මානව හිමිකම් සුරකින්නැයි ලෝකයාට උපදෙස් දෙන ඇමෙරිකාව අමු අමුවේ මානව හිමිකම් උල්ලංගනය කරන බවට චීන රජය චෝදනා කරයි.
චීනය එම චෝදනාව එල්ල කළේ ‘2012 වසරේ ඇමෙරිකාවේ මානව හිමිකම් කටයුතු’ යන නමින් සකස් කළ වාර්තාවක් ද එළිදක්වමිනි.
ඇමෙරිකාව ලොව පුරා සිදු කරන හමුදා සංග්රම හේතුවෙන් විශාල වශයෙන් මානව හිමිකම් උල්ලංගනය වීම් සිදුවෙන බව එම වාර්තා වේ සඳහන් වෙයි.
ඇමෙරිකාවට අයත් කියුබාවේ කෙළවරක පිහිටි ග්වන්තනාමෝ බේ සිරකඳවුරේ සිරකරුවන්ට සිදුවන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් ඇමෙරිකානු රජය කටයුතු කරන ආකාරය ද මානව හිමිකම් උල්ලංගනය කිරීමක් බව ද එම වාර්තා වේ වැඩිදුරටත් සඳහන් වෙයි.
ඇමෙරිකාව තුළ ගිනි අවි නිසා සිදුවන අපරාධ ඉහළ යෑම නිසාත් ඇමෙරිකාව තුළ ගිනි අවි පාලනයක් නොවීම නිසාත් සිවිල් වැසියන්ගේ ජීවිත නිරන්තරයෙන්ම අවදානමට ලක් වන බවත් චීන රජය වැඩිදුරටත් කියා සිටී.
ඇමෙරිකාව සහ චීනය අතර පවතින්නේ සීතල යුද්ධයකි. චීනයේ ඇතැම් කි‍්‍රයාකාරකම් නිරන්තරයෙන් ඇමෙරිකාවේ විවේචනයට හේතු වන අතර චීනය මානව හිමිකම් උල්ලංගනය කරනවා යැයි චෝදනා කරයි.
ඊට අමතරව පසුගිය දිනවලදී ඉරානය, රුසියාව, වෙනිසිලාව, බංග්ලාදේශය සහ ඊජිප්තුව ද මානව හිමිකම් උල්ලංගනය කරනවා යැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව චෝදනා කරයි.
චීන රජය එම වාර්තාව නිකුත් කරද්දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැකීමේ සංවිධානයෙන් ඇමෙරිකාවට ද මානව හිමිකම් කැඩුවේ යැයි චෝදනා එල්ල විය.
නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඇමෙරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයේ සිටින ඉස්ලාමීය සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ද මානව හිමිකම් උල්ලංගනය සිදුවන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැකීමේ සංවිධාන චෝදනා කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ ඔය කියන මානව හිමිකම් 100% රකින්නේ මොන රටේද? එහෙම කරන්නත් පුලුවන්ද? එහෙත් චීනය කියපු කතාව රත්තරන් වටිනවා. ඇමරිකාව කරන දේවල් හරි කියලා ඇමරිකාව හිතාගෙන ඉන්නවා. එයාලා මානව හිමිකම් කඩන අංක 1 රට බව ඇමරිකාව හැර අනිත් සියලු දෙනා දන්නවා. චීනයට අපේ සුබ පැතුම්. (නි)
මේක තම බල කාමය. ලොකු එකා පොඩි එකා ඩැහැගැනීම. (නි)
චීනය අපේ මිත්‍රයෙක් වුණත් බලය කියන සංකල්පයේදී චිනෙ කරන්නේත් අන් රටවල් හා සමානවය. චිනේ ඉන්දියාවේ හතුරෙක්.අපව පාවිච්චි කරන්නේ ඉන්දියාවට සරදම් කරන්න. දලයි ලාමට ලංකාවට එන්න නොදෙන්න බලපෑම් කරන්නේ චිනේ.එක තමා බලයේ හැටි. (නි)
අදටත් චීනය හොංකොං,ටිබෙටය,තායිවානය තමන්ගේ යටත් විජිත ලෙස පවත්වාගෙන යනවා.චීනය හදපු විදුලි බලාගාර අක්‍රිය වෙච්ච හින්දා තමයි විදුලි බිල වැඩි වුනේ. (නි)
වෙනුරලා වගේ කුහකයෝ අතීතයේත් හිටියා.වර්තමානයේත් ඉන්නවා.අනාගතෙත් බිහිවේවි. (නි)
මධූලා වගේ ගැත්තෝ ඕනෑ තරම් අතීතයේත් හිටියා. වර්තමානයේත් ඉන්නවා.අනාගතයේත් තව බිහිවේවි. (නි)
ඇමරිකාවට වීසා දෙනවා නම් සිල්වා උඩ පැනලා යයි. මිදි කන්න බැරි වුණ නරි රැලක් මට මතක් වුණා. ඇමරිකාවට රිද්දන්න කිසි කෙනකුට බැහැ. මගේ සහාය ඇමරිකාවට ! (නි)
මේ වගේ දෙයක් කරන්න කාටද හයියක් තිබුනේ? (නි)
එයා මෙයාට කියනවා මෙයා එයාට කියනවා. මාර කඹ ඇදිල්ලක් තමයි. (අ)
චීනෙ නීතිය චීනෙට විතරයි. අමෙරිකාව වගේ ලෝකෙටම වණයක් නෙවෙයිනෙ. නිකමට බලනවල අමෙරිකාව රටවල් කීයක් විනාශ කරල තියෙනවද කියල? මගේ අදහස නම් අමෙරිකා දේශපාලනය ලෝකයට පිළිකාවක්. මේ වගේ ලෝකයට වදයක් වූ රටවල්වලට අත්වූ ඉරණම කවදාක හෝ අමෙරිකාවටත් අත්වේවි. (අ)
චීනා,නිදාසිටින යෝධ සිංහයෙකු වැනිය. ඔවුන් අවදි නොකරනු! තවත් අටුවා ටිකා කුමටද? චීනාට ජයවේවා! මධු, ඇමරිකාව ලොව තුල කරන අපරාධ ඔබට නොපෙනෙන ඔබ තවම අදුරේ අතපත ගාන කෙනෙකි. (නි)
චීන්නුන්ට කවුද බය? ඇමරිකාවට මගෙන් සුබ පැතුම්! (නි)
චිනේ පුද්ගලික මාධ්‍යය නැහැ.දේශපාලන පක්ෂ නැහැ.ආගම පුද්ගලිකව අදහන්න පුළුවන්. හැබැයි ආගම මහා පරිමානෙන් සංවිධානේ කරන්න, රැස් වෙන්න,උත්සව තියන්න බැහැ. (නි)
මඩු ඔයත් ඇමරිකන් කාරයාගේ අලගේදිය කල වගේ (අ)
අපේ ලංකාවේ මිනිසු හිතන විදිය හරිම අපුරුයි. චීනය ගැන හොදට දන්නවා. එහෙත් ලෝකේ තියන ශක්තිමත්ම රජය ,ආර්ථිකය තියන රට ගැන දන්නේ නැහැ. චීනය තමන්ගේ රට විනාශ කිරීමට දගලන ඕනෑම බලවේගයක් විනාශ කරන්න පසුබට වෙන්නෙ නැහැ. කොන්ද කෙලින් තියෙන මිනිසු ඉන්න කිසිම රටක් තවත් රටකට බයවෙන්න ඕනෑ නැහැ. (නි)
බොස්ටන් බෝම්බය, චීනයේ ප්‍රකාශය ජ්‍යාත්‍යන්තරයට ගෙන යන්න අපේ තානාපති අංශ කටයුතු කළ යුතුයැයි මා සිතනවා. (නි)
බොහොමයක් චීන කෙල්ලෝ ඇමරිකන් කොල්ලෝ කසාද බැඳ ගන්නවා. ඒ චීනෙට වඩා ඇමෙරිකාවේ නිදහස තියෙන නිසා.චීනය ගැන දන්නා දේවල් ඕනෑ තරම් කියන්නම්.මොකද මමත් චීනේ හිටපු නිසා. (නි)
ලොව ලොකුම සංක්‍රමණික ජනගහනය චීන්නු. ඔවුන්ගේ සිහින ගමනාන්තය ඇමරිකාව. ඔවුන් ඒ සදහා ඩොලර් බිලියන ගණනින් වියදම් කරනවා ඇමරිකාවේ අද්යාපනය සදහා. චිනේ ආර්ථිකය හොඳ උනත් නිදහස නෑ. එකයි හේතුව. (ස)
ඇමරිකාවට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන්න පාකිස්ථානය අවසර දී ඇති බව විකිලීක්ස් හෙළි කර ඇත.ඒ වගේම ඇමරිකාවේ ගිනි අවි භාවිතය ඒ ඒ ප්‍රාන්තවල ජනතා කැමැත්තෙන් සම්මත වූ නීති වලින් ලැබී ඇත.අදටත් ඇමරිකාවට යන්න චීන්නු පොර කන්නේ මානව හිමිකම් කඩ වෙන හින්දා වෙන්න ඇති නේද? (නි)
චීන රජයට විරුද්ධ වුණ අය 5000 පමණ පැය කිහිපයක් ඇතුලතදී රතු චතුරශ්‍රයේදී වෙඩි තියලා මරාදාපු අයද මේ කතා කරන්නේ? (නි)
දන්නා තරම තමයි ඔය (නි)
එතකොට චීන්නු මානව හිමිකම් කඩන්නේ නැතිද? මානව හිමිකම් ගැන බලනකොට ඔය දෙගොල්ලම එකයි. චීන පාලකයින්ට විරුද්ධව කතා කරන එක්කෙනෙක් චීනෙන් හොයා ගන්න පුලුවන්ද? කතා කලොත් දඬුවම ස්ථිරවම ලැබෙනවා.(නදී)