙටිකාලීන හෝ දිගුකාලීන විශාල වාසියක් එයාලට ලැබෙනවා නම් පමණයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ට උනත් එයින් පිට යන්න බැරිවේවි. කෙසේවෙතත් අපි ධනාත්මකව හිතමු.(ම)
මෙතන ආගම සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැත. ඔය භූමිය අත්පත් කරගන්න ලොව බලවත් රටවල් මෙහි යුද්ධයක් ඇතිකරනවා. ලංකාවට යුධ චෝදනා දැමීම හා සමාන ප්‍රශ්නයක්. (නි)
යුද්ධය නරකයි. එ්ත් මේ ඔක්කොම කතා කරන්නේ තම තමන්ගේ රටවල් ගැන විතරයි. සිරියාවේ විතරක් නෙමෙයි ලෝකේ ගොඩක් රටවල ළමයි කන්ඩ නැතුව මැරෙනවා. දුකයි තමයි. මොකද මැරෙන්නේ ජීවත්වෙන්න ඕනෑ අහිංසක මිනිස්සු. එ්ත් ඔය කියන දේ ඔයාගේ රටට විතරක් පොදු දෙයක් නෙමෙයි දුවේ. (නි)
චමල්, ඔබ හරියටම හරි. (නි)
ධම්ම, ඔබට පෙනෙන්නේ ඇමෙරිකාව විතරද. බොහොමයක් දියුණු රටවල් ඔයවගේ තමයි. ඉස්සර ආධාර දුන්නට දැන් දෙන්නේ ණය. චීනයත් අපට ණයට දුන්නා. ඔවුන් දන්නවා අපට ගෙවාගන්න බැරුව ඔවුන්ටම විකුණනවා කියලා. ඕවායින් පාඩම් ඉගෙනගෙන අපේ පාලකයන් හැදෙනකොට රට විනාශවෙලා ඉවරයි. (නි)
හැමෝටම සාමය උදාවෙන්න කියලා ඔය ලියුම අන්තවාදීන්ට යැවුවා නම් තවත් හොඳයි (නි)
ට්‍රම්ප් දැනටමත් සිරියාව අයින් කරලා ඉවරයි. මේ ළමයාගේ ලියුමට ප්‍රතිචාර නැති වෙන්න පුළුවන් (බ)
ඔබගේ ඔය ලියුම වෙනස් විදිහකට මගේ දරුවට ලියන්න වේවි ඉස්සරහට ලංකාවේදී. ආගමක් උදෙසා ලෝකය විනාශ කරන්නේ සහ ඊට සහයෝගය දෙන්න බලන අයට තමා ලියුම් දාන්න ඕනේ .(බ)
මේ ලමයව යුද්දේ කාලෙත් "කැරලි කරුවන් " විසින් වාසි ගන්න පාවිච්චි කළා ,දැනුත් කරන්න පටන් අරන් .මෙයාගේ අම්ම කාට සම්බන්ධද කියල හොයල බලන්න ඕනේ (බ)
සිරියාවේ දරුවන් වෙනුවෙන් පමණක් නොව මුළු ලෝකෙම දරුවන් වෙනුවෙන් ඉස්ලාම් අන්තවාදය අතුගා දැමිය යුතුයි . එය ලංකාවටත් පොදුයි. නොබෝ දිනකින් අපද එම බිහිසුණු අත්දැකීමට මුහුණ දෙනු ඇත (ම)