ඇමරිකාවේ ජනපතිවරණයට සමගාමීව නොවැම්බර් 8 වැනිදා පවත්වන නගර සභා මැතිවරණය වෙනුවෙන් පළමු වතාවට ශ්‍රී ලාංකිකයකු ද එක්ව සිටියි.
ප්‍රාන්ත 52ක් සඳහා මැතිවරණය පැවැත්වෙන අතර නිව්ජර්සි ප්‍රාන්තයේ මිඩ්ල්සෙක්ස් නගර සභාව වෙනුවෙන් ශ්‍රී ලාංකිකයකු වන අනුර රූපසිංහ මහතා ඉදිරිපත්වේ. ඔහු රිපබ්ලිකන් පක්ෂය වෙනුවෙන් නාම යෝජනා ලබා දී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ නිව්යෝර්ක්, නිව් ජර්සි ශාඛාවේ සභාපති ලෙසද ඔහු කටයුතු කරයි.
ප්‍රසිද්ධ නැව් භාණ්ඩ සමාගමක හිමිකරුවකු වන රූපසිංහ මහතා ප්‍රසිද්ධ සමාජ සේවකයකු ද වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පළාතත් ඉවර වෙයිද ..?ලංකාවේ වගේ ..?අපේ දේශපාලකයෝ පෙනෙනවනේ ..ජනතාවට සේවය කරන්නේ ඩියුටි ෆ්‍රී වාහනේ ගිහින් කඩු කුඩු කිනිසි පිස්තෝල බෝම්බ වලින් ..? අපිට අම්බානට සලකනවා ...ලංකාවේ ......හරිම ෂෝක් අනේ අාසාවේ බැහැ.? (බ)
අපෙත් සිංහලයෙක් ගියවර තේරුනා මෙල්බන් සුළු නගර සභාවක. ඒත් මේ සැරේ වෙන දෙපළක් ඉල්ලලා කලින් හිටපු සභිකයාගේ ඡන්ද යම් ප්‍රමාණයක් අත්පත් කරගෙන ඔහුව පරාජය කර දැම්මා. ලංකාවේ වගේමයි. දිනන්න බැරි බව දැන දැන තමයි ඉල්ලුවේ. ඔවුන් දෙදෙනාගේ ප්‍රධාන අරමුණ වූයේ කලින් සිටි කෙනා පරාජය කර දැමීමයි. (නි)
ඔබට අපගේ සුභ පැතුම්! (නි)
සුභ පැතුම්. විය යුතු දේවල්.(ම)
අපෙනුත් සුබ පැතුම්. (බ)
අතාරින්න එපා ජනාධිපති තරගයටත් ඉල්ලන්න ඊළඟ පාර. දිනන්න පුළුවන් මේ යන විදියට.(බ)
සිංහලයෙක්. මට හරිම සතුටුයි.(හේ)
පොඩි සන්තෝසෙට කරන සෝබන වැඩ. කවුද දන්නේ ඕවා (බ)
අබය කියන දෙයින් හොදින්ම සාක්ෂාත් වෙන දේ නම් ලාංකිකයන්ට අනන්‍ය වූ ඉරිසියාවයි. දෙවෙනුව ඉල්ලු දෙදෙනාගේම ප්‍රධාන අරමුණ වූයේ කලින් සිටි කෙනා පරාජය කර දැමීමයි. අද රටේ බොහෝ විරෝධතා ව්‍යාපාර වලට මුල තව කෙනෙකුගේ දියුණුවට තිබෙන ඉරිසියාවයි. අපේ ඉදිරියට යන ජාතියක් නොවන්නේ මේ නිසයි. (බ)
ඔබට අපගේ සුභ පැතුම් (බ)
ඉරිසියාව ඇතිවන්නේ, තමන් ඉතාම හොදින් දන්නා, හඳුරන කෙනෙක් සමගින් පමණයි. (බ)
සිංහල භාෂාව කතාකරනා තුරු, අපට ආවේණික සංස්කෘතිය තමාගේ සංස්කෘතිය යයි පිළිගන්නා තුරු ඔහු සිංහලයෙකි. එහෙත් ඇමරිකානුවන් ලාංකිකයින් නොවේ (බ)
අනුර රූපසිංහ මහතාට ඇමරිකාවේ නගර සභා මැතිවරණයෙන් ජයවේවා පතමු! අපේ මවුබිමට එය විශාල කීර්තියක්. අපේ මවුබිමට ජයවේවා!
ඔබට සුභ පැතුම්...සමග ජය පතමි. (බ)
සුබ පැතුම් අපෙන්! (නි)