ඇමෙරිකා ජනපති ආර්යාව එරට රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය හෙලා දැක ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
මිචෙල් ඔබාමා ප්රජාතන්ත්රවාදී ජාතික සමුළුවේදී තම සහය ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලින්ටන් වෙත ලබා දෙන බව නිවේදනය කරමින් මේ බව පැවසුවාය. රුපවාහිනියේ පිළිකුල් භාෂාවෙන් කතා කරන ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රටේ සැබෑ බලය නියෝජනය නොවන බව ඇය ප්‍රකාශ කළාය.
මෙහි විශේෂත්වය වන්නේ එම කතාවේදී ජනපති ආර්යාව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම සදහන් නොකර ඔහු ගැන විවේචනය කිරීමයි. නම සදහන් නොකළ නමුත් ඉතාමත් පුළුල් ලෙස ඔහුගේ ක්‍රියාකලාපය පිළිබද විවේචනයක් ඉදිරිපත් කළාය. මිට පෙර එරට වොර්මන්ට් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් ද තම සහය හිලරි ක්ලින්ටන් වෙත ලබා දෙන බව ප්‍රකාශ කීවේය.
” ක්ලින්ටන් අපගේ විවධත්වය අපේ ශක්තීන්ගෙන් එකක් බව වටහාගෙන සිටිනවා”යැයි ඔහු පැවසීය.
සැන්ඩර්ස් එරට ජනාධිපති අපේක්ෂක තරගයේදී හිලරි ක්ලින්ටන්ගේ එදිරිවාදියා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිලරි අාවොත් ලංකාවට ඒතරම් හිතකර වෙන්නේ නැහැ. (නි)
එයා ඉතින් හිලරිට නැතුව කාට සපෝර්ට් කරන්නද? (නි)
ඒ උනාට ටිකිරි, මිෂෙල් ඔබාම මහත්මියට තිබුනනේ, තමන්ගේ දරුවෝ දෙන්න ලොකුමහත් වෙන කම් වත් ඔය ජනාධිපති තනතුර වෙනුවෙන් සටනක් කරලා ඇමරිකාවේ ජනාධිපති වෙන්න. හිලරි ක්ල්ට්න්ටන්ලාව ඕනවට වඩා කරට ගන්න ගිහින් තමයි එයාට මේ වැඩේ උනේ? (ර)