සෞදි අරාබියේ මක්කම පිහිටි ප්‍රධාන මුස්ලිම් පල්ලිය වෙත දොඹකරයක් කඩා වැටීමෙන් 65 දෙදෙනකු මියගොස් ඇතැයි එරට සිවිල් ආරක්ෂක අධිකාරිය කියයි.
මෙම අනතුරෙන් තවත් 154දෙනෙක් තුවාල ලැබූහ.
සමාජ මාධ්‍ය ජාල හරහා හුවමාරු වූ ඡායාරූපවල දැක්වුණේ, විශාල දොඹකරයක කොටසක් පල්ලියේ වහලය වෙත කඩා වැටෙන අයුරුය. එම අවස්ථාවේ දැඩි වර්ෂාපතනයක් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රියාද්හිදීය (ඒ.එෆ්.පී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. (නි)
ඔය දිනය මේ ලෝකයට මාරක දවසක් වගෙයි. මතකද දැන් කාලයකට ඉස්සර ත්රස්තවාදීන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට කළ ම්ලේච්ඡ පහරදීම? (නි)
සමහරු කරන අමානුෂික මිනිස් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මහී කාන්තාව කම්පාවන අයුරු තමයි මේ. (නි)
අනේ මාලී, හරිම සංවේදී පුවතක් නේද. මොනවද ඔයා මක්කම හජ්ජි වන්දනාව ගැන දන්නේ? (නදී)
ජීවිතය අහිමි වූ සියලු දෙනාගේම ආත්මයට සැනසීම පතනවා (නි)
අනේ අප්පේ මේ මොන අපරාධයක්ද? හරිම කණගාටුයි (නි)
මොනදේ වුනත් දුක හිතෙන සිද්ධියක්. (බ)
මොහොමඩ්, ඔයාගේ කීමට මම එකඟයි. ඔයා තව තවත් විශ්වාසය වැඩිකර ගන්න. (නි)
හද සසළ කරවන සිදුවීමක් (නි)
කණගාටුදායක සිදුවීමක්! (නි)
මේ මැරුන සියල්ලන් අල්ලාහ් දෙවියන්ගේ ස්වර්ගයට එසැනින් යාමට අවස්තාව ලද කොටසකි. මෙලොව වසනවාට වඩා අල්ලාහ් දෙවියන්ගේ ලෝකයේ විසීමට ඔවුන් පින් කර තිබිණ (නදී)
දර්ෂා හරි (නදී)
මොනවා වුණත් දෙවියන්ගේ කැමැත්ත හා බලය ! .. පව් ඉතින් මැරෙන්නේ මිනිස්සු ! (අ)
මොනා වුණත් ජිවිත කියක්නම් මේ නැති උනේ. (අ)
අපරාදයක් (නදී)
අනේ දෙවියනේ! පවු අහිංසක මිනිස්සු (නි)
පව්! සංවේගී පුවතක්. මක්කම වාර්ෂික පැවැත්වෙන හජ්ජි වන්දනාවට සුදානම් වෙද්දී වෙන්න ඕනේ මේ අනතුර වෙලා තියෙන්නේ. දොඹකරය අයිති කොම්පැනිය මොන තරම් කාර්මික අතින් දියුණු එකක් වෙන්න ඇද්ද? එහෙම වෙලත් මෙවැනි අනතුරු අහන්න ලැබෙනවානේ. (නදී)
ඉතාමත් කණගාටුදායක සිදුවීමක් (නි)