පකිස්තානයේ පෙෂාවර්හි මරාගෙන මැරෙන ප්රහාරයකට පැමිණි සිව්දෙනකු මරා දැමූ බව විදෙස් පුවත් සේවා පවසයි.
පෙෂාවර්හි ක්රිස්තියානි කොලනියකදී මරාගෙන මැරෙන ප්රහාරකයින් හා ආරක්ෂක අංශ අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී එසේ සිව් දෙනකු මිය ගොස් ඇති අතර සිවිල් වැසියකුද මියගොස් ඇතැයි කියති.
වෙඩි හුවමාරුවේදී සෙබළුන් දෙදෙනකු, පොලිස් නිලධාරියකු හා ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ද කියති.
මේ වන විට තත්ත්වය පාලනය කර ඇතැයි පකිස්තාන ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ලංකාවෙ නම් මෙහෙම මරාගෙන මැරෙන බෝම්බ තිබිලත් නැහැ, අපි නම් අහලත් නැහැ, අපිට එහෙම ඉතිහාසයක් තිබිලම නැහැ (නි)
අම්මෝ! මම බයවුණ තරමක්... මම හිතුවේම කොටි ආපහු ඇවිල්ලා කියලයි (නි)
මේ කොලනිවල ඇති දේවස්ථානවල අපේ පූජකතුමන්ලාත් සේවය කරනවා. ඉස්ලාමාබාද් ශ්රී ලංකා තානාපති කාර්යාලය මේ ගැන සොයා බලන්න.(රේ)