ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බස් රථ රියදුරකු (29) ගිනි තබා මරා දමා ඇතැයි වාර්තා වෙයි.එම බස් රථයේ ගමන් ගත් මගියෙකු ඉන්ධන යැයි කියන ද්‍රව්‍යයක් රියදුරාගේ ඇඟට ඉසීමෙන් අනතුරුව ගිනි තබා ඇත.
ටැක්සි රථ රියදුරෙකු බස් රථයේ සිටි හය දෙනකු රථයෙන් එළියට ගෙන ඇති බවත් දුම ශරීරගත වීම නිසා 11 දෙනකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බවත් එරට මාධ්‍ය පවසයි.ගිනි නිවීමේ දෙපාර්තුමෙන්තුව හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර සේවාව සුළු කාලයක් තුළ ක්‍රියාත්මක වූ බව බලධාරීහු කියති.
සිදුවීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදී ක්‍රියා යටතේ චෝදනා ගොනු කර ඇත.
මෙය කනගාටුදායක පුවතක් බවත් රියදුරාට ගෞරව දැක්වීම සඳහා නගරයේ සියලු ධජ අඩකුඹු කර සිටින බවත් නගරාධිපති ග්රැහැම් ක්වර්ක් පැවසීය.
හදිසි සේවා අංශ සිද්ධිය වූ ස්ථානයේ
(ඡායාරූප-ඒබීසී පුවත්)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මියගිය තැනැත්තා පන්ජාබයෙන් පැමිණි ඉන්දියානුවෙක් . ඔහු ඉන්දියානු ජන සමාජයේ ජනප්‍රිය ගායකයෙකු බව සඳහන් වුන අතර හින්දි නළුවෙක් වැනි ආකර්ශනීය පෙනුමක් ඇත්තෙක් . ඔහුට නිවන් සැප (බ)
සෑම්, බොරු දෙසාබාන්න එපා. ඉන්දියානුවෝ තමයි ඕස්ට්‍රේලියාවෙත් ලෝකේ කොහෙත් වැඩිපුරම ටැක්සි එළවන්නේ
මිනිසුන් මොනතරම් ම්ලේච්ඡද? (නි)
අනේ දෙයියනේ මෙහෙමත් දේවල්! (නි)
සෑම්, හින්දි නළුවන්ට කියලා එහෙම විශේෂ පෙනුමක් තිබෙනවද? මට නම් ඔය කොයි නළුබට්ටත් එකයි. (නි)