බැරක් ඔබාමා සිය ජනපති ධූර කාලය නිමා කිරීමට නියමිත අතර ජනපති ආර්යා මිචෙල් ඔබාමා අවසන්වරට ධවල මන්දිරයේ දී ඇමරිකා ජනතාව ඇමතුවාය. ඇයට සුබ පැතීමට ඇමරිකානුවන් සංවිධානය කර තිබූ උත්සවයකදී ඇය සංවේදී කතාවක් කළ බව විදෙස් මාධ්‍ය කියයි.
රට ගොඩනැගීමට එක්වන ලෙස ඇය ඇමරිකා ජනතාවගෙන් ඉල්ලා සිටි බව විදෙස් වාර්තා පවසයි.
රටට සේවයක් කිරීමට ඉදිරිපත්වන ලෙසත් අධ්‍යාපනය ලැබීම ඉතා වැදගත් බවත් ඇය කියා ඇත.
‘අපි අපේ ජීවිතයේ මුහුණදෙන සැකය හා බෙදීමටත්, තරහ සහ බියටත් එරෙහිව නැගීසිටින්නට බලාපොරොත්තුව මූලික විශ්වාසය කර ගත යුතුයි. අපේ බලාපොරොත්තුව විය යුත්තේ අපි ශක්තිමත්ව වැඩකර අපි ගැන විශ්වාස කිරීමයි‘ යැයි ද මිචෙල් ඔබාමා පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක වෙන්න ඇති මිනිහ නමගිය ත්‍රස්තවාදීන්ව නිදහස් කළේ (බ)
ඉතාමත්ම අගනා කතාවක්. එය අගයමු. එකතු වී වැඩ කිරීම රටක් දියුණුවට මගයි, ස්තුතියි. (බ)
මෙයා ලැහැස්ති වෙන්නේ 2021 ඇමරිකානු ජනාධිපතිවරනේ ඉලක්ක කරලා වගේ.(රේ)
ඒකට අපේ රටේ හිටපු එවුන්. රට පුරා වයිරය පතුරවල රට ගිනි තියලා ගියේ. තුහ්හ්හ් නොදකින්.. තවත් රට ගිනි තිය තියා ඇවිදිනවා. (බ)
අනුලා කොහෙන් හරි කෑල්ලක් ඇහිඳගෙන, හරියට නොදැන කියවන්න එපා.(රේ)
ඔබාමාගේ අවසාන බල කාලයේ ඔවුන් විසින් කළ යුධමය ක්‍රියා සහ වෙනත් රටවල තමනට අවනත් නොවන රාජ්‍යන් පෙරලා දැමීමට කටයුතු කිරීමත් නිසා ඔබමාව තම රටෙත් විදේශ රටවලත් පිළිකුලට භාජනය වුණා (නි)
ඇමෙරිකාව වගේ නොවෙයි ලංකාව. ලංකාවේ දේශපාලනය කියන්නේ හොද රැකියාවක්, ඒත් ඇමෙරිකාවේ දේශපාලනය කරන්නේ රටට සේවයක් දෙන්න, නරක අය ඇති ඒත් ඉතාමත්ම අඩුවෙන්. ඔය කියන්නෙත් වෛරයෙන් බව කියන විදිහෙන්ම පේනවා. ඉතින් එහෙම නම් අනිත් අය ගැන කවර කතාද? (අ)
නිලූ, බෝම්බ වලින් ගිනිගත්ත රටේ බයේ හැංගිලා ඉඳපු ඔයාලට බය නැතුව කෙල ගහන්නත් දැන් පුළුවන් නේද?ඕකට කියන්නේ ගුණමකු කම කියලා. (බ)
අමරණීය චරිතයක් (නි)